(ජේ.ඒ.එල්.ජයසිංහ)
ශල්‍යකර්මයක් සඳහා මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ 25 හැවිරිදි තිදරු මවක එන්තක් ලබා දීමෙන් පසු මිය ගිය බව කියමින් ඇගේ සැමියා පැමිණිලි කර ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි.
සිද්ධිය පිළිබඳව කටුගස්තොට පොලිසියට ලද පැමිණිල්ල අනුව කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජගත් චන්ද්‍රෙස්කර බණ්ඩාර මහතා විසින් ද පරික්ෂණයක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සයිටම් වෛද්‍යවරුන්ගේ වැඩක්ද?
මේ ලෙඩ්ඩු මරලා තියෙන්නේ සයිටම් එකේ අය නොවෙයිනේ,
වෛද්‍යවරයාට අනුව මරණයට හේතුව නිර්වින්දන ඖෂධය නොගැලපීම නිසා ඇතිවන ආසාධිත (allergy ) තත්වයක් හේතුවෙනි.
මෙයාලට සල්ලි විතරි ඕනේ .. ඒ ගැන කිසිම සැලකිල්ලක් නෑ.
කවුද මැරුවේ කළුබෝවිල රෝහලේ ලෙඩා
පැරසිටමෝල් පෙත්තේ සිට ඕනෑම බෙහෙතක් විතරක් නෙමේ කෑම වර්ග , ඩයි වර්ග සඳහා අසාත්මිකතාවක් ඇතිවී එහි දරුණුතාව මත මිය යන්න වුනත් පුළුවන්. මේක රජයේ, පුද්ගලික, රෝහලකදී වෙනත් රටක් රෝහලකදී මෙන්ම නිවසේදීද විය හැකියි. කිසිම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ලෙඩ්ඩු මරන්න හිතාගෙන බෙහෙත් දෙන්නේ නෑ. මෙම කොම්මෙන්ට් දකිද්දී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය නෙමේ මෝඩයන්ගේ කේන්ද්‍රස්ථානය වන බව නම් පැහැදිලියි.
රෝගියෙක් මිය යාමට සිරුර තුළ සාධක රාශියක් තිබිය හැකිය. රෝගියෙක් විවිධ ආකාරයෙන් එන්න්තකට ප්‍රතික්‍රියා කළ හැකි අතර මා හිතන්නේ නෑ කිසිම වෙද්‍යවරයෙක් මේ සියලු සාධක දැන සිටි කියා. මා දන්නා පරිදි කිසිම වෛද්‍යවරයෙක් ඕනේ කමින් රෝගියෙක් මරණයට පත් කරන්නේ නැත. මෙවැනි අනතුරු අතීතයේ ඇතිවුවක් සේම අනාගතයේත් ඇති වීමට ඉඩ තිබේ. එම නිසා මෙය සයිටම් එකේද නැද්ද යන්න අදහස් දැක්වීම මෝඩ කමකි.
සයිටම් නොවන දොස්තරලාගෙන් වැරදි වුණාමනොයෙකුත් නිදහසට කරැණු තියෙනවා.