IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පදක්කමක බලාපොරොත්තු රඳවමින් ප‍්‍රදීප් සංජය අවසන් තරගයට එයි

ලන්ඩන් පැරලිම්පික් උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක‍්‍රීඩක ප‍්‍රදීප් සංජය මීටර 400 එක් අතක් අප‍්‍රාණික කාණ්ඩයේ පිරිමි ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (4) සමත් විය. පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම පරාජය ලද නමුත් මූලික තරගය ජය ගනිමින් අවසන් තරගයට පිවිසීම ප‍්‍රදීප් සංජය සමත්වීම ශ්‍රී ලංකාව ලද විශාල අස්වැසිල්ලකි. මීටර 400 එක් අතක් අප‍්‍රාණික ඉසව්වේ දෙවැනි මූලික තරගය තත්ත්පර 49.82 කට නිමා කරමින් අවසන් මහ තරගයට පිවිසි ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා මූලික වටයේ සමස්ත ප‍්‍රතිඵලය අනුව දෙවැනි ස්ථානයේ පසුවෙයි. මෙම තත්ත්වය අනුව ඊයේ බි‍්‍රතාන්‍ය වේලාවෙන් රාත‍්‍රී 8.54 ට පැවැත්වීමට නියමිතව තිබූ එහි අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් කෙරෙහි විශ්වාසයක් තැබීමේ අවස්ථාවක් තිබිණි. ප‍්‍රදීප් සංජය මීටර 200 පිරිමි එක් අතක් අප‍්‍රාණික ඉසව්වේ තරග වැදී මූලික වටයෙන් පරාජයට පත්විය. ඊයේ තරග වැදුණු ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා අමරා ඉන්දුමතී කරුණාතිලක මීටර 100 කාන්තා එක් අතක් අහිමි ඉසව්වේ මූලික වටයේදීම (තත්පර 13.96) පරාජයට පත්වූවාය. කෙසේ වුවත් ඇය එම ඉසව්වේ මෙතෙක් ඇගේ හොඳම දක්ෂතාවය වාර්තා කිරීමට ද සමත් වූවාය. උස පැනීම  - පිරිමි ඉසව්වේ දණහිසෙන් ඉහළ පාදයක් අහිමි කාණ්ඩයේ තරග වැදුණු ශ්‍රී ලංකා ක‍්‍රීඩක ලෙස්ලි කුමාර හත්වැනි ස්ථානයට පත්වූයේ මීටර 1.50 ක් පනිමිනි. වසර 1996 ඇට්ලන්ටා පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලේ සිට එම ක‍්‍රීඩා උළෙලට තරග වදින ශ්‍රී ලංකාවට අද පදක්කමක් දිනා ගත හැකි වෙතොත් එය ඔවුන් දිනා ගන්නා පළමු පදක්කම ලෙස ඉතිහාසගත වේ.



අදහස් (0)

පදක්කමක බලාපොරොත්තු රඳවමින් ප‍්‍රදීප් සංජය අවසන් තරගයට එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site