
(එච් චන්දන)
පුත්තලම - පාලවිය ප්‍රදේශයේ නිවසක වත්තක සිටි බෝදිලිමකු (CHAMELEON) හමුවු බව පුත්තලම වන ජීවී පාලන ඒකකය කියයි.
ඉතා දුර්ලභ වියලි කලාපයේ ජීවත් වන සතෙක් වන මෙම බෝදිලිමා මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්වය නිසා ජලය හා අහාර සොයා නිවෙස් අසලට පැමිණෙන බවයි වන ජීවී නිළධාරී් සදහන් කරයි.
මෙම සත්වයා විවිධ අවස්ථාවල වර්ණ තම ශරීරය තුලින් විදහා පාන අතර නගුට අග නිරන්තරවම රවුම්කර සිටීමත් දෙපා තබන අයරුත් විශේෂත්වයක් ගන්නා බවයි වන ජීවී නිළධාරිහු පවසති.
ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මත වන ජීවී නිලධාරින් මෙම බෝදිලිමා ඉතා සුරක්ෂිතව රැගෙන තබ්බෝව අභය භූමියට නිදහස් කිරීමට කටයතු කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කටුසු වර්ගයට අයත් සතෙක්. බෝදිලිමා කියන්නෙ නිශාචර පක්ෂියෙක්. (බකමුනෙක්) සත්තු වත්තට ගිහින් බලන්න.
මේ අපේ පස් නිශාන්ත ඇමතිතුමානේ
මේ සත්කාරයට දායකත්වය දැක්වු ප්‍රදේශවාසීන්ට ප්‍රශංසා කරමු .
පුත්තලම කිව්වොත් අමුතු සත්තු ඉන්න ලස්සන පැත්තක්.
මෝඩ වුණාට එ්ක පෙන්නන්න එපා සෝමා...
සෝමා මහත්මිය වරද්දගෙන...