පාද යාත්‍රාව පස්වරු 4.00 පමණ වන විට බැලුම්මහර මංසන්ධිය පසු කළේය.
මහර, දොම්පේ ආදී ආසනවලින් පැමිණි පිරිස් බැලුම්මහර හංදියේ සිට පාගමනට සම්බන්ධ විය.
කොළඹ- මහනුවර පාරේ තැනින් තැන පාගමන්කරුවන් වෙනුවෙන් බීම, කිරිබත්, මඤ්ඤොක්කා ආදී දන්සල් සූදානම් කර තිබිණි.
පාද යාත්‍රාව යක්කලට ළගා වෙයි
2016 ජූලි මස 31 14:30:58 | තරිඳු ජයවර්ධන , කෞෂල්‍ය සමින්ද
අදහස්(0)
බැලූවෝ (1750)
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද අදවල් 2.25ට පමණ යක්කලට ළගා විය. පාද යාත්‍රාව පිළි ගැනීම සදහා විශාල පිරිසක් යක්කල හංදියේ එක්රොක් වී සිටියහ.
ගම්පහ නගරාධිපති එරංග සේනානායකගේ ආධාරකරුවෝ යක්කලින් පෙළපාළියට එකතු වූහ.
නුවර පාරේ රථ වාහන තදබදයක් ඇති වුවද පොලිසිය වාහන හසුරුවා එය අවම කළේය.
පෙළපාළිය පාරේ වම් පස මංතීරුවේ ගමන් කරයි.
පාද යාත්‍රාව අද නිට්ටඹුවෙන් ඇරැඹෙයි
2016 ජූලි මස 31 07:14:58 | තරිඳු ජයවර්ධන , කෞෂල්‍ය සමින්ද
අදහස්(0)
බැලූවෝ (1042)
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද පෙරවරු 9.30ට නිට්ටඹුවෙන් ආරම්භ වීමට නියමිතය.
අද දිනයේ ගමනාන්තය කිරිබත්ගොඩ නගරයයි.
හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලට පොලිස් ආරක්ෂාව යොදා තිබේ.
රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා වසර තුනක් සම්පූර්ණ වීම වෙනුවෙන් බැලුම්මහර හංදියේ සැමැරුම් උළෙලක් සූදානම් සංවිධානය කර තිබිණු අතර එය පෙළපාළියට පැයකට පෙර හෝ පැයකට පසු පැවැත්වීමට උසාවිය නියෝග කළේය.
ඡායාරූප - කෞශල්‍ය සමින්ද



COMMENTS
අපේ වීරයා හැමදාමත් මහින්ද මහත්තයායි ඔබට ජය (ම)
මහා කකුළුවෝ රතුපස්වලට බයේ වෙන පැත්තකින් නැවත එකතුවුනද .(අ)
ඔහොම යමු ඔහොම යමු ඔහොම ඉදිරියටම යමු. (ර)
මෙය ප්‍රයත්නය සාර්ථක වේවා! (නි)
පිටබැද්දර ජයා කෝ දැන්. පා ගමන බැලුම්මහර, රතුපස්වල පහු කරන්නේ නැහැ කියල නේද කිවුවේ. (ර)