ඇමෙරිකා ජාතික දානපතිනියක වන වැන්මෝර් මහත්මිය ශ්‍රී පාදයට පූජා කළ ලෝක සාම ඝණ්ඨාරය ජපාන සාම චෛත්‍ය හා නිශ්ශංක ලෙන් විහාරය අසල ස්ථාපිත කැරිණි. ශ්‍රී පාද පද්මය පිහිටියේ එතැන සිට කිලෝමීටර හතරක් ඈතිනි. තඹවලින් මේ ඝණ්ඨාරය නිර්මාණය කිරීමට රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක් වැය විය. බෙන්ගමුවේ ධම්මදින්න ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද සීනුව පිහිටැවීමෙන් අනතුරුව ඇමෙරිකා දානපතිනිය එය මුල්වරට නාද කළාය.
සීනුවේ නාදය කිලෝමීටර 18ක් දුරට ඇසේ. බර කිලෝ 2500කි. උස අඩි හයකි. විශ්කම්භය අඩි පහකි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රවී මහත්තයෝ, ලංකාවේ ඉතිහාසය මට කවුරුත් උගන්නන්න ඕනේ නෑ. ලංකාවේ වැව් බැන්දේ, දාගැබ් හැදුවේ රජවරු. සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. අනිත් එක ඒවා කලේ රටේ ප්‍රශ්න විසඳලා මිසක්, දැන් ඉන්න පාලකයෝ වගේ පිටරටින් ණයට කකා පුරාජේරුවට නෙවෙයි. අනිත් එක මේ ඝන්ටාරය හදන්නේ, එතෙන්ට ගෙනියන්නේ මේක භාර දුන්න කොම්පැනිය මිසක් මෙතුමිය කරේ තියාගෙන නෙවෙයි. බන්ඩාර ඇහැලේපොල මහත්තයෝ, පිනට ගරහලා පව් කාරයෙක් වෙනවනම්, මේ රටේ ජනතාවගේ සල්ලි හොරකම් කරන, කප්පම් ගන්න, මිනිස්සු මරණ, දේශපාලකයෝ ඔය යහතින් ඉන්නේ. ඒ අයට නායක හමුදුරුවරුම චරිත සහතික දෙන්නේ. මට විතරක් පව්!! සිංහලයා, මම නම් මෝඩකම ප්‍රදර්ශනය කලේ නෑ, ඒත් දානයේ උතුම්කම තියෙන්නේ චේතනාවේ මිසක් වටිනාකමේ නෙමෙයි. එහෙනම් ඉතින් සල්ලි කාරයන්ට විතරයි වැඩිය පින් කරන්න පුළුවන්, මොකද දානයට ලොකු ගානක් දුන්නම ගොඩක් පිං. අනේ අනිච්චන්, මුන්නැහැගේ දැනුම!! තිලින, මම කිව්වේ පන්සල් පල්ලි හදන්න ඕන නෑ කියන එක නෙමෙයි, කරන්න වැඩ තියෙද්දී බොරු වැඩ කරන එකට. අනිත් එක බුදුන්වහන්සේගේ ප්‍රාර්ථනය සියලු සත්වයෝ නිදුක් වෙත්වා, එහෙනම් සත්වයන් දුකෙන් මුදවන එක තමයි කල යුත්තේ.
මොනවද මේ කරන විකාර වැඩ. හරියට දේශපාලකයෝ වගේනේ. බුදුන් පෙන්නපු මාර්ගේ ගමන් කරනවා මිසක් මේ වගේ වැඩ කරලා මොනවද හම්බ වෙන්නේ. මං දැක්ක ඊයේ පත්තරේ තියෙනවා පොඩි දරුවෙකුට අක්මා බද්ධයක් කරන්න පිටරට ගෙනියන්න ලක්ෂ 70 ක් ඉල්ලා. ජීවිත කීයක් බේර ගන්න පුල්වන්ද මේ නාස්ති කරපු සල්ලි වලින්.
මේක හොද වැඩක්. කවුද කියන්නේ විකාර වැඩක් කියලා..
චෛත්ය, විහර , ලෙන්, පිලිම, මෙවැනිදේ අපේ උරුමයන් වී නොතිබුනානමි අපට මොනවද තියෙන්නෙ ගස් ගල් විතරද. රටක මතු පරපුරකට මෙවැනි දේත් තිබිය යුතුයි. රැපියල් 1000, 2000, මිණි මරන, අහිංසක ඡනතාවගේ කප්පන් ගන්න දේශපලුවො ඉන්න රටක. මෙ විදෙශික කාන්තාවගෙ ක්‍රියාව උතුමි කොට සැලකිය යුතුයි,
මේ ගණ්ඨා නද බුදු සමිදුන්ට කෙරෙන උතුම් පුජාවක් වේවා...
තවකෙනෙක් දකින අකාරය වෙනස් විය හැක
මං හිතන්නෙ රොබර්ට් මහත්තය බුදුන් පෙන්නපු මාර්ගෙ යන කෙනෙක් වෙන්න ඇති. අපේ රටේ තියන සිරිපා පතුල අපිට අගේ නැති වුනාට පිටරට අයට ගොඩක් වටිනව.ඒක වෙන්න ඇති එතුමිය ඒවගේ උතුම් දෙයක් කරන්න ඇත්තෙ. ඒක කරන්න ඇත්තෙ මොන තරම් භක්තියකින්ද ? ඒ ඝන්ටාරය එතෙන්ට ගෙනියන්න කොපමන මහන්සියක් ගන්න ඇද්ද? ඒකෙ හඩ කිලෝ මීටර් 18ක් දුරට ඇහෙනකොට කොයි තරම් ලස්සන ඇද්ද? ඕක තව අවුරැදු දහස් ගනනක් ඔය නාදය පතුරැවමින් ඔතන තියෙයි නේද ? එතකොට ඉස්සර රජවරු සාගර තරම් වැව් බැන්දෙ....අහස උසට දාගැබ් බැන්දෙ මොකටද කියල පුලුවන්නම් අර රොබට් මහත්තයට කියල දෙන්නකො කවුරුහරි.....
රොබර්ට් හරියට හරි,මේක විකාර වැඩ කරන රටක්, දැක්ක නේද දැයට කිරුළ, කාටද කියන්නේ
ධනාත්මකව හිතන්න. මේක යහපත් වැඩක්..
බොරු වැඩ..
ප්‍රේතවත්තු වල තියෙනවා ඔය පිනට ගරහපු ඇත්තන්ට මොකද වෙන්නෙ කියල. අද කෝටි ගනන් දීලා වාහන ගන්න මිනිස්සු ඉන්න කාලේ මේ පින්වත් මහත්මිය කරගත්තු පින එසේ මෙසේ පිනක්ද මේ බුදුරජාණන් වහන්සේ උදෙසාමනේ සමහර කාලකන්නි මිනිස්සු ඉතින් පිනට ගරහලා මහා පව් සිද්ද කර ගන්නවා රොබට්ලාවගේ.
රොබට් කියන විදිහට මෙරට පන්සල් පල්ලි වලට කරන වියදම් අපරාදෙ. එහෙම නෙවෙයි. මේවත් කරන්න ඕන..
රොබට් මම සියයට සියයක්ම එකගයි ඔබ එක්ක. දැන් කාලේ හන්දියක් ගානෙ බිදු පිලිම හදලා බුදු රජානන් වහන්සේට තියෙන ගෞරවෙත් නැති වෙලා. කී දෙනෙක්ගෙ ප්‍රශ්න විසදන්න තිබෙන සල්ලිද මේ.
මෝඩ කම තිබුණාට ප්‍රදර්ශනය නොකර ඉන්නවානම් ලොකු දෙයක්. ආගම, අධ්‍යත්මය ගැන දන්න තරම තමයි ඔය. දීම,දානය කියන්නෙ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි!!! මෙය මහඟු ආමිස පූජාවකි!!! සාධු සාධු සාධු!!!
අනිත් මිනිස්සු කරන හොද වැඩවලටත් ගරහන සමහර පව්කාරයොත් මේ ලෝකේ ඉන්නවා. කරන්නෙත් නෑ. කරන කෙනාට කරන්න දෙන්නෙත් නෑ.