වස්කඩුව අංක එක දුම්රිය පොළ ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුව ළඟ ස්වේච්ඡාවෙන් රැඳී සිටිමින් වාහනවලට උදව් කරන්නෙක් සිටී.
විමල් රත්නසිරි සිල්වා (55) නාගොඩ සිටි එහි එන ඔහු මේ රාජකාරිය කරනුයේ අව්ව වැස්සට ද ලක් වෙමිනි.
අඩු ගණනේ එතැන මඩුවක්වත් නැත. ඔහු අත කුඩයක්වත් නැත.
එහෙත් ඔහු කියනුයේ ජීවිත බේරා දීම ඒ සියල්ලටම වඩා වැදගත් බවයි.
එවැනි අනාරක්ෂිත ගේට්ටු 750කට වැඩි ප්‍රමාණයක් රට පුරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියක් වශයෙන් මේ ගැන අප ලැජ්ජා විය යුතුය.මෙවැනි මරු කපොලු ආවාට ගියාට වගකීමකින් තොර පුද්ගලයන්ගෙන් පාලනය වීම නීතියට ඉඳුරාම පටහැනිය. (නි)
මේ ලඟකදී මමත් මෙවැනි තැනකින් වාහනේ පාර පැන්නා විතරයි විදුලි වේගයෙන් කෝච්චිය ගියා.මට අදහාගන්න බැරුව ගියා. හේතුව එතන පාරේ දෙපැත්තම කිසි දෙයක් පෙනෙන්නේ නැහැ. මේ වගේ අයගේ සේවය ඇති වටිනාකම තේරෙන්නේ ඒ වගේ අත්දැකීම් ඇති අයට පමණි. මොහු මේ කරන පිනෙන් මේ ආත්මයේ නැතත් ලබන ආත්මයේදී හරි ඔහුට යහපත සැලසේවා! අඩුම තරම දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක්වත් මේ මනුස්සගේ ළමයෙකුට හරි දෙන්න ඕනෑ මේ කරන වැඩේට. (නි)
අඩුමතරමින් දුම්රිය දෙපාර්තමේන්තුවටවත් බැරිද මේ සියලු අවදානම් අනාරක්ෂිත ගේට්ටු හරස් වන තැන්වල දුම්රිය මාරුවෙන වෙලාවල් ටික බෝර්ඩ් එකක ප්‍රදර්ශනය කරන්න. දුම්රිය වෙලාවට නොයන එක වෙනම කතාවක්. නමුත් ඒක හරි කරන්න පුළුවන් නම් මිනිස්සු පාර හරහා දමන්න කලින් බෝර්ඩ් එක දිහා බලලා යම් ආරක්‍ෂිත පියවරක් හරි ගන්නවා නේද? (නි)
මට පේන විදිහට ප්‍රනීත් ලාල් අයියා ගැන දන්නවා වගෙයි. ලාල් අයියේ, ඔබට දීර්ඝායු වේවා.මේ ලෝකයේ පිරිමි සහ ගැහැණු ඕනෑතරම් මීට වැඩිය භයානක දේවල් කරන්න ස්චේචාවෙන් ඉදිරිපත් වෙනවා. මේ වගේ දෙයක් කරන්න හොඳ හිතක් තියෙන්න ඕනෑ. (දී)
දැනටමත් මිනිස්සු ආණ්ඩුවෙන් කරන්න ඕනෑ දේවල් ඔවුන් කරගන්නවා. ධනු, ඔයා රට වටේ රවුමක් ගිහින් එන්නකෝ කොහොමද කියලා බලන්න .ඔයා ගිහින් මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කා නම් ඔයා මැරෙන්නේ බඩ කපාගෙන (දී)
ලොකු පිනක්. ඔබට නිරෝගී සුව! (නි)
පොලිසියෙන් ඇවිල්ලා අල්ලාගෙන නඩු දාලා ඇපත් නැතුව හිරේ යයිද දන්නේ නැහැ. පව් අහිංසකයා ... (දී)
ජාතියට ආදරය කරන නියම සිංහල දේශප්‍රේමියෙක් (නි)
නිල් - රනා, මිනීමැරුම් චෝදනා වලට හිරේ විලංගුවේ වැටුණු අය ලංකාවේ ඉන්නවද? අපි දකින්නේ නම් එවැනි අය මල් මාලත් දාගෙන පිටවෙලා යන හැටි (නි)
ඔබ වැනි කාරුණික මිනිසුන්ගේ ඇස් අරුණට අප රටේ දේශපාලකයන්ට ඕවට ඇස් ඇරෙන්නේ නැහැ. ඔබේ මේ ක්‍රියාව මම අගය කරනවා. (නි)
මම හිතන්නේ බණ්ඩා වාඩිවෙන්නේ මොලේ උඩ.බණ්ඩා වෙසක් බලපු හැටිත් එඩි ජයමාන්න කියපු නිසා අපිත් දන්නවා (අ)
මහත්මයාණෙනි, ඔබ ඔය ක්‍රියාව වැටුපක් නොලැබ කරන නිසා ඔබට එය කළ හැක. නමුත් රජයෙන් රක්ෂාවක් ලෙස ඔය ක්‍රියාවට කෙනෙක් පත්කළොත් ඔතනට යන්නේ මැති ඇමතිවරුන්ගේ ගෝලයෙක් තමයි. (නි)
මේ වගේ ස්ථාන වල පිනට සේවය කරන්න වෙලා තියෙන්නේ මිනිස් ජීවිත වල වටිනාකම ඒ තරමටම අඩු වෙලාද? (නි)
මානසික රෝගියෙක්.(නදී)
ඔබට පින්.(නදී)
මුදලට මිනි මරණ කාලයක ඔබවන් අය ලොකු පුර්වාදර්ශයක්. චිරාත් කාලයක් වැජඹේවා! (දී)
ලොකු ලොක්කෝ මැජික් පෙන්නා ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන්න ගියත් මෙවැනි අවංක මිනිසුන්ට නම් එය කරන්න පුළුවන් කියා මම විශ්වාස කරමි. (නි)
නියම ඩයල් එකක්. මම දැකලා තියනවද මන්දා.(නදී)
ඔන්න බලන්න , තව ටික දවසකින් මේ මනුස්සයට නඩුවක් දාන්නේ නැද්ද කියලා (නි)
පොඩ්ඩ එහා මෙහා උනොත් තමුන් මිනීමැරීමේ චෝදනාවට හිරේ විලංගුවේ වැටෙන බවත් දැන ගෙනම වෙන්න ඇති වැඩේට බැහැලා තියෙන්නේ.(නදී)
අනේ කිසිදු රජයෙන් වැටුපක් නොමැතිව කරන වැඩේට ගොඩක් පින්, එහා මෙහා යන එන වාහන වලින් වත් යම් කිසි දීමනාවක් වත් දෙනවා නම් තමා ගොඩාක් හොද.(නදී)
ජාතියේ ජීවිත බේරගන්න නම් ඔන්න අපේ සේනාවට කරන්න හොද වැඩක්. කෝච්චියේ වැඩියෙන් යන්නේ සිංහලයෝ නේද ? (නි)
" කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්" ටිකක් පාරේ පැත්තකට වෙලා ඔය රාජකාරිය කරන්න . නැත්තම් හදිස්සිකාරයෝ ඔබතුමාවත් යටකරගන යාවි. ඔබට ජය ! (දී)
මෙන්න නියම මිනිස්සු.රජය දවසකට නිරපරාදේ වියදම් කරන මුදලින් මේ වගේ මිනිස්සුන්ට පඩි ගෙවාන. (අ)
අන්න දෙශපාලකයනි මේ බලන්න වෙදගත් වැඩක් කරන කෙනෙක් (අ)
ආඩම්බරයි , ශ්‍රී ලංකාව් මෙවන් රටට ආදරය කරන දේ ගැන. මේ කැනඩාවේ ස්වේචාවෙන් රට ,තම නගරය පිරිසිදු කිරීමට දවසකට ගොඩ දෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒ අනුව ලංකාවෙත් එහෙම වේවා යි ප්‍රාර්ථනා කරමි. (නි)
හොඳ වැඩ වලට හොඳ ප්‍රතිපල කවදාවත් වරදින්නේ නැහැ. ඔබට ජයම වේවා. (අ)
මොහු විමල් කිව්වට වස්කඩුවේ වැඩි දෙනා හදුනන්නේ නැහැ. ලාල් අයියා කිව්වනම් ඕන කෙනෙක් හදුනනවා. ලාල් අයියේ ඔබට දීර්ඝායු වේවා. ඔහු අද ඉතා අසරණ තත්වයේ ඉන්නේ. රොෂාන් මන්ත්‍රී තුමනි, මෙම රේල් ගේට්ටුව අසල පදිංචිව සිටින ගරු ඇමති තුමාට කියා මොහුට ජීවත් වීමට සරිලන දීමනාවක් ලබා ගැනීමට සහය වන්න.(නදී)
නියම ආදර්ශය (අ)
හනිමූන් යන ජෝඩුවක් පරිස්සමින් රේල් පාර පන්නන එක ඊට වඩා පිනක් (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් (අ)
ජනතාවගේ උත්තමාචාරය! ඔබ වැනි අය අප දේශයට බොහෝ දුර්ලභයි. ඔබ හදවතින්ම මනුෂ්‍ය ගති ඇත්තෙකි. අපගේ රටට අවශ්‍යම ඝනයේ පුද්ගලයෙක්. අපේ දේශපාලකයන්ට ඔබගෙන් උගත හැකි පාඩම අසීරු නැත. ඉතාමත් සරල පාඩමකි. එය මනුෂ්‍යසත් බාවයකින් ජනතාවට සේවය කිරීමයි. මොවුන් දේශපාලක වුනත් ජනතාවගේ මුදලින් නඩත්තු වෙන සේවකයන් යන හැගීම හදවතින්ම දැනුනු දවසක ඔබගේ සේවයමෙන් සේවයක් කල හැකියි. නමුත් එය විය හැකිද?(නදී)
ගාමිණී-සිරි, ඔය මහා දයාව මහා කරුණාව පරිපුර්නකම තිබුනා නම් මෙච්චර මිනිස්සු කෝච්චියේ හැපිලා මැරෙනකම් ඇස් ඇරුනේ නැත්තේ ඇයි ? (නදී)
ඔය පාරේ හෝටල් කිහිපයක්ම තියනවා ,හෝටල් හිමිකරුවනි,කලමනාකර වරුනි නරකද එකතුවෙලා පොඩි කුඩාරමක් ගහල දීල මේ මනුස්සයට කන්න ටිකවත් දුන්නොතින්. යන එන අයට ආරක්ෂාවක් ,ලොකු පිනක්. නීල් රණ මීට කලිනුත් මම දැක්ක කීප දෙනෙක්ම ඔයාට කියල තිබුන ගොනා උනත් උම්බෑ කියන්න එපා කියල.(අ)
නීල් රණ ගොනා උන පලියට උඹ කියන්ඩ එපා අර මන්ස්සය හොද වැඩක් කරන්නේ (අ)
හොද දෙයක් ,අපේ ප්‍රණාමය! (නදී)
කාටත් හොද ආදර්ශයක් !(නදී)
මේ මහත්මයාව මම දන්නවා, කලෙක ඉඳන් කරන්නේ, හොඳ වැඩක්,හොඳ මනුස්සයෙක් (අ)
බණ්ඩාට තමයි පිස්සු. (නි)
අනේ මෙයා විදුලිබල හා බලශක්ති ඇමතිකරල දැම්මනම් කොච්චර හොදද (අ)
ඕක තමා,ආසියාවේ ආශ්චර්යය ! (නි)
නීල් රානා හරි. හොඳ වැඩ කරන්න යන අයට දඬුවම් ලැබෙන යුගයයි මේ. බැරි වෙලාවත් දුම්රිය එනවයි කියලා අහව්ලුන්ගේ වාහනයක් නවත්වන්න ගියොත් බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.(නදී)
අපේ මිනිස්සු හැමදේම ළගටම ගෙනත් දෙනකල් බලා ඉන්නවා. ගමේ මිනිස්සු එකතුවෙලා ඕකට උණ බම්බු ගේට්ටු ටිකක් දාගත්තා නම් නේද හොද? (දී)
මංගල රථයක් යන වෙලාව් ,මංගල මොහොතින්, ආරම්භ කළ මංගල කටයුත්තට, රත්න සිරි ගමේ පුතාට ජනතාවට සේවයක් කිරීමට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා !වෙල්ගම ඇමති තුමා දයාවෙන් මහ කරුණාවෙන් පරිපුඋර්ණ වූ නිහතමානී ඇමති වරයෙක්. ඔබගේ සේවය අගේ කොට, නිල ඇඳුමක්,මාසික වේතනයක් ලබා දීමට පසු බට නොවනු ඒකාන්තයි. ජනතාව දැනුවත් කල" එසැණට " ගොඩාක් ම පින්.(නදී)
ප්‍රවාහන බලදාරීන් ලජ්ජා වියයුතු සිද්ධියක්.(නදී)
මෙන්න නියම දේශප්‍රේමියෝ සහ මානව හිතවාදියෝ, අපි රැවටිලා ඉන්නේ ඡන්ද පෝස්ටරේ ඉන්න මල් මාමලටනේ.(නදී)
නීල් රනා, ඔබ හරි. අනතුරක් වෙනකන් අනෙක් අයට එය තේරෙන්නේ නැහැ. ඔහු අතින් කරන සංඥාව තේරුම් නොගත්තොත් ලොකු අනතුරක් විය හැකියි. (දී)
ඔබට අපේ උපහාරය! ඔබ වැනි මිනිසුන් රටට ආඩම්බරයක් (නි)
ගේට්ටුවක් නැතත් නිල් පාට නම් පේන්න තියනවා .(නදී)
හොද වැඩ කරන කාටත් නින්දා ප්‍රසංසා දෙකම එනවා මොන වුනත් මේ මහත්තයා මේ රාජකාරිය කරන්නේ ඕනෙම දේකට මුණ දෙන්න බලාගෙන මෙන්න නියම දේශප්‍රේමියෝ නැතුව ඡන්දකලේට අත්දෙක උස්සගෙන එන මහත්තුරු නෙමෙයි.(නදී)
මෙතන ගේට්ටුවක් නැතත් විදුලි සීනුවක් සහ විදුලි පහන් සංඥා වැඩකරන තැනක් නේද? බොහෝ දුර සිට දුම්රියක් එනවා දකින්න හැකි ස්ථානයක්. (නි)