දිනා ගත් සාමය තහවුරු කිරීමේ අරමුණින් සියලු ආගම් වල සහභාගීත්වයෙන් දකුණේ සිට උතුර බලා යන සාම පාද යාත්‍රාව කතරගමින් අද (06) උදේ නවයට ඇරැඹිණි.
ටිබෙට් ආධ්‍යාත්මික නායක සාකල්‍ය ගියැල්වන්ග් ඩ්ර්ක්පා තුමාගේ නායකත්වයෙන් ඇරැඹි ප්‍රාද යාත්‍රාවට ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා යෞවන සමාජ සමිමේලනය, තාරුණ්‍යට හෙටක් සංවිධානය හා ඌව පළාත් සභාව සහය දක්වයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද පැමිණ සිටියහ.
ඉන්දියාව,නේපාලය, ඉන්දුනීසීයාව, වියට්නාමය ඇතුළු රටවල් රැසක මෙහෙණින් වහන්සේලා හා මහා සංඝයා වහන්සේලා ද වැඩම කළහ. ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියෝ 1500 ක් ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ මිනිස්සුන්ගේ අවධානයට මේ සිද්දිය ලක් වේවා. ලංකාවේම ඉන්නේ එක ජාතියයි. ඒ ශ්‍රී ලාංකිකයෝ විතරයි (දී)
ලෝකෙම මේවා දැන ගන්න ඕනේ (දී)
මමත් එනවා ඒ වෙනුවෙන් (දී)
ලංකාවම ජිවත් වෙන්නේ එකමවකගේ දරුවන් (දී)
මේවා මුළු ලෝකෙටම පෙන්නන්න (දී)
ජාති බේදයෙන් තොරව එකම ධජයක් යටතේ අපි පෙරටම යමු. විදේශගත ශ්‍රී ලාංකිකයනි, අපි එකාමෙන් අත්වැල් බැදගමු. වැදූ මවත් දිනූ බිමත් දෙකක් නොව එකක් බව සිහි තබා ගනු. දමිල ,මුස්ලිම් ,සිහල සොයුරනේ, අපේ රට රෑකුමට වරෙව් පෙරමුණේ. (නි)
හරිම ලස්සනයි. දෙවි පිහිටයි. (නි)
මේ වගේ වැඩ සමගම ජනතාවට ජීවත් වීමට සුදුසු මාර්ගයක්ද ඇති කළ යුතුයි. (නි)
මේකට සල්ලි ගොඩක් වියදම් වුණාද දන්නෙ නැහැ. (නි)
ලෝකෙටම ආදර්ශයක් (දී)
අපිත් එකතු වෙමු (දී)
ලංකාවට ඇත තියන්න දෙන්න දෙන්න එපා (දී)
ලංකා මාතාවට දළදා සමිඳු පිහිටයි (දී)
මෙවන් දේවල් කිරීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය කුමක්ද? (නි)
අපි ඉදිරිටයම යමු එකා වන්ව... (නි)
ලංකාවාසීන්ට සාමකාමී මානසිකතාවයක් ගොඩනැගීමට දරන උත්සහයටයි මේ ප්‍රනාමය.(නදී)
තවත් බොරු වැඩක්.(නදී)
සමගිය බලය වේ (දී)
ලංකාවයි ඉන්දියාවයි ලංකරන්නත් මොනවා හරි කරන්න වෙයි. (නදී)
සුභපැතුම් (දී)
උතුරේ අයත් එනවානම් තමයි නියම සාමය.(නදී)
හොද ආදර්ශයක් (දී)
මොකද්ද ඒ වැඩේ (දී)
ලංකාව වෙනුවෙන් අපි (දී)
අපි හැමදාම පාද යාත්‍රා යනව දකුණෙන් උතුරට, නමුත් උතුරෙන් දකුණට කිසිම යාත්‍රාවක් නැහැ. අපට විතරද සාමය ඕනෑ? (නි)