ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පරමු කාශ කළේය. ඒ සඳහා ගාලු මුවදොර පිටිය ලබාදෙන මෙන් ඉල්ලමින් පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ඉකුත් දෙවැනිදා ලිපියක් යැවු බව ද පීරිස් මහතා කීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් එම රැළිය පැවත්වීමට බලාපොරොත්තු වන බව කී පීරිස් මහතා පක්ෂයට සහාය දක්වන අති විශාල පිරිසක් ඊට සහභාගි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ප්රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ ලොකුම මැයි දිනය මෙය වනු ඇත. (නි)
ඔය එක එක්කෙනාගේ බලය පෙන්වන්න සංවිධානය කරන රැලි වලින් අපට පලක් නැත. පුලුවන් නම් රටට වැඩක් ඇති දෙයක් කරන්න. එක්කෝ නිදහස් පක්ෂයේ අනිත් කොටස සමඟ එකතුව තම දැනුම එක්කර රටට වැඩක් කරන්න. අද සමහර දේශපාලකයන් කරන්නේ පාර්ලිමේන්තු ගොස් ජනතාවට සේවයක් වෙන දෙයක් නොකර වේදිකාවල නැගගෙන නිෂ්පල කතා කීම පමණි (නි)
ත්රී වීලර් කීයක් එනවද පෙළපාලියට ,සු ගලා 5 ක් විතර (බ)
ගෝල්ෆේස් එක මෙයාලට ලැබුණා නම්, බලාගත හැකීයි මෙයාලා කොච්චර බංකොලොත්ද කියලා. (නි)
පිරිස් කරපු දේවල් කියපු දේවල් අලුත්ම ජෝක් (බ)
හැබැයි මහාචාර්ය පීරිස් මහත්තයෝ, ත්රී-වීලර් කිහිපයක් සුදානම් කර ගන්න වේවි, පක්ෂයේ සාමාජිකයින් පිරිස ගාලුමුවදොර පිටියට ගෙන්න ගන්න...! (බ)
‘ඡන්දය ටික ටික පහුවන බව පේනවා. ඡන්දයක් කල්යනවා කියන එක කනගාටුවට කරුණක්. ප්රජාතන්ත්රවාදයට හානියක්.‘ (නි)
පහුගිය සතියක නුගේගොඩ තිබුන රැලියටත් සෙනඟ අවේ ත්රිවීල් 5ක් විතර සෙනඟද බන්දුල, නන්ද? (නි)
ඕක ලැබෙන්නෙ නැහැ කියලා මෙයාලා දන්නවා. ඉතින් කියන්න පුලුවන්නෙ මිනිස්සු එන්නයි හිටියෙ, කෝ ගෝල්ෆේස් එක දුන්නෙ නැහැනෙ කියලා. (නි)
අර්ජුන මැතිතුමනි, හැකි ඉක්මනින් මේගොල්ලන්ට ගාලු මුවදොර පිටිය ලබාදෙන්න. නැත්නම් මේගොල්ලෝ අාපහු නුගේගොඩට ගාල්වෙයි. (නි)
ඔව් ඔව් බන්දුල, නන්දනලා නිකන් ළිඳේ ඉන්න ගෙම්බො වගේ දොඩවන්නෙ නැතුව පොඩ්ඩක් රටේ තොටේ ඇවිදලා බලලා කතා කරන්න. ගාලුමුවදොර පිටිය ලැබුනොත් ඔයාලට බලා ගන්න පුලුවන් ත්රීවිලර් විතරක් නොවෙයි අනිත් වාහනත් කොපමණ ඇවිල්ලද කියලා (නි)
ළිඳේ ඉන්න ගෙම්බෝ මීට හොඳයි. ත්රීවීල් 5 ක සෙනඟද නුගේගොඩ හිටියේ. (නි)
රැලිය ඉවරවෙලා ඊටපස්සේ ගිහිල්ලා මොකද කරන්නේ? (නි)
මේ පාර වැඩේ නාගනීද දන්නෙ නැහැ (නි)