ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට පොදු රාජ්‍ය මණ්ඩලීය නීතීඥ හා අධ්‍යාපනඥයින්ගේ සංගමයෙන් ලැබුණු ඇමෙරිකා ඩොලර් 5000ක මුදල (රුපියල් හය ලක්ෂ හැට හය දහස් හත්සිය පනහක්) අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අද පිරිනැමිණි.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තෑග්ග එක්නැළිගොඩ මහත්මියට බාර දුන්නේය.
කොළඹ අලුත්කඩේ මිහිඳු මාවතේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මූලස්ථානයේ දී මෙම උත්සවය පැවැත්විණි.
විනිශ්චයකාරවරු සහ නීතීඥවරු පිරිසක් ද ඊට එක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඩුබායි තිලක් මහත්තයෝ වයිෆ්ගේ මොලේ ..අමතක වුනා..හෝදන්න ඉතින් ඒ ගැණු මනුස්සයට මොලයක් තියෙන එකක්යැයි.එහෙම එකක් තිබුනානම් මේ වගේ මඩ වලවල් වල ලගින මි හරකෙක් බදීවිද? අනෙක මේ පිවිතුරු යහපාල 2015-05-30 03:53:41 මමනම් නෙමෙයි.(බ)
උතුම් ක්‍රියාවක් මහත්තයෝ , පින් සිද්ද වෙනවා මේ පවුලට පිහිට වෙන එකටනම් ,(හේ)
මාධ්‍යවේදී රස්සාව වට වඩා දෑතේ රස්සාව හොදයි මරුම් කනවට වඩා.(හේ)
එක්නැලිගොඩ කියන්නේ කවුද, ඔහුව ඝාතනය කරන්න පහුගිය රජයට තිබුණු හේතුව කුමක්ද,පහුගිය රජය පැවති සමයේ එම රජය පමණක් නොව රාජපක්ෂ පවුලම නිර්දයව විවේචනය කල මාධ්‍ය වේදීන් යහතින් පැන හසුරවද්දී මොහු ගාතනය කරන්නේ මොන පිස්සුවකටද කියන ප්‍රශ්න වැලක් හිතට නැගෙනවා.. (කේ)
එතකොට කලින් රජයේ සිටි ඇමති වරයෙක් දුටුවා කිවේ එක්නැලිගොඩ නොවේද ? ලංකා රජයෙන් ඝාතනය කළ කොටින් යුරෝපයේ රටවල සරණාගත විසා වලින් වෙනත් ව්‍යාජ නම් වලින් සිටිනාවානම් , අපේ ඔය සිංහල රාජ්‍ය සහ රට හෙළාදකින සිංහලුන්ටත් එසේ ඉන්නට පුළුවන් යුරෝපයේ , සමහරුන්ව මා ඉතා හොඳින් දන්නවා , මමත් යුරෝපයේ ජිවත් වන නිසා (බ)
කවදත් සත්‍ය යුක්තිය සදාරණත්වය වෙනුවෙන් පෙනී හිටපු ඉහල ගනයේ නීති විශාරදයෙක් උපුල් ජයසුරිය මහත්තයා. මේ උතුම් සත්කාරය වෙනුවෙන් ඔබට පින්. (කේ)
ඉස්සර මම නිවාඩුවට ලංකාවට ගියහම මගේ භාර්යාව,අම්මල ඉන්නේ ගොඩක් බියෙන් .සැකයෙන්.රටේ මිනිසුන්ගේ මොළ හෝදලා නිසා අපි කියන දෙයක් තේරුම් ගන්න මිනිස්සු බයයි.(බ)
එක්නැලිගොඩ කියන්නේ කවුද, ඔහුව ඝාතනය කරන්න පහුගිය රජයට තිබුණු හේතුව කුමක්ද,පහුගිය රජය පැවති සමයේ එම රජය පමණක් නොව රාජපක්ෂ පවුලම නිර්දයව විවේචනය කළ මාධ්‍යවේදීන් යහතින් පෑන හසුරවද්දී මේ සිමිත පිරිසක් බලන කුණු ඕපාදුප වෙබ් අඩවියක් කරපු මොහු ඝාතනය කරන්නේ මොන පිස්සුවකටද කියන ප්‍රශ්න වැලක් හිතට නැගෙනවා..වසරක් පාසා නොමිලේ ලැබෙන ජිනිවා ටුවර් එකෙන් මවු බිම පවා දීමෙන් ලැබෙන ඩොලර් වලට තව ඩොලර් ටිකක් එකතු වෙලා..ඕක මෝය කටින් පොල්ලෙල්ලක් ගියා වගේ ඇති.කොහේ හරි ඉදන් එක්නැලිගොඩ හිනා වේවි මේ ටෙලිය නරඹනවා ඇති..(බ)
ඩුබායි තිලක් , ඔය කියන විදිහට ලංකාව දැන් සාමකාමී සුඛිත මුදිතනම් මොකද තාමත් ඔය ගිනි ගහන කාන්තාරයට වෙලා ඉන්නේ ? (බ)
ඒක හොදයි.(හේ)
නීතිඥ උපුල් ජයසූරිය මහතාට තව තවත් ලැබෙන්න කියල පතනවා.(ම)
ඒකාධිපති ගඩාෆිගේ කාලේදී අපිත් මොන තරම් බියකින්ද හිටියේ.(හේ)
මම මාර්තු මාසයේ අග භාගයේ ලංකාවට කෙටි නිවාඩුවක් සඳහා ගියා , එහිදී මම දුටු විශේෂය නම් , ගුවන් තොටුපළෙන් බැස ගෙදර ගිය පසුත් ආපසු එනතෙක් , බහුතරය ලාංකිකයන් නිදහසේ බියක් සැකක් නොමැතිව රජය හොඳ නරක ප්‍රසිද්ධීයේ කියා පෑමත් , පෙරට වඩා සතුටින් සිටීමත් ,නව ජනාධිපති තුමාට පින් සිදු වන්නට.(හේ)
කවුරු කෙසේ කිවාත් , තව සය මාසයක් යන්නට පෙර ඔය එක්නෙලිගොඩ මහතා , එලියට එනවා සිකුරුයි , (හේ)
මම අසා ඇති අන්දමට ඔය ඩොලර් වලින් යුරෝ වලින් තෑගී ලැබෙන්නේ , අප වැනි රටවල සමහරු එම රට බටහිරට සහ ඇමරිකාවට අවශ්‍ය විදියට අදහස් දැක්විමට කටයුතු කරන , තම රට පවා දෙන අයට කියා , එහි සත්‍යක් තිබෙන්නට පුළුවන් , මොකද මිට වඩා රටට හිතැති රටට වැඩදායක නීති මහතුන්ට ඕවා ලැබුනේ නැහැ (බ)
පිවිතුරු යහපලාල දුසිමක් හිටියත් අපට වැඩක් නැත , 2015.05.30.03.53.41 යහපාලට කියන්න තියෙන්නේ එක දෙයයි , ඔය කියන සිදුවීම් අපෙන් ඇහුවට වැඩක් නැත ඇසිය යුත්තේ මෙවන් අපරාද කල පසු ගිය රජය කළ අයගෙන්ය (බ)
මෙය බොහොම අගයකල යුතු සත් ගුණවත් ක්‍රියාවක් , නමුත් මෙයා ගැන නොදන්නා දේවල් ටිකක් කියන්නම් ඔය ෆේස් බුක් වල මඩ ප්‍රවෘත්ති බලලා අදහස් දාන රට ඉන්න මහත්වරු නෝනලට . ලංකා ඉතිහාසයේ පලම්ය් නීති සංගමයේ සබාපති එලි පිට ප්‍රසිද්දියේ දේශපාලන පක්ෂයකට සහයෝගය දක්වපු ( නීති සංගමය වැනි උත්තරීතර සංගමයක් කවදාවත් දේශපාලන පක්ෂ වල අතොකොලු වෙලා නැහැ , හැබැයි ඒ වෙන්වෙන් මෙයාට ලැබුනා ආයෝජන මණ්ඩලයේ සබාපති කම , මොකද මේයා ආර්ථික විද්‍යා හෝ ආයෝජන පිලිබඳ විශේෂිත පුද්ගලයෙක්ද ? එ්කත් කමක් නැහැ , මෙයා ආපු ගමන් එයාගේ යාළුවො ටිකත් ගෙනාව ආයෝජන මණ්ඩලයට , ඊට පසු එතන හිටපු ප්‍රවීන හා දක්ෂ නිලධාරීන්ට නොදී , මේ නීති සෙට් එකට පමණක් මාසිකව විශාල දීමනාවක් පාස් කර ගත්ත . වැඩිදුර විස්ත්තර ආයෝජන මණ්ඩලයේ වැඩ කරන ඉහල නිල්දාරින්ගෙන් අහන්න . එක්නැලිගොඩ මහතා වැඩකලේ ලංකා ඊ නිවුස් එකේ. එ්කේ ඉදන් පසු ගිය ආණ්ඩුව පට්ට ගැහුවා , පසුව එහි හිටපු ප්‍රබල උගත් ඇමති වරයෙක් ගැන ආන්දෝලාත්මක ලිපියක් ඊ නිවුස් එකට දැම්ම , අන්න ඒ ලිපිය තමා එකනලියගොඩ මහතා ට ප්‍රස්නයක් වුනේ , ඒ ඇමති තුමා දැන් මේ ආණ්ඩුව ප්‍රබල ඇමති වරයෙක් , ඒ නිසා දැන් ඊ නිව්සුත් මේ ආණ්ඩුව පැත්තේ නිසා දෙගොල්ල හිර වෙලා . ඒ පළවුණු ලිපිය තාමත් තියෙනවා , බලපු අයත් ඇති දන්න අයත් ඇති . කොහොම නමුත් උපුල් ජයසුරිය මහතා කරපු දෙය අගය කරමි (බ)
යහපාල. ඔයා අහලා තියෙනවද බේබි ටෝක් ඔයත් ඒ වගේ. මනුස්ස ජිවිතයේ. වටිනාකම. ඉගෙන ගන්න. බණ ලියල වැඩක් නැහැ. (බ)
පිවිතුරු යහපාලට බොහෝ දේ ඉගෙන ගන්න වෙනවා වගේම තව ටිකක් වැඩිපුර කියවන්න වෙනවා. මේ වගේ වටිනා මිනිහෙක් ගැන නොදැන ගන්න යහපාල ඒ කාලේ කොහෙද හිටියේ??(බ)
ගෙදර මුදුන් මුල,පියා, ස්වාමිපුරුෂයා නැතිවීමේ නියම තත්වය දන්නේ එයට මුහුණදුන් අය පමණි.එය තේරුම්ගෙන මේ කරන ලද කටයුත්ත ඉතාමත් පිනැති ක්‍රියාවකි. (නි)
එතකොට ප්‍රේමකීර්ති ද අල්විස් , සාගරිකා ගෝමස් , රිචර්ඩ් ඩි සොයිසා , යසපාලිත් නානායක්කාර වගේ උදවිය ගැන පරීක්ෂණ පවත් වන්නේ නැද්ද ? ඒවා කල් ඉකුත් වී ඇති නේද ? (ස)
පිවිතුරු යහපාල කියන්නේ මේ ඊයේ පෙරේද ඉපදිච්ච ළදරුවෙක්ද කොහෙද..... අපිනම් මැරිලා ඉපදිලා නෑ හොඳට දැක්ක පහුගිය කලේ උන දේවල්. (ස)
2009 ට පෙර කාලවලදී නම් කොටි ත්‍රස්තවාදී බිය තදින්ම තිබුනා,ඊට පෙර විශේෂයෙන් 87-89 කාලවලදී රටේ අමතරව අමානුෂික ඝාතන අතුරුදන් වීම තදින්ම තිබුනා.ඒ යු එන් පී සහ ජේ වී පී එකේ ක්‍රියාකාරකම් නිසා.කොහොමත් ඔය පින්තුරේ ඉන්න පුද්ගලයන්ගෙන් රටට කිසිම යහපතක් නොවෙන බව දැන ගත යුතුය.සමහරු කියන විදියේ බිය තුබුණේ ඉහත කාලවලදී බවද මතක තබා ගත යුතුය.මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් එය වැදගත්ය. (බ)
යහපාල ගොයියා කියන්න හදන්නේ එක්නැලිගොඩ (මැරිලා) ඉන්නවා කියන එකද? වසරේ හොඳම හාස්‍යයොත්පාදක වැකිය ලෙස "රාජපක්ෂ පවුලම නිර්දයව විවේචනය කළ මාධ්‍ය වේදීන් යහතින් පැන හසුරවද්දී ..." සම්මානයෙන් පිදුම් ලැබිය යුතුයි.(බ)
එක පාරක් කියනවා රගර් ක්‍රීඩකයෙක් මරුවලු , තව පාරක් කියනවා වතුර ඉල්ලුවහම වෙඩි තිබ්බලු, තව පාරක් කියල උද්ගෝෂණය කරපු අය මරුවලු, තව පාරක් කියනවා ලසන්ත ගැන ,ඊට පස්සේ කියනවා යුද විරුවෝ හිරගත කළාලු ,කුඩු කාරයෝ රජ කළාලු , වෙච්ච මිනි මැරුම් 100 ක් විතර කියාගෙන කියාගෙන යනවා.. මම අහන්නේ එහෙම කරන්න තියෙන උවමනාව මොකද්ද ? (බ)
යහපාල, ඔබට බුද්ධිය සහ අධාපනය අපිට දීමට හැකියාවක් නෑ. ඒක නිසා ආයෙත් පළවෙනි පන්තියේ සිට ඉස්කෝලේ යන්න බලන්න. නැත්නම් ඔබගේ මානසික තත්වය පරීක්ෂා කරවගන්න.(බ)
පිවිතුරු පෙරේරා, එහෙම කරන්ඩ හේතුව බල තන්හාව.හිට්ලර් ලක්ෂ ගානක් මිනිස්සු මරන්ව හේතුව හොයන්ඩකෝ.එතකොට ඔයාගේ මෝඩ ප්‍රශ්නෙට උත්තර ලැබෙයි.(බ)
එතකොට සත්‍ය මහත්තයෝ 8 වැනිදට කලින් අපි බැලුවේ පත්තර නෙමෙයිද? ඒවාට ලිව්වේ අගහරු ලෝකෙන් ඇවිත්ද? (බ)
සමහර මාධ්‍යවේදී කට්ටිය සල්ලිවලට රට විකුණනවා. සමහර මාධ්‍යවේදී කට්ටිය රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සටන් වදිනවා. එවැනි මාධ්‍යවේදීනට අපගේ උත්තමාචාරය.(බ)
එයා තවම ජීවතුන් අතර නේද? (ත)