ශ්‍රී ලංකාවේ 64 වැනි නිදහස් සැමැරුම වෙනුවෙන් ඉතාලියේ පාදෝවා නගරයේ දී උත්සවයක් පැවැත්විණි. පාදේවා නගර සභාවට තේරී පත් වූ සජිත් ප‍්‍රනාන්දු මහතා සංවිධානය කළ මෙම උත්සවය සඳහා ජෝන් ලින්ටන් පියනම ද නගරාධිපති නියෝජනය කරමින් පළාත් සභාපති ප‍්‍රැන්වෙස්කෝ පවෝනේ හා මොරොක්කෝ හා අප‍්‍රිකා නගර සභිකයින් සමග ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ද එක්වූහ. ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉදිරියේ දී සිදුකිරීමට බලාපොරොත්තු වන සුබසාධන පිළිබඳව ද එහිදී සාකච්ඡුා විය. නගර සභා මැතිවරණයෙන් ශ්‍රී ලාංකිකයෝ දෙදෙනක් පාදෝවා නගර සභාවට තේරී පත් කරගනු ලැබූහ. නගර සභික ෂෙහාන්ද සිල්වා මහතා පැමිණ සිටියේය.