කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතිව සරසවි නිබන්ධන යනු මොනවාදැයි නොදන්නා ඕනෑම කෙනකුට රුපියල් දෙලක්ෂයකට ආචාර්ය, මහාචාර්ය, පට්ටම්ද නම්බුනාමද දෙන තැනකට එසැණ වාර්තාකරු කාංචන කුමාර ආරියදාස ගියේය. රුපියල් සියයකට හා ලියුම් කවරවල දැමූ කොස්කොල කිහිපයකට මහාචාර්ය පට්ටමද සන්නසද, පිත්තල ඵලකයද, කුලියට ගත් ලෝගුව හා හිස් වැස්ම පැළඳ ඡායාරූපයක්ද ඔහුට හිමිවිය.
මේ උපාධිය පිරිනැමුයේ සමස්ත ලංකා ඕල්කට් උපාධි හා සරසවි ආයතනයයි. රුපියල් දෙලක්ෂය බැගින් අයකර දැනට 150 දෙනකුට ඇඳුරු මහැදුරු පට්ටම් දෙන මේ ආයතනය මහනුවර මහයියාවේ කන්දක් උඩ පන්සලක පිහිටියේය. ගාල්ලේ එස්. ඒ. කාරියවසම් එහි ප‍්‍රධානියාය. මල්දෙණියේ වජිරඥාන හිමි අතින් කාංචන ”පිනා මහාචාර්ය” පදවියේ සන්නස ලැබීය. ඔහුට වියදම් වූයේ රුපියල් සියයකි. ඔහු සමග ආ තවත් මාධ්‍යවේදියෙක්ද තවත් පිනා මහැදුරු පදවියකින් පිදුම් ලැබුවේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් බලන්න, හොදක් වෙයිද? (නි)