(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
පාතාලය මර්දනය කිරීම සඳහා අද සිට විශේෂ මෙහෙයුමක් අරඹන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීය.
දිවයින පුරා පාතාල ලෝකයේ ක්‍රියාකාරකම් වැඩි වීම සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇත.
පාතාලයට සම්බන්ධ මිනීමැරුම් කිහිපයක්ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය දිනවල වාර්තාවිය.
ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතවද පාතාල ලෝකයේ ක්‍රියාකාරකම් පසුගිය දිනවල තදින්ම ඉස්මතුව තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් නාට්‍යයක් මේ ආකාරයෙන් ආරම්භ වූ වගයි...
පාතාලය කියන්නේ දියවන්නාවේ පස්ස දොර නේද?
ජොබ් එක දෙන්න ඕනේ ‘‘අලිබබා සහ හොරු 40‘‘ කියලා..
පාතාලයන් කියන්නේ දේශපාලකයින්ගේ හෙන්චයියන්... ඒ නිසා වැඩේ කරන්න දෙයිද දන්නේ නෑ. අතරමග නතර කරන්න ඉඩ තියෙනවා..
ගෝඨා ආවාම ඔය තනතුර එයාට දෙන්න. සුදුවෑන් දමලා. ලස්ස්නට වැඩේ කරයි. එයාට පුළුවන් ඒ වගේ දේවල් මිසක්... ජනාධිපතිකම නොවේ.
පාතාලය මට්ටුකරන්න පළමුව. කාක්කවයි, මෙයාවයි මට්ටුකළ යුතුයි.
පාතාලයේ අත්තිවාරම රටේ දේශපාලනය නේද?
අනේ මෙයාලාගේ පාතාල මර්දනේ.. දැන්ද මතක් වුනේ.. ඒකත් කටින් බතල තමයි. සරත් වීරසේකර හිටපු කාලේ නම් මීඩියාවල දකින්නේ පාතාල කෙරුමෝ අවසන් ගමන් ගියපුවා. අද දකින්නේ පාතාලේ අය බය නැතුව ගෙදරටම ඇවිත් වෙඩි තියලා, කපලා, කොටලා යන එක විතරයි. අරගලේ සිස්ටම් චේන්ජ් එක තමයි ඔය...