(අංජුල මහික වීරරත්න)
පැන්ඩෝරා සහ පැනමා පත්‍රිකා මගින් හෙළිදරව් කොට ඇති නීති විරෝධී අයුතු විදේශ ආයෝජනයන් හා තැන්පතු කරුවන් පිළිබඳව තරාතිරම නොබලා පරීක්ෂණයක් කොට ඔවුනට විරුද්ධව කටයුතු කරන්නැයි "රට රකින ජන හඬ" සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් පවසන්නේ පැන්ඩෝරා පත්‍රිකා මගින් නම හෙළි වූ තිරු නඩේෂන් මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියම කිරීම අගය කරන බවයි .
එමෙන්ම නීති විරෝධී ලෙස විදේශ වත්කම් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයන් 93 දෙනකුගේ නම් පැන්ඩෝරා පත්‍රිකාවල ඇතුළත් බව මාධ්‍යයන්හි පළවී ඇති හෙයින් විමර්ශන එක් පුද්ගලයකුට සීමා නොකර ඉහත සියලුම දෙනා සඳහා පරීක්ෂණ අරඹන ලෙස ද මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියෝ ඉල්ලා සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වැසියෝ බලා සිටිති.
ආයෙත් හෙද වර්ජනයක් ආවොත් පඩි කපනවා හොඳේ.
දැන්වත් බනක් භාවනාවක් ගැන හිත යොමු කරොත් නරකද හාමුදුරුවනේ
පැනමා, පැන්ඩෝරා කෙසේ වෙතත් අන්තිමට A4 පේපර්ස් ගැන පරීක්ශනයක් තියලා, වැරදිකරු කරලා, පාවිච්චිය තහනම් කරයි. එහෙව් බඩු හාමුදුරුවනේ මේ........
හාමුදුරුවෝ හැම දේටම පනිනවා බුද්ධාගම ගැන විතරක් නැතුව .
හරි හරි උන්නැහේ...