ඒකාබද්ධ විපක්ෂය මහ නුවර සිට කොළඹට යන පාගමන අද (30) පෙරවරු 9.50ට නෙළුම්දෙනියෙන් ආරම්භ විය.
හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ආරම්භක අවස්ථාවට අද පැමිණ නොසිටි අතර මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, මහාචාර්ය තිස්ස විතාරණ, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල මහත්වරු ඇතුළු පිරිසක් ආරම්භක අවස්ථාවට එක්වූහ.
අද පාගමනේ නැවතුම නිට්ටඹුව නගරයයි.
පාමන ආරම්භයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා කීවේ ආණ්ඩුව කෙතරම් බාධා කළත් සටන අත්නොහරින බවයි.
‘අපි මුදල් ගෙවා වෙන් කර ගත් හයිඩ් පිටිය අපට නොදී ඉන්න ලෑස්ති වෙනවා. විවිධ බාධා කිරීම් කරනවා.‘ යැයි ද ඔහු කීවේය.
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද






COMMENTS
අන්න කිරිබත්ගොඩ කන්න තණකොළ තියනවා (නි)
මේවා දැක්කහම රටේ රැකියා විරහිත ප්‍රමාණයත් තේරුම්ගෙන එ්කෙන් ඇතමුන් ප්‍රයෝජන ගන්නා අයුරුත් පේනවා. (නි)
මෙහි සිටින ජනතාව තමන්ගේ රත්තරන් මාල වගේ ඒවා ප්‍රවේශම් කරගැනීමට උත්සාහ කිරීම වැදගත් කොට සැළකිය හැකිය. හොරු අතරේ විවිධ වර්ගයේ හොරු සිටින්නට පුළුවන.(රේ)
ක්‍රිකට් මැච් බලන එක නවත්තල මිනිස්සු ජන සටනේ (ම)
නෝනාවරුනි , මහත්වරුනි ! මෙහි පළමුවැනි ඡායාරුපය ලොකුකර බලන්න. මෙහි පෙනෙන්නේ දවසේ සංවිධානාත්මක ආරම්භක රැස්වීම වගේ නේද ? එහි පාරේ වම් පැත්තේ පොලිස් නිලධාරිනුත් සමග මට ගැණෙන්නේ 65 ත් 70 ත් අතර ගණනකි. (බ)
මේ ජන රැල්ලට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. අනිත් පළාත්වල පැවැත්වුවත් මීට වඩා උණුසුම් තත්වයක් දකින්න පුළුවන් වේවි. (ම)
සත්තකින්ම හයිඩ් පාක් එක දෙන්නේ නැහැ. (ම)
අනේ අපේ පැත්තටත් එන්නකෝ. අපිත් ආසයි මේකට. (ර)
අනේ මහත්තයෝ, හොරුත් එක්ක යන්නේ කොහෙද? (නි)
ජය වේවා! සුබ ගමන්! දුෂ්ට රජයට විරුද්ධව මේ යන ගමනට බුදු සරණයි! (නි)
බුදු සරණ වේවා! ඔබ සැමට තෙරුවන් සරණින් සියලු බාධක දුරුවේවා! (නි)
ජයවේවා ඔබ සැමට! යහපාලනය බංගවේවා! (නි)
රට ජාතිය වෙනුවෙන් රත්තරන් හදවතක් කැපවෙන අපූරුව! (නි)
ජය වේවා...! (නි)
මෙයාලගේ හොරකම් ඔක්කොම වහගන්න තමා මේ වෑයම. ඒක තේරුම් ගන්න බැරි අපේ මෝඩ මිනිස්සු මෙයාලගේ පස්සෙන් යන හැටි දැක්කහම පුදුම දුකක් ඇතිවෙන්නේ (නි)
ජය වේවා! අපි මහින්ද සමඟයි. (නි)
අපේ කාලේ නම් අපි කළේ සිරිකොතට යන පාර කාර්පට් කරලා රට දියුණු කළ එක විතරයි. (නි)
සුදු වෑන් නැහැ. චණ්ඩි නැහැ. රතුපස්වලදී කටුනායකදී වගේ වෙඩි තියන්නේ නැහැ. ඉතින් මොකද පා ගමන් යන්න බැරි...? (නි)
ඉස්සරහින්ම ඉන්නේ නියම අයනේ! මේගොල්ලොනේ අයෙත් බලය ගන්න හදන්නේ? පස්සෙන් යන අයට සුබ අනාගතයක්...! (නි)
හා !! මේ ඉදිරියෙන්ම ඉන්නෙ අපි දන්න කියන කෙනෙක්නේ (නි)
මුදල් ගෙවා ලබාගත් හයඩ් පිටිය නොදුන්නොත් කළයුතු දේ නොදන්නවාද? (නි)
දැන් මෙහෙම් පාද යාත්‍රා ගියා කියලා මේ ආණ්ඩුව වැටෙනවද? 2017 වෙනතුරු බලයේ ඉන්න පුළුවන්කම තියෙනවා. මහින්ද ඉල්ලගෙන කාලා දැන් පාරවල් ගානේ ඇවිදිනවා. ලැජ්ජයි මහත්තයෝ ඔයා ගැන. (නි)
මෙතන ලක්ෂ ගණනක් සෙනග ඉන්නවද? මේ වැඩවලට කාලය නාස්තිකරන්න සාමාන්‍ය ජනතාවට වෙලාවක් තියෙනවාද? මට පෙනෙන හැටියට ඒකාබද්ධ විපක්ෂය ජනතාවට විහිලු සපයනවා වගෙයි (නි)
මේක බලන්න එන කවුරු කවුරුත් තම තමන්ගේ කරේ තියෙන මාල පරිස්සම් කර ගත්තොත් හොඳයි. මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව. (නි)
අනේ අම්මෝ! මෙයාලට තියන හැකියාවන්, නේද? මේවා යොදවල පහුගිය කාලේ රට දියුණු කරන්න බැරිවුණානේ අප්පා. (නි)
නේත්‍රා දෙකින් දුටු අවලකෙළි වෙතත් මුන්... පාත්‍රා රැඟෙන සඟගණත් බණ දෙසත් දැන්... මාත්‍රා ගණනිකුදු චරිත නම් නොවෙත් වෙන්... ගාත්රා ගෙවෙනතුරු යාත්‍රා කරත් මුන්... (නි)