(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
පාතාලය මර්දනය කිරීම සඳහා අද සිට විශේෂ මෙහෙයුමක් අරඹන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීය.
දිවයින පුරා පාතාල ලෝකයේ ක්‍රියාකාරකම් වැඩි වීම සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇත.
පාතාලයට සම්බන්ධ මිනීමැරුම් කිහිපයක්ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය දිනවල වාර්තාවිය.
ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතවද පාතාල ලෝකයේ ක්‍රියාකාරකම් පසුගිය දිනවල තදින්ම ඉස්මතුව තිබිණ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පාතාලය මට්ටු කරන මෙහෙයුම ඇරඹෙයි
sachith Saturday, 27 August 2022 08:06 PM
තවත් නාට්‍යයක් මේ ආකාරයෙන් ආරම්භ වූ වගයි...
samaadi Saturday, 27 August 2022 09:09 PM
පාතාලය කියන්නේ දියවන්නාවේ පස්ස දොර නේද?
Kumar (Gulf) Saturday, 27 August 2022 10:21 PM
ජොබ් එක දෙන්න ඕනේ ‘‘අලිබබා සහ හොරු 40‘‘ කියලා..
කිරි පුතා Saturday, 27 August 2022 10:24 PM
පාතාලයන් කියන්නේ දේශපාලකයින්ගේ හෙන්චයියන්... ඒ නිසා වැඩේ කරන්න දෙයිද දන්නේ නෑ. අතරමග නතර කරන්න ඉඩ තියෙනවා..
චතුරි Sunday, 28 August 2022 12:08 AM
ගෝඨා ආවාම ඔය තනතුර එයාට දෙන්න. සුදුවෑන් දමලා. ලස්ස්නට වැඩේ කරයි. එයාට පුළුවන් ඒ වගේ දේවල් මිසක්... ජනාධිපතිකම නොවේ.
Kumara Sunday, 28 August 2022 12:41 AM
පාතාලය මට්ටුකරන්න පළමුව. කාක්කවයි, මෙයාවයි මට්ටුකළ යුතුයි.
surasena Sunday, 28 August 2022 04:57 AM
පාතාලයේ අත්තිවාරම රටේ දේශපාලනය නේද?
Senaka Sunday, 28 August 2022 09:44 AM
අනේ මෙයාලාගේ පාතාල මර්දනේ.. දැන්ද මතක් වුනේ.. ඒකත් කටින් බතල තමයි. සරත් වීරසේකර හිටපු කාලේ නම් මීඩියාවල දකින්නේ පාතාල කෙරුමෝ අවසන් ගමන් ගියපුවා. අද දකින්නේ පාතාලේ අය බය නැතුව ගෙදරටම ඇවිත් වෙඩි තියලා, කපලා, කොටලා යන එක විතරයි. අරගලේ සිස්ටම් චේන්ජ් එක තමයි ඔය...