IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


පොදු ජන යුගයක් බිහි කරනවා

(නිමල කොඩිතුවක්කු)

පොදුජන යුගයක් බිහි කිරීමට එක්වන්නැයි ප්‍රජාතන්ත්‍රවාදය අගය සියලුම ජනතාවට ආරාධනා කරන බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී  පැවසීය.

ලක්ෂ 220ක් ජනතාව ගත කරන දුකින් මුදවා ගන්නා සැමට සෞභාග්‍ය ලැබෙන සැමට සංවර්ධනය උදා කරන නව යුගයක් බිහිකිරීමේ අරමුණින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දීමෙන් අනතුරුව පැමිණ සිටි පාක්ෂිකයන් අමතමිනි.

දූෂණය වංචාව හොරකම තුරන් කරන යුගයක්, පොදුජනතාවට පරාර්ථකාමීව සේවාවක් කරන යුගයක් නියත වශයෙන් ම සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයත් සමඟ ආරම්භ වන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

පොදුජනතාවගේ හයියෙන් ලක්ෂ 220ක් ජනතාව දිනවන ගමන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රට ගොඩගත හැකි උගත් බුද්ධිමත් කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට බවත් ශ්‍රී ලංකාව ලොව අංක 1ට ගෙන ඒමට මෙම කණ්ඩායම සමග කටයුතු කරන බවත් ඔහු කීවේය.

සියලු දේ කැපකර පොදුජනතාව ජිවත් කරවන, රටේ නීතියට ගරු කරන, අහිමි වූ දේපල සම්පත හොරා කාපු මුදල් නැවත රටට ලබා ගන්නා පොදුජන යුගය බිහි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා සමග ජන බලවේගයට අනුබද්ධ පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (3)

පොදු ජන යුගයක් බිහි කරනවා

Pradeep Kumara Friday, 16 August 2024 09:51 AM

ඔයාගේ තාත්තත් ඔහොමම කිව්වා. අමුත් අවසානයේ කලේ මොනවද කියලා රටම දන්නවා.

:       24       12

Nishan Friday, 16 August 2024 03:41 PM

1989 දී ජේවීපී ත්‍රස්තවාදය මුලිනුපුටා දමපු නිසා ඔබතුමාගේ පියාගේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන සාර්ථක වෙලා රටට ඉතා විශාල ආර්ථික ප්‍රතිලාභ ලැබුණා. අදටත් ඇඟලුම් ක්ශේත්‍රයෙන් ජීවත්වෙන පවුල් ලක්ශ ගාණක් ඔබතුමාගේ පියාට පින් දෙනවා. එසේ නොවුණා නම් ඔවුන් ඒවත් ගිනිබත් කරනවා. ඔබතුමාටත් ඔබතුමාගේ පියාගේ ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

:       4       1

ගමේ එකාලා Friday, 16 August 2024 04:15 PM

සමහර රැස්වීම් වලට, සමහර ඉස්කෝලවලට ගිහින් කරන කියන කතාවල හැටියට, පොදුජන යුගය කෙසේවෙතත් අනේද මන්දා?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1124 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site