විනීතා එම් ගමගේ
පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සැකසීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ඉඩම් මිලදී ගැනීමේ දී දැඩි අවධානයකින් කටයුතු කරන්නැයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ව්‍යාජ ලෙස ඔප්පු හා ප්‍රකාශන සකසා ඉඩම් විකිණීමේ සිද්ධි රාශියක් පසුගිය දිනවල සිදුව ඇති අතර ඒවා මිලදීගත් විශාල පිරිසක් අපහසුතාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.
රජයේ ඉඩම් රාශියක් ද මේ ජාවාරම් කරුවන් විසින් අල්ලාගෙන හා විකුණා ඇතැයි හෙළි වූ බව ද හෙතෙම පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උන්දැගෙන් ප්‍රශ්න දෙකක් ඇසීමට කැමැත්තෙමු. මෙසේ " ව්‍යාජ ඔප්පු සැකසීමේ මහා පරිමාණ ජාවාරම " සදහා " පුණ්‍ය දායකත්වය සපයා " ඇත්තේ මීට පෙර බලයේ සිටි හොර තක්කඩි රැළද? නැත්නම් දැන් බලයේ සිටින අලුත් සහ පරණ තක්කඩි රැළද?
ඇමතිතුමා දැනුයි ඇහැරිලා තියෙන්නේ... පුත්තලමේ ඉඩම් මංකොල්ලය ආරම්භ වුණේ අවුරුදු දහයකටත් කලින්... හැබැයි දැන් වුණා නම් එතුමාත් වග කියන්න වෙයි. මොකද එතුමාගේ ආණ්ඩුවේ හලාවත බලවතාත් මේ ජාවාරමට සම්බන්ධ නිසා.... හැබැයි ඇමැතිතුමා කිව්වාට එයා ගාව කැරකෙන අයත් ඔය ජාවාරමේ ඉන්නවා...
තමන්ගේ ආසනේ ජනතාවට මේ වගේ අපරාධ සිදුවෙද්දී ඒවා නවත්ත ගන්න බැරිනම් මොන මගුලකටද ඔය තනතුරු අරන් සැප විඳිමින් කරන්නේ ? මහජනතාව මේවා නවත්තන්න කියල ඇමතිට කියනවා වෙනුවට ඇමති කියනවා මහජනතාවට. මේවා විහිළු නොවෙයි "වඳුරු කුණුහරුප" තමයි.
මම ඇමතිතුමාගෙන් දැනගන්න කැමති මෙහෙම ඉඩම් ගත්ත අය අපහසුතාවයට පත්වෙන්නේ මොනවගේ අවස්තාවකදීද කියල දැනගන්න. එහෙම අපහසුතාවයට පත්වෙන්නේ කොහේදී හෝ තැනකදී හොර ඔප්පු බවට ඔප්පු වෙලා නම් , ඉඩමක් ගන්න කලින් එසේ එළිවෙන තැනින් මිලදී ගන්න පෙර ඔප්පුවේ පිරිසිඳු බව පරික්ෂා කරවගන්න ක්‍රමයක් හදන්න බැරි මොකද ? එහෙම කලහම අධිකරණයේ ගොඩ ගැහෙන නඩු අඩුවෙන නිසාද ? රජයේ ආදායම අඩුවෙන නිසාද ? නීතිඥයන්ගේ ආදායම් අඩුවෙන නිසාද ?
අනේ අපොයි එදත් එකයි අදත් එකයි. හොරුන්ගෙන් ගහනවූ මුතු ඇටය. මේකට බේතක් කියන්නකෝ.
සත්‍යපාල ගේ අදහසට සීයට සීයක් එකග වෙනවා.