ජනතා අභිලාෂය යටපත් කිරීමේ අරමුණින් සහ රාජපක්ෂ රජය සමයේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධ විමර්ශන යටපත් කිරීමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂ පැවැත්වූ පාගමනින් කිසිදු ප්‍රයෝජනයක් නැති බවත්, තවත් දින දෙක තුනකින් ඒකාබද්ධ විපක්ෂයේ හුළං බහිනු ඇති බවත් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ආණ්ඩුවට එරෙහිව දෝෂාරෝපනය කිරීමට රට වැසියන්ට අයිතියක් ඇති නමුත් ඒ සඳහා කිසිදු දෙයක් නොදන්නා කුඩා දරුවන් යොදා ගැනීම පිළිකුළෙන් හෙළා දකින බවත් ඔහු කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ පාගමන සහ රැලිය සම්බන්ධයෙන් රත්නප්‍රිය මහතා මෙසේද කීවේය.
‘මේ රැලිය අරමුණු කිහිපයක් තිබුණු බව පෙනුනා. එකක් මහින්ද රාජපක්ෂ රජය සමයේ දූෂණ චෝදනා සම්බන්ධ විමර්ශන නැවැත්වීම. අනිත් අරමුණ තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා බහුතර බලය ඔහු ලබා ගැනීම. මේ පාගමන ජනතා ජනවාරි අට ජනතා අභිලාෂයට පටහැනියි.‘ යැයි ද කීවේය.
මර්දනය තදින් ක්‍රියාත්මක කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ‘අපේ කාලේ මර්දනයක් තිබුණේ නෑ‘ යැයි කීම ගැන ලජ්ජා විය යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
රාජපක්ෂ රජය සමයේ කළ කී දෑ සම්බන්ධයෙන් විමර්ශන පවත්වද්දී මර්දනය කරනවා යැයි කියමින් පෙළපාළි යන බවත්, ජනතාව මේ ආණ්ඩුව ඡන්දය දුන්නේ රාජපක්ෂ සමයේ වංචා දූෂණ සොයා ඔවුන්ට දඩුවම් කිරීමට බවත්, එනිසා රාජපක්ෂලා මොනවා කළත් ගිය ආණ්ඩු කාලයේ කළ නීති විරෝධී ක්‍රියා වලට දඩුවම් දිය යුතු බවත් ස්ටාලින් මහතා පැවසීය.
‘පාගමන ආරම්භ කරද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කිව්වා අපේ කාලේ මර්දනයක් තිබුණේ නෑ කියලා. ඒ වගේම ඔහු කිව්වා ඒකාධිපති පාලකයන්ට වුණු දේ ඉතිහාසයේ තියෙනවා කියා. ඔහු එලෙස කිව්වේ කණ්නාඩියික් දිහා බලාගෙනද දන්නේ නෑ. ඒකාධිපතිත්වය, මර්දනය වැඩියෙන්ම තිබුණේ ඔහුගේ පාලන කාලයේදියි.
රට විනාශ කළ ඒකාධිපති පාලනයක් පලවා හරිමින් 2015 ජනවාරි අට වැනිදා ජනතාව ඉල්ලුවේ ඔවුන් කළ නීති විරෝධී ක්‍රියාවන්ට දඬුවම් කරන්න කියලයි. ඔවුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මේ ආණ්ඩුව ප්‍රමාධ කිරීම ගැන අපි විරෝධය පළ කරනවා.
ප්‍රජාතන්ත්‍රවාදය නැති කළ පාලකයකුට නුවර සිට කොළඹට එන්න ලැබීමෙන් ඔහුට සහ ඔහුගේ පිරිසට ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳින්න ලැබුණා. මේ ආණ්ඩුවත් හයිඩ් පිටිය නුදුන්න එක වැරදි. එය දෙන්නයි තිබුණේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයකුට ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාඩමක් උගන්වන්න තිබුණා.
දූෂිතයන්ට එරෙහි පරීක්ෂණ ක්‍රියාත්මක වෙනකොට ඒවයින් බේරෙන්න මර්දනයක් ගැන කතා කරනවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ රාජපක්ෂ යුගයේ විමර්ශන කඩිනම් කරන ලෙසයි.‘ යැයි ද ස්ටාලින් මහතා කීවේය.
COMMENTS
පාද යාත්‍රාවේ කෙසේවෙතත් යහපලානේ නම් හුලන් බැහැලා (ම)
රෝහණ, නිම්මි, මහින්ද ආර් කිතුල්ගොඩ් සීෂෙල්ස් කියන කතා එච්චර ගණන් ගන්න එපා (නි)
එන්ජීඕ වලින් ජරාව කන අයගේ ෂෝ එක විතරයි (බ)
අනේ මන්දන්නේ නැ..ඉතින් ඕව පවතින්නේ නැත්තම් කට වහගෙන හිටිය නම් ඉවරනේ..දැනුන නිසා නේද හැමෝම මේ හැටි කියවන්නේ..(බ)
රාජපක්ෂ සහෝදර සමාගම කරපු හොරකම් වලට හිරේ යැවිය යුතුමයි.මේ ආණ්ඩුව ඒවා ප්‍රමාද කරන්නේ කරන්නේ මොකද කියල නම් අපිටත් දැන් සැකයක් තියෙනවා. (අ)
එජීඕ කාක්කෝ දැන්වත් කටපියගෙන් ඉන්නවද.(අ)
මේ වගේ ගොන් කතා අහන්නත් මිනිස්සු ඉන්නවද? (අ)
හුලං බහින කොට අාය ඔයාට ගන්ඩද? (බ)
හොඳයි රංචාගොඩ. ඔයත් මොනවා හරි කියන්නකෝ. (බ)
යහපාලනෙට කඩේ ගිය ගොඩක් අයට නම් දැන් එපා වෙලා. මෙයාලට නම් තාම එපා වෙලා නැ වගේ. ඩොලර් එකක් දැන් කීයද? (බ)
ඕවට තමයි කියන්නේ ණයට කහිනවා කියල. ජෝසොප් හා සමන් එකතුවෙලා වරින් වර මුහුණ පෙන්නනවා ඉන්න බව කියන්න. (අ)
නිම්මි ත් තාම මහින්දට කුලියට කහින කෙනෙක්ද? (අ)
දැන් මොන හොරකම්ද කරුණු ඇතිව ඔප්පු වෙලා තියෙන්නේ? සැකයට ඉදිරිපත් කළාට මහ බැංකුවේ හොරකම වගේ කරුණු ඇතිව කිසිම දෙයක් නැහැ නේද? (බ)
රෝහනලවගේ තවත් කැස්ස හංගගෙන ඉන්න හදන කාස කාරයෝ ඉන්නවා රට ජාතියට හෙන ගැහුනත් පාට දිනවන්න කැමති.....කැස්ස හංගන්න බැරිබව වත් දන්නේ නැද්ද...(රේ)
මේ රට තව තවත් එක එක අයගේ පදයට නටන්නේ ඇයි කියලා අපි නම් දන්නවා (නි)