ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දී පැවැත්වීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත් බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා කීවේය.
පැද යාත්‍රාවට මිලියන 2 ක් පැමිණි බව කියන උදවියගේ ඇස් පරීක්ෂා කළ යුතු බව ද කුඩා ළමයි දේශපාලන කටයුතු වලට යොදා ගැනීම හෙළා දකින බව ද ඒ මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි තවත් සෙල්ලම් බැහැ ඊළඟ ඡන්දෙදි. (නි)
කුඩා ළමයින් මරා දාපු කොටියන්ට ආවඩන්න නම් ඇමතිට පුළුවන්? කුඩු භාවිතා කරන මිනිසුන් නිසා ළමා අපචාර වෙන බව ඇමතිට පෙන්නේ නැද්ද? ඒවා ගැන පළමුව කතා කරන්න. ආප්පයා කියා ළමයෙක් කිව්වාම ඔච්චර මැරෙන්න හදන්නේ? (අ)
කුමාර, ඔයා දන්නවද මෙ රටෙන් මිලියන කීයක් වෙන රට වල ඉන්නවද කියල ? ලංකාව ඇතුලේ මිලියන 1.5 විතර ඇති .(අ)
ජනතා නියෝජිතයෙක් වුණාම හොඳ මනුස්සකමක් තියෙන්න ඕනෑ. කන්න දුන් අත හපාකන්න එපා. අවුරුදු 3 ට 4 ට ඉස්සර වෙලා කියපුවා ඒ කාලේ පුවත්පත්වල සටහන් වෙලා ඇති. ඇස් නොවෙයි මොළය බලාගත්තොත් නරකද? (නි)
මට නම් හිතෙන්නෙ කෝටියක් කියන්නෙ කොපමණද කියලවත් අධ්‍යාපනයක් නැති අයට ජනතාව විසින් ඡන්දය දී පාර්ලිමේන්තුවට යවා තිබෙනවා කියායි (නි)
ගයාන්, ඔබගේ තීරණයට මගේ ප්‍රණාමය. (නි)
ඔබගේ දේශපාලන ගමන අපි අවසන් කරන්නෙමු (ම)
ලංකාවේ මුළු ජනගහනයවත් මිලියන 20 ක් නෑ. බොරුවක් වත් අහු නොවෙන්න කියන්න දන්නේ නෑ.(ම)
තම පක්ෂය අන් පක්ෂවල ජයග්‍රහණය වෙනුවෙන් පාවාදෙන උදවිය ප්‍රතිපත්තියක් නැතිව රට පාවාදීමටද කටයුතු කරනු ඇත. (බ)
නලීන්, ලංකාවේ ජනගහනය දලවශයෙන් 20, 715,000 (2015). (බ)
ලුසෙනා, පක්ෂ පාට කරපින්නා ගෙන ඉන්න අය සැමදා එකතැන පල්වෙනු ඇත. (බ)
තව කෙනෙක් කියනවා කෝටි ගානක් ආවලු. කෝටි දෙකක් ආවලු. ඉන්දියාවෙනුත් සෙනග ගෙනල්ලා වගේ. (බ)