මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහලට විරුද්ධව වෛද්‍යවරුන් දෙදෙනකු සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් දෙදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභ කළේය. උපුල් ගුණසේකර හා සජීව මාරසිංහ යන වෛද්‍යවරු ද අනුරුද්ධ ප‍්‍රදීප් හා නිර්මාල් රංජිත් දේවසිරි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු මේ පෙත්සම් ගොනු කළහ. අගවිනිසුරු ආචර්ය ශිරාණි බණ්ඩාරනායක, පී.ඒ. රත්නායක, එස්.අයි. ඉමාම් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි. විරෝධය දැක්වීමට නීතියෙන් දෙන ලද කාලසීමාව ඉක්මවා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව පෙත්සමේ වගඋත්තරකරුවන් වන විශ්විවවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා හා ෆාසිප් මුස්තාපා මහත්වරුන් අධිකරණය හමුවේ කළ කරුණු පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභ කළේය. පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් කියා සිටියේ, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගත හැකි වෛද්‍ය විද්‍යාලයක් නොවන බවත්, වෛද්‍ය උපාධි දීම සඳහා එම ආයතනයට සුදුසුකම් හා ප‍්‍රමිතියක් නොමැති බවය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයක් නියමිත ප්‍රමිතින් සමග ආරම්භ කළ යුතුයි..!(නු)
ප්‍රභෝධ, 'ලංකාවේ' විභාග ගැන නම් ඔයා කියන කතාව ඇත්ත. එහෙත් දක්ෂයා කියන්නේ පොදුවේ ගත් කල, නිවීහැනහිල්ලේ හැම පැත්තක්ම කල්පනාවට ගෙන නිගමනයකට බසින්නා මිස දඩිබිඩි තීරණ ගන්නා අයට නොවේ. ලංකාවේ මෙතුවක් කල් බිහිවූ ඔබ අගය කරන මාදිලියේ හදිසි තීරණකාරයින් අපේ රට නිදහසින් පසු දක්කාගෙන ඇවිත් තියෙන තැන කොතරම් අපූරුද කියා ඔබත් දන්නවානේ. අනෙක ඔබ සෞඛ්‍ය සේවාවේ නිරත කෙනෙක් නොවන බව පේනවා. වෛද්‍ය වෘත්තියේ ඉතාම සුළු කොටසක් තමා හදිසි අනතුරු ප්‍රතිකාරය කියන්නේ. විශේෂඥ වෛද්‍යවරු ඇතුළු ව්‍යාධිවේද, නාරිවේද, ප්‍රසව, ශල්‍ය, කායික රෝග ඇතුළු අන් හැම ඉසවුවකදීම සියලු කරුණු සලකා බලා, ඇතැම් විට දෙවැනි විශේෂඥයකුගේ අදහසත් විමසා, සැලසුම්ගතව ප්‍රතිකාර කිරීමයි සිදු වෙන්නේ. ඒවා දඩිබිඩිස්ලට කරන්න බැහැ. වේගවත් අය සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී බෙහෙවින් වැදගත් වෙන්නේ ගිලන් රථ ධාවනයට, ට්‍රොලි එහා මෙහා ගෙනයාමට, පණිවුඩ හා ද්‍රව්‍ය ප්‍රවාහනයට, දුරකථන හුවමාරු පළවල සේවයට ආදීදේටයි. (නි)
"ජයී තිසර දෛනික වැඩත් ඔහොමද ඔබලා දන්න බැරිවී තිබේ පෙත්සම නිසි කළ දෙන්න වැඩි දේ කුමට මේ අය ගැන පවසන්න පන්ඩිතයට බැරිලු ඒදණ්ඩේ යන්න" නියමයි නියමයි ! (ස)
පෞද්ගලික වෙද විදුහල් ස්ථාපිත කරනවාට මමත් සම්පූර්ණයෙන්ම එකගයි. (නි)
හොද තීරණයක්..!(නු)
රහසිගතව අටවාගෙන හොර කඩය මහජනයාට පෙන්නුවේ රෝහලක්ය පසුවනතුරු පෙත්සම් දමන දිනය බණ්ඩා නැටුවා දහ අට පාලියේ නැටුම (ස)
යමක් ක්ෂණිකව හිතලා වැඩක් කරන්න බැරි පිරිස තමයි විභාග අසමත් වෙන්නේ... එවන් අයට හදිසි අනතුරක් වෙලා එන ලෙඩුන්ට ක්ෂණිකව හිතලා බෙහෙත් කරන්න පුළුවං වෙයිද?(නු)
දෛනික වැඩත් ඔහොමද ඔබලා දන්න බැරිවී තිබේ පෙත්සම නිසි කළ දෙන්න වැඩි දේ කුමට මේ අය ගැන පවසන්න පන්ඩිතයට බැරිලු ඒදණ්ඩේ යන්න (ස)
නිදහස් අධ්‍යාපනය යනු මාගේ අර්ථ දැක්වීමට අනුව නිදහසේ ඉගෙන ගැනීමට ඇති හැකියාව සහ අවස්ථාවයි. මුදල් ගෙවා හෝ නොමිලේ හෝ ඉගෙන ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. මක්නිසාද ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන්නේ දක්‍ෂයින් ම නොවන නිසා, කොළඹ, මහනුවර, ගාල්ල වැනි ප්‍රදේශ වල උසස් ලෙස සමත් ළමුන් ඔවුන් හැදෑරීමට කැමැති පාඨමාලාවට එක් නොවන්නේ මන්ද යන්න විමසන්න. පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය ගොඩ නගන්න, නිදහසේ මුදල් ගෙවා හෝ ඉගෙන ගැනීමට ඉඩ දෙන්න. පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල සංඛ්‍යාවක් බිහිවූ විට පාඨමාලා ගාස්තුද ඉබේම පහල යාවි. බයවෙන්න එපා දක්‍ෂයා ඉස්මතු වේවි. තමන්ට තිබෙන රැකියා අවස්ථා අහිමිවෙන බව සිතමින් කුහක වන්න එපා.(ස)
තුල්සි, ඔබ හරි. දොස්තරලා නැතුව රෝහල් කීයක් නම් වැහිලද? බලන්න හොදට හොයලා, දොස්තරලා ඉන්නේ රෝහල් වලද, සැප පුටු වලද කියලා. (නි)
මාලඹෙන් විතරමද දොස්තරලා එන්නේ? පිටරට උපාධි කරලා කොච්චර නම් දොස්තරලා මේ රටට එනවද? මාලඹේ උගන්වන්නෙත්, ඉගෙන ගන්නෙත් වැඩිපුර ලංකාවේ දොස්තරලා සහ දරුවන් නේද? (නි)
පෙත්සම නිශ්ප්‍රභා කර ඇත්තේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමට ගිය නිසයි. පවතින නීතිය තුළ නියමිත කාල සීමාව තුළ පෙත්සම ඉදිරිපත් කළ යුතුයි. (නි)
"ඔබ කැමතිද හොර වෙදෙකුගෙන් ප්‍රතිකාර ගන්න, ඔබේ දරුවන් එවැන්නෙකු වෙත යවන්න." අධිකරණයෙන් කවර හෝ හේතුවකට අනුමැතිය ලැබූ ආයතනයකින් බිහිවන වෛද්‍ය වරයෙක් 'හොර වෙදෙක්' කියන්න තියෙන අයිතිය කුමක්ද? රජයේ රෝහල්වල වැඩකරන ගමන් සමාගම් වල ඒජන්ත වැඩෙත් කරන, වාට්ටු පළාතේ නෑවිත් පීපී එකේදී එලි වෙනකල් ලෙඩ්ඩු බලන, අවයව ඉවත් කිරීමට සිදුවෙයි කියා රෝගීන් බියවද්දා ඉක්මනින් සැත්කම් කිරීමට නම් පෞද්ගලික රෝහල් වෙත ඇඩ්මිට් වෙන්න කියා රජයේ රෝහලේ සැත්කම් ලැයිස්තුව සිතා මතා කල් දමන, ලෙඩා මැරෙන කල්ම දුරකතනයෙන් මල් කඩමින් සිට අන්තිමේදී දුව ඇවිත් මල සිරුරට හෘද සම්බාහනය දෙන... ඔය ආදී කෝටියක් වැඩ කරන්නේ පෞද්ගලික වෙද විදුහල් වලින් ආපු අය නොවේ. (ස)
පුෂ්පා, අඩු ප්‍රමිති දොස්තරලා බිහිවීමට පෞද්ගලික වෙද විදුහල් උවමනා නැත. දිස්ත්‍රික් පදනම මත රජයේ වෛද්‍ය පීඨ වලට ඇතුලත්ව ඉන් එලියට එන්නෙත් ඔයා ඔය තරම් බයවෙන අඩු ප්‍රමිති කට්ටිය තමා. ඒක මේ වෘත්තිය ඇතුලේ ඉන්න කාටත් රහසක් නොවේ. ඔවුන්ගේ එකම ඉලක්කය තමන්ට ඇරියස් වී තිබුන දේවල් අයිතිකර ගැනීම මිස වෙන මොකවත් සේවාවක් කිරීම නොවේ. දිනපතා රජයේ රෝහල්වල අහිංසක මිනිසුන් මිය යන්නේ ඔවුන්ද ඇතුළු ලාංකීය 'අඩු ප්‍රමිති' නිෂ්පාදන නිසයි. දෙබරුන් ඇනීමෙන් රෝහලට ගෙනගිය දරුවා මැරෙන කල් දුරකථන ඇමතුම අත්හරින්න බැරිවුණා අර දොස්තර නෝනා පිටරටින් ආපු කෙනෙක් නොවේ. ඔයා දන්නවාද ලෝක මට්ටමේ ඇගයීම් වල අපේ වෛද්‍ය පීඨ ඉන්නේ කීවෙනියටද කියල? හොයලා බලලාම ලජ්ජවෙන්නකෝ..(ස)
දුප්පත් දරුවට ඉඩක් නොදෙන්නමයි කොයිකාගෙත් වෑයම. සල්ලි බලේ. (නි)
ලමාක් : නීතියෙන් මහජනතාවට ආරක්ෂාවක් ඇතිබව පොතේ නම් ඇත. එහෙත් පසුගිය සිදුවීම් දෙස බලද්දී කිසිසේත්ම එසේ නොවන බවත්. සියල්ල පාලකයන්ගේ වුවමනාව පරිදි සිදුවන බවත් පෙනෙන්නට නම් ඇත. කෙසේනමුත් මෙම සිදුවීම රටේ සාමාන්‍ය ජනතාවගේ යහපතටනම් නොවන බව කවුරුත් වැටහ ගත යුතුව ඇත. (ස)
අයියෝ සල්ලි
නීතියෙන් මහජනතාවට ආරක්ෂාවක් තිබේද ???
අයියෝ! කැන දෙයක් කලට වේලාවට කරන්න මීටපස්සේවත් හිතා ගන්න. ඔයාලගේ උගත්කමේ මොකක්දෝ ලොකු අඩුවක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. (නි)
එම ආයතනයට වෛද්‍ය උපාධිය දෙන්න සුදුසුකම් නැත්නම්, ආයතනය අවශ්‍ය ප්‍රමිතියට නැතිනම්, කෙස් පැලෙන තර්ක දාන්නෙ නැතුව එම වෛද්‍යවරුන්ට සහ කථිකාචාර්යවරුන්ට ඉඩදිය යුතුයි ඔවුන් ගොනු කළ චොදනාව විනිසුරු මඩුල්ල ඉදිරියේ විවාද කරන්න. අපි සැමදෙනෙක්ම එක් දෙයක් හිතට ගත යුතුයි, මේ කියන කතාව ඇත්ත නම් මේ ‘අඩු ප්‍රමිති‘ දොස්තරලා අහිංසක ලෙඩ්ඩුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්න දවස වැඩි ඈතක නෙමෙයි. ඔබෙන්ම අහන්න: ඔබ කැමතිද හොර වෙදෙකුගෙන් ප්‍රතිකාර ගන්න, ඔබේ දරුවන් එවැන්නෙකු වෙත යවන්න. (නි)
හොඳ තීරණයක් . පෞද්ගලික වෙද විදුහල් ආරම්භකර යුතුයි (ස)
කළයුත්තේ තහනම් කිරීම නොව නිසි ප්‍රමිතියකින් පවත්වාගෙන යාමයි. (නි)
දොස්තර විභාගයත් විකිණීයාමට ඉඩදෙමුද? (නි)
නියමයිනේ.. එහෙම සුදුසුකමක් නැද්ද කියලවත් අහන්නේ නැතිව නිශ්ප්‍රභා කළා.. තව අවුරුදු කිහිපයකින් කොන්දොස්තරලා ගානටම දොස්තරලා හොයාගන්න පුළුවං වෙයි..!(නු)
ඔබතුමාලත් ගිහින් පන්තියක් දෙකක් කරලා කීයක් හරි වැඩිපුර හොයාගන්න බැලුවොත් නරකද? (නි)
ලංකාවට පෞද්ගලික විශ්වවිද්‍යාල එකක් නෙමෙයි දහයක්වත් ඕන.. මොකද ලංකාවෙ විශ්වවිද්‍යාලවලට යන්න පුළුවං 5%-8% විතරයි.. ඉතිරි අයට අධ්‍යාපනය ලබා ගන්න විදියක් නැහැ.. හැමෝටම පිට රට විශ්වවිද්‍යාලවට යන්න බැහැනේ.. ලංකාවෙ පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා නම් බැංකු ණයක් හරි අරගෙන උපාධිය කරගන්න පුළුවං.. පෞද්ගලික විශ්විවද්‍යාල නැති එකම රට මම හිතන්නේ ලංකාව වෙන්න ඇති..!(නු)
හොද තීරණයක්.. රජයේ විශ්වවිද්‍යාලවල අයට වර්ජන කරන්න හොදයි...ලකුණු අරගෙනත් විශ්වවිද්‍යාලයට යන්න බැරි උන අයට පෞද්ගලික විශ්වවිද්‍යාලටය යන්න හොද නැහැ.. පුදුම නීති.. හොද වැඩේ උනේ.. (නු)