මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ මාපිය සංවිධානය සංවිධානය කර තිබූ “පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රටට අවශ්‍ය ඇයි?“ සම්මන්ත්‍රණය අතරතුරදී අද (5) උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සම්මන්ත්‍රණයේදී ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ දේශනය ආරම්භ කිරීමට යන අවස්ථාවේ නැගී සිටි ප්‍රගති ගුරු සංගමයේ සභාපති මයුර සේනානායක මහතා ප්‍රශ්න ඇසීමට උත්සාහ කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.
සාධාරණ සමාජයක් සඳහා කටයුතු කරන අතරතුරදී මෙවැන්නකට සහභාගී වීම රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිසුන් සමඟ අරගල කිරීමට සූදානම් ද යනුවෙන් සේනානායක මහතා රත්නප්‍රිය මහතාගෙන් විමසා සිටියේය.
ඔහු ප්‍රශ්න ඇසීමට උත්සාහ කළ අවස්ථාවේ සභාවේ සිටි පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර එහිදි නැගි සිටි වෛද්‍ය පීඨ සිසුවෙක් සම්මන්ත්‍රණයකදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් නැද්දැයි විමසා සිටියේය.
මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, ගාමිණි වියන්ගොඩ, උපුල් ජයසූරිය, ජේ.සී වැලිඅමුණ, රාජා උස්වැටකෙයියාව, පත්කළ මන්ත්‍රී මහාචාර්ය අංශූ මාරසිංහ ඇතුළු පිරිසක් දේශන පැවැත්වූහ.
මෙම අවස්ථාවට සිවිල් සමාජ ක්‍රියාධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වෛද්‍ය විද්‍යාලයට දී තිබූ අවසරය අලවංගු කළේ එහි ප්‍රථම කණ්ඩායමෙහි සියළු දෙනාම අවසන් විභාගය ඉහළින්ම පාස්වී තිබීම නිසා නොවේද? (නි)
අපේ දොස්තරලා සහ සිසුන් කවදාවත් පුද්ගලික රෝහල් වලට විරුද්ධ වුණාද? නැහැ නේද ? නිදහස් අධ්‍යාපනෙන් පිනට ඉගෙනගෙන පස්සේ සල්ලි හොයන්න ඒවා ඕනෑ. එ්කයි. කුහකකම එ්කෙන්ම පේනවා. (නි)
මේ ප්‍රශ්න ඉක්මණින් නිරාකරණය වෙනවා නම් හොඳයි (නි)
දොස්තර කෙනෙක් වෙන්න සුපිරි මොළයක් තියෙන්න ඕනෑ කියන්නේ ලංකාවේ ඉන්න ආත්මාර්ථකාමී දොස්තරලයි වෛද්‍ය ශිෂ්‍යයෝයි විතරයි. වෙන රටවල්වල ඕනෑම කෙනෙකුට මුලික සුදුසුකම් තියෙනවා නම් දොස්තර කෙනෙක් වෙන්න ඉගෙනගන්න අවස්ථාව දීලා තියෙනවා. (නි)
රටේ පවතින දුෂණ නිසා ඔවුන්ගෙන් බෙහෙත් අරගෙන ලෙඩෙක් මැරුණත් පගා දීලා යටගහන්න පුළුවන් (නි)
මේ ප්‍රශ්නයට එකම හේතුව ඊර්ෂ්‍යාව, කුහකත්වය හා අාත්මාර්ථකමිත්වය මිස උපාධියේ ප්‍රමිතිය නොවේ. (නි)
උගත්යැයි කියාගන්නා කට්ටිය නේද මේ? (නි)
මම නම් කියන්නේ තරහ යන එක සාධාරණයි (නි)
එකට කෑවත් බොක්ක වෙනස්නේ.... (නි)
පෙරුමාල්, කතාව ඉවරවෙලා මිනිස්සු ගියාටත් පස්සේ නැගිටගෙන ප්‍රශ්න අහන්නේ කාගේ ක්‍රමේටද? ආණ්ඩුවට අවුරුදු 2 කුත් වෙන්න එනවා. තාම රාජපක්ෂ නාමය මතක් කරන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බැහැ. එ්කයි සිංහල අපිට රාජපක්ෂ නමේ තියන අගය ,වටිනාකම සහ අමරණීයභාවය (නි)
බෙහෙත් දෙන්න ඇති තරම් දොස්ටරවරුන් නැත්නම් එ්කට විකල්පයක් අවශ්‍යයි. නිදහස් අධ්‍යාපනය කළා කියලා එයාල රට යන්නේ නැතුව ඉන්නවද? පුද්ගලික බෙහෙත් සැල් අරින්නේ නැද්ද? ඉතින් මේ රටට පුද්ගලික වෙද විදුහල් අවශ්‍යයි (නි)
ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වලට වසරකට ඇතුළු වියහැක්කේ ඇතුළත්වීමට සුදුසුකම්ලත් අයගෙන් 17% වැනි සුළුතරයකට. දිස්ත්‍රික් පදනම නිසා ඇතුළත්වන සිසුන් උසස් පෙළ වැඩිම ලකුණු ගත් අය නොවේ. සමත්වන සියලුම සිසුන් ඇතුළත් කර ගැනීමට නම්, විශ්ව විද්‍යාල පද්ධතිය බොහෝ විශාල කිරීමට සිදුවේ. මෙවැනි දේ වලට විරෝධයපාන්නන් බොහෝ ඊර්ෂ්‍යාවෙන් පෙළෙන්නන් බවයි මගේ හැඟීම. (නි)
ලක්විදු සරල දේ සරලවම කියා තිබෙනවා. මේක තේරෙන්නෙ නැහැ ගොඩක් අයට (නි)
විශ්ව විද්‍යාලයට යන්න බැරිවෙන ළමයි සඳහා හැම රටකම වැඩිදුර අධ්‍යාපනය කරන්න අවස්ථාව දෙනවා. රජයකට ඔක්කොටම නොමිලයේ උගන්වන්න බැහැ. මේක මුළු ලෝකයේම දියුණු රටවල පවා තත්වය. නමුත් අපේ රටේ සමහර කුහක සිසුන් විශ්ව විද්‍යාල නොගිය ළමයින්ගේ ඉගෙනීමට ඇති අයිතියට අකුල් හෙලනවා. මේක සමස්තයක් ලෙස රටේ උගතුන් බිහිවීමට ලොකු බාධාවක්. මෙය රටේ බහුතරයක් අනගත සිසුන්ට ප්‍රශ්නයක් වෙන බවයි මට හිතෙන්නේ. (නි)
මෙතන ප්‍රශ්නය තියෙන්නේ පෞද්ගලික ඒවා ඕනෑද නැද්ද කියල නොවෙයි. මාලබේ එකේ ප්‍රමිතිය ගැනයි. (නි)
අජිත් ඉන්දියාවට ගිහින් නැහැ වගේ. සියලුම නව නිෂ්පාදන කරන තාක්ෂණයෙන් සීඝ්‍ර දියුණුවක් ලබන රටක් එම රටේ අධ්‍යාපනයට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රශ්නයක් නැහැ. කේරල ප්‍රාන්තයේ කාන්තාවන්ගෙන් 98% උසස් අධ්‍යාපනය ලබපු බව දැනගන්නවත් දැනුම් තේරුම් අපිට නැහැ (නි)
මෙතන තියෙන්නේ ප්‍රමිතියේ ප්‍රශ්නයක් නොවේ. තව කෙනෙක් හොඳින් ඉගෙනගෙන දියුණුවෙයි කියා ඊර්ෂ්‍යා කිරීමේ ප්‍රශ්නයක් (නි)
ඉස්සර උසස් පෙළ නැතුව රුසියාවේ ගිහින් ලංකාවේ ඕනෑතරම් උදවිය වෛද්‍ය විද්‍යාව හදාරලා ඇවිත් මේ රටේ දොස්තරලා විදියට සේවය කළා. නමුත් ඔවුන්ට විරුද්ධව කිසිවෙක් කතා කළේ නැහැ. ඇයි අද විතරක් උසස්පෙළවත් නැති කෙනෙක්ගෙන් බෙහෙත් බොන්න බය? උසස් ප්‍රමිතියකින් යුතු විශ්වවිද්‍යාල උපාධි දෙනවා නම් ඒවා අධීක්ෂණය කරන්න අයත් ඉන්නවා නම්, අධ්‍යාපනයේ නිදහස භුක්ති විඳීමට යමකුට ඇති අයිතියට අපි ගරු කළයුතුයි. (නි)
ලෝකේ නිදහස් අධ්‍යාපනය පවතින එකම රට ලංකාවයි (නි)
ලෙඩ්ඩුන්ට රෝහල්වල බෙහෙත් දෙන්නේ සංගමයේ අය නොවේද? මෙහෙ වෛද්‍ය සිසුන් පාරේ ඉන්නකොට චිනේ ගිහින් ඇවිත් දොස්තරලා රෝහල්වල වැඩ (නි)
රටට කරන විනාශය පේනවා නේද? දැන් දැන් මෙයාලගේ සැබෑ මුහුණුවරපෙනෙන්න පටන්ගෙන. (නි)
මා දන්නා තරමට නිදහස් අධ්‍යාපනය තියෙන්නේ ලංකාවේ විතරයි. අනෙක් රටවල් වල කරනදේම මෙහෙ කරන්න ඕනෑ කියලා එකක් නැහැ. අධ්‍යාපනයට සම අයිතියක් තිබිය යුතුයි. එය දක්ෂතාවය මතම මිස මුදල් මත තීරණය නොවිය යුතුයි. මේ රටේ ගසාකන, නැතිකරන මුදල් බැලුවහම තව විශ්ව විද්‍යාල කීයක් හදන්න පුලුවන්ද. (නි)
සාපෙළ විභාගයෙන් පසුව හා උසස්පෙළින් පසුව වැදගත් වෘත්තිය අධ්‍යාපන ක්‍රමවේදයක් සඳහා යොමුවිය යුතුයි. රටේ වැඩ කරන්න දන්නා, උවමනාව තියෙන අය අඩුයි. සහතික තියෙන අය වැඩියි. අධ්‍යාපනය ඉහළ ප්‍රමිතියෙන් පවත්වාගෙන යායුතුයි. ඒ සඳහා රාජ්‍යය මැදිහත්වීම, රාජ්‍ය නියාමනය අත්‍යවශ්‍යයි. (නි)
අනේ මන්දා මොනවද කියලා මේ අනවශ්‍ය ප්‍රශ්න (නි)
ගුටි කෙළි තිබ්බ නැති එක පුදුමයි.(හේ)
පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්න කලින් වංචා දුෂණ නැවැත්විය යුතුයි. නැත්නම් අපට වෙන්නේ ඉන්දියාවට වෙච්ච දේ. ඉන්දියාවේ උපාධි වලට ජාත්‍යන්තර පිළිගැනීමක් නැහැ (නි)
හොඳට විභාගය සමත්වෙලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි වුණාම ළමයි අසරණ වෙනවා. ඉතින් ගෙවලා ඉගෙනගන්න පුලුවන් නම් මොකද? ප්‍රමිතිය ගැන බලලා ඒවා හරිගස්සන්න. දැන් නිදහස් අධ්‍යාපනය ලැබූ හැම දොස්තර කෙනෙක්ම කඩ කාමර වල වෙනම බෙහෙත් දෙනවා. ඉස්පිරිතාලේ ලෙඩ්ඩු මැරෙනවා. (නි)
ඔබේ අසනීපයට උසස් පෙළවත් සමත් නැති කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ඔබ සූදානම්ද? (නි)
පුද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධව තැබූ රැස්වීම්වලට මෙවැනි බාධා කිරීම් සිදු නොවිණි. (හේ)
තේරුම් ගන්න. අපි එරෙහි වෙන්නේ රටේ වෛද්‍ය විද්‍යාල පෞද්ගලීකරණය කිරීමට පමණි. අනෙකුත් උපාධි දැන් ගොඩක් කල් ඉඳලා දෙනවනේ. දොස්තරලා එක්ක අනෙක් උපාධිධාරයෝ සමාන කරන්න බැහැ. (නි)
ලක්විදු කියන එක තමයි ඇත්තම ප්‍රශ්නේ. උසස් පෙළටවත් විද්‍යාව නොකරපු අය මෙතනට ඇවිත්. ඇයි ඒ ගැන කතා නැත්තේ? (ත)
නියම සෙට් එක. එක වල්ලේ පොල් වගෙයි. (නි)
කතාව පටන් ගන්න යනකොටම ප්‍රශ්න අහන්න නැගිටින්නෙ “රාජපක්ෂ“ ක්‍රමයටනෙ. (නි)