දෙවසරකට පෙර පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු කොන්ත්‍රාත්කරුවකු මගින් සිදුකරන බව පවසා ව්‍යාජ බැංකු වාර්තා හා චෙක්පත් ඉදිරිපත් කර පොලිසියේ පිරිසක් සමඟ එම මුදල් බෙදා ගත්තැයි කියන සිද්ධියක් ගැන පරික්ෂණයක් පැවැත්වීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක මෙවන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි.
නවීකරණය කළැයි කියන සමහර ස්ථාන තීන්ත පමණක් ආලේප කර ඇති බව පොලිස් පරික්ෂණ වලින් වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් සියළු තොරතුරු අනාවරණය වී ඇති බවත් අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියාවේ දුෂිතම තැන් ලංකාවේ පොලීසිය සහ අධ්‍යාපන දෙපාර්තුමේන්තුව. ලැජ්ජයි අපේ රට ගැන. ඉතින් කොහොමද සමාජයක්, පරම්පරාවක් හදන්නේ? පුජිත මහතාණෙනි, මේ ඔබේ අවධානය පිණිසයි (නි)
මේ කට්ටිය කදිමයි ලබන මැතිවරණෙට ඉදිරිපත් කොරන්න.නියම ජාති හිතයිසියෝ!!(රේ)