
(නිමල කොඩිතුවක්කු)
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසර එකහාමාරක කාලයක් අස්ථාවර වු පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා පෞද්ගලික බස්රථ හිමියන් 20,000කට සහන පැකේජයක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
එහි පළමු පියවර ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් බස්හිමියන් 1916කට හා අන්තර් පළාත් බස්හිමියන් 419 දෙනෙකුට රුපියල් මිලියන 235ක සහන ලබාදීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
එය සංකේතවත් කරමින් රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදි බස්රථ හිමියන් 350 දෙනෙකුට මෙම සහන පැකේජ ලබාදීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
බස්රථ කර්මාන්තයට සම්බන්ධ පෞද්ගලික ආයතන 06ක් මෙම සහන පැකේජය ලබා දීමට දායකත්වය ලබා දී ඇත.
මෙම පැකේජ යටතේ යළි ප්‍රවාහන සේවාවට යොදවන බස්රථ සදහා අවශ්‍ය ටයර්, බැටරි, ලිහිසි තෙල් හා අමතර කොටස් සදහා දැනට වෙළදපොලේ ලබාදෙන වට්ටම්වලට අමතරව විශේෂ වට්ටම් ලබාදීමට එම පෞද්ගලික ආයතන ජාතික ප්‍රවාහන සේවා කොමිෂන් සහාවට එකඟතාවය පලකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd