IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පිනාචාර්ය කඩයක් මහනුවර

කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතිව සරසවි නිබන්ධන යනු මොනවාදැයි නොදන්නා  ඕනෑම කෙනකුට රුපියල් දෙලක්ෂයකට ආචාර්ය, මහාචාර්ය, පට්ටම්ද නම්බුනාමද දෙන තැනකට එසැණ වාර්තාකරු කාංචන කුමාර ආරියදාස ගියේය. රුපියල් සියයකට හා ලියුම් කවරවල දැමූ කොස්කොල කිහිපයකට මහාචාර්ය පට්ටමද සන්නසද, පිත්තල ඵලකයද, කුලියට ගත් ලෝගුව හා හිස් වැස්ම පැළඳ ඡායාරූපයක්ද ඔහුට හිමිවිය. මේ උපාධිය පිරිනැමුයේ සමස්ත ලංකා  ඕල්කට් උපාධි හා සරසවි ආයතනයයි. රුපියල් දෙලක්ෂය බැගින් අයකර දැනට 150 දෙනකුට ඇඳුරු මහැදුරු පට්ටම් දෙන මේ ආයතනය මහනුවර මහයියාවේ කන්දක් උඩ පන්සලක පිහිටියේය. ගාල්ලේ එස්. ඒ. කාරියවසම් එහි ප‍්‍රධානියාය. මල්දෙණියේ වජිරඥාන හිමි අතින් කාංචන ”පිනා මහාචාර්ය” පදවියේ සන්නස ලැබීය. ඔහුට වියදම් වූයේ රුපියල් සියයකි. ඔහු සමග ආ තවත් මාධ්‍යවේදියෙක්ද තවත් පිනා මහැදුරු පදවියකින් පිදුම් ලැබුවේය. මල්දෙණියේ වජිරඥාන හිමියෝ කාංචනට මහාචාර්ය සන්නස ප‍්‍රදානය කරති. රුපියල් සීය සාක්කුවේ දා ගනී පිනා මහාචාර්ය පදවියේ ලෝගුව ඇද සිටිනුයේ කාංචනයි. පිනාචාර්ය නිර්මාතෘ කාරියවසම් කාංචන සමග



අදහස් (0)

පිනාචාර්ය කඩයක් මහනුවර

සුපුනි Thursday, 25 July 2013 12:43 PM

ඉතින් බලන්න, හොදක් වෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site