ඌව හිටපු මහ ඇමැති හා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ ද අද (31) නිට්ටඹුවේදී ජන සටන පාද යාත්‍රාවට එක්විය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා අද පාද යාත්‍රාවට පැමිණි බවක් දක්නට නොලැබිණි. සෙනසුරාදා ද ඔහු සහභාගි වූයේ නැත.
අද නිට්ටඹුවෙන් පෙරවරු 10.10ට පමණ පාද යාත්‍රාව අරඹමින් මහින්ද පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසූයේ පාද යාත්‍රාව නතර කිරීමට පොලිසිය උත්සාහ දරමින් සිටින බවත් පොලිස්පති කෙලින් වැඩ කරන බව කියනවානම් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ලෙසයි.
‘රජය අපට කොතරම් බිය වෙලාද කියනවානම් කොළඹ යුනියන් පෙදෙසේ පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටිය) රජයේ වියදමින් වළවල් හාරනවා‘ යැයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාද යාත්‍රාව අවසානයේ පවත්වන රැලිය සඳහා මෙම පිටිය වෙන් කර ගත් බවද ඔහු කීවේය. මේ වන විට පාද යාත්‍රාව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ආසන්නය ළඟා වෙමින් පවතී.
ඡායාරූප - කෞශල්‍ය සමින්ද







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න දෙයක් නැහැ. එයාලටම තේරෙන්න අරින එක හොඳයි (නි)
බය කව්ද කියලා අපිට තේරෙනවා (නි)
ආණ්ඩුව ඔයාලා වගේ හොරුන්ට බය නැහැ. සටන්පාඨ කියමින් යන ඔයාලට පුලුවන්ද ආණ්ඩුවක් පෙරළන්න? (නි)
අැයි මේ අපේ අප්පච්චි නැත්තේ? මේ ටිකේම ඇවිදලා දියපට්ට ඇවිල්ලද? අනේ පව්! (නි)
ජයවේවා අපි හෙට කොළඹදී ඔබ සමගයි
යහපත් පුරවැසියන්ට පින් සිතුවිලි තියෙන්ඩ ඕන. යම් කෙනෙක් පව් කළොත් ඒ පව් ඔහු පිටුපස ලුහු බදින්නේ ගොනා බැදී කරත්තේ වගේ. සල්ලි දීල බේරෙන්ඩ ලැබෙන්නේ නැහැ. (බ)
ඒකනේ නාමල් ඉන්න සෙනග කන්දරාව දෑක්කම බය වෙනවා නේන්නම් (බ)
මොකට බය වෙන්නද ජනතාව එලවපු නායකයෝ තවත් රැලක් එක්ක පාරේ ගීයාට බයවෙලා ඉන්නේ ආණ්ඩුව නොවේ (බ)
රජය බය වෙලාද නාමල් බේබි බය වෙලාද කියල තමයි තේරෙන් නැත්තේ. ආණ්ඩුවට විරුද්ධ යන මෙවැනි පාදයාත්‍රා වලට කදුළු ගෑස් වෙඩි උණ්ඩ නැත්තේ මේ ආණ්ඩුවෙන් විතරයි.මෙව්වා දැකල හරි ජනතා මතයට රජය කොහොමද හැසිරෙන්න ඕනේ කියන එක ඔය පාලකයන්ට තේරුනොත් ඇති.(බ)
නාමල් බේබි හොදටම බයවෙලා වගේ (බ)
කදුළු ගෑස් ගහන්නේ කොහොමද .....යහපාලනයට ජන්දය දීපු අයත් මෙතන ඉන්නවනේ. (බ)
ආණ්ඩුව කරන වැඩ වලින් පෙන්නේ ආණ්ඩුව බයවෙලා කියන එක තමා. රූපවහිනිඑ අයිටීඑන් එකේ 90% කම පාද යාත්‍රාවට බනිනවා.සිරස සුපුරුදු පරිදි මඩ ගහනවා.මේ හැම එකකින්ම වෙන්නේ පොදු විපක්ෂේ වටා එකතුවෙන පිරිස වැඩි වෙන එක බව ආණ්ඩුවට නොතේරෙනවා වෙන්න බැහැ. ඊළඟ ඡන්දෙ එනකම් ආණ්ඩුව දොඩවා ඉදීවි. (බ)
පාද යාත්‍රාවක් කියා ගත්ත මේ විරෝධතා ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙන බව තමයි පෙන්න තියෙන්නේ . ලක්ෂ ගණනින් ජනතාව එනවා කිව්වට 1000 ක් 2000 ක් අතර ප්‍රමාණයක් තමයි ඉන්නේ . කෝ මේ ඒකාබද්ධ විපක්ෂයේ කියන කණ්ඩායමේ ලොක්කෝ මේකේ යනවා පේන්නත් නැහැ . එයාල පාද යාත්‍රාවට පිටිපස්සෙන් රථ යාත්‍රාවක එනවද ? එහෙම නැතිනම් ලෙඩ නිවාඩු දාලද ? (අ)
කලින් මේ කට්ටිය හරියට ආණ්ඩුව කළානම් හොර බොරු වංචා නැතුව මෙචර දුක්විදින්න ඕනේ නැනේ . දැන් ඒවාට පවු ගෙවන්න වෙලා තියෙන්නේ (බ)
කලින් මේ කට්ටිය හරියට ආණ්ඩුව කළානම් හොර බොරු වංචා නැතුව මෙච්චර දුක්විදින්න ඕනේ නැනේ . දැන් ඒවාට පවු ගෙවන්න වෙලා තියෙන්නේ (බ)
ඒකනම් ඇත්ත බාලසුරිය. (ර)