පිත්තල,තඹ,තුත්තනායගම් ආදිය  හිගයෙන් පිත්තල කර්මාන්තය විශාල අර්බුදයකට මුහුණ දී ඇත.

සමස්ථ ලංකා වාත්තුකරු හිමියන්ගේ සභාපති සරත් කුමාර ඡයසිංහ මහතා පවසන්නේ 1999 දෙසැම්බර් 25 දින දකුණු ආසියා සාක් රටවල් හත සමග අත්සන් කළ සප්තා ගිවිසුම නිසා මෙරට සියලුම අබලි ලෝහ ඉන්දියාවට යැවිම අපේ පිත්තල කර්මාන්තයට වැදුණු මරු පහරක් බවයි.