(රංජිත් රාජපක්ෂ)
දිඹුල පොලිස් වසමට අයත් රොසිටා ප්‍රදේශයේ තරුණ මවක් තම හත්මස් වියැති සිගිති පුතාගේ ගෙළ සිර කර ඝාතනය කර ඇයද සිය දිවි හානි කරගෙන ඇති බව දිඹුල පොලිසිය පැවසිය.
මෙසේ මියගොස් ඇත්තේ කිට්නසාමි නිත්යකල්යානි නැමති 26 හැවිරිදි කාන්තාවකි.
ඝාතනය කර ඇත්තේ සන්දිපන් අස්විනන් නැමති මාස 7 වයසැති පිරිමි දරුවෙකි.
පවුලේ ඇති වුවේ යැයි කියන ආරවුලක් හේතුවෙන් අද (27) අලුයම් කාලයේ මෙම කාන්තාව සිය බිළිදා ඝාතනය කර නිවසින් පිටතට පැමිණ දිවි හානි කරගෙන ඇති බවයි දිඹුල පොලිසිය විසින් සිදු කරන මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
ඇගේ සැමියා උල් ආයුධයකින් ඇණ ගෙන තුවාල ලබා ඇති බවත්, තුවාල කරු කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා නුවරඑළිය මුලික රෝහල වෙත මාරු කර යැවු බව දිඹුල පොලිසිය පැවසිය.
ඝාතන සහ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණ පැවැත් විමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරික්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි කෝපය, හදිසි තීරණ රත්තරන් දරුවකු මෙන්ම අම්මෙක් රටට අහිමි විය.
මිනිසුනේ ඇයි මෙතරම් කුරිරු? තමන්ගේ ප්‍රශ්නවලට අනේක දුක් විඳ තමන්ම ජාතක කළ අහිංසක මල් කැකුලක් බඳු තමන්ගේම දරුවාව මරන්න තරම් ආවේගයක්? මෙතරම් පහත් මානසික මට්ටමක්? වරද කොතනැද? වරද කාගේද? මේ ඛේදවාචක සියල්ලම මෙනෙහි කරන්නේ කුමක්ද? විද්‍යාව මෙතරම් දියුණු යුගයක අපේ සිතුම් පැතුම් මෙතරම් නිර්ලජ්ජිත විදිහට පිරිහිලා තියෙන්නේ ඇයි? අනෙකා පරයමින් තමන් පමණක්ම ජය ගෙන වැජඹෙන්න අර අඳින ඉතාමත් නිහීන ජාතියක් බවට අපි ක්‍රමයෙන් පරිවර්තනය වෙන බව නොවේද?
මේ තේවතු ආශ්රිත කම්කරු ජන කොට්ටාශයේ අධික බීමත්කම, දෙමළ චිත්‍රපට ඇබ්බැහිය සහ එම බොරු චණ්ඩින්ට දේවත්වයෙන් සැලකීම වැනි මානසික ව්‍යාධීන් නිසා මෙවැනි ක්‍රියා මොවුන් අතර බහුලයි. මානසික උපදේශන සේවාවන් (බණ නම් නොවේ) ප්‍රචලිත කිරීම මෙයට එක විසඳුමකි.
පිටිගල මිලානෝ... පිස්සු හැදෙන සඳ... දන්නා තරම.. මෝඩ කතා හැම තිස්සෙම කියන්නේ නැහැ. ඇත්තටම මේ පිටිගල මායා..
ලොවුතුරා බුදුන්ට සමාන කළ රත්තරන් අම්මලා දස මාසයක් තුසේ තියාගෙන අපමණ දුක් කන්දරාවක් විඳලා මෙලොවට බිහිකරලා තවත් මාස ගාණක් පෝෂණය කරලා රෝස මල් කැකුළක් වගේ අහිංසක සප්පයෙකුගේ ජීවිතය නැති කරන්න දරුණු සිතක් දුන්නේ මාරයද අම්මේ...? දෙන්නා දෙමහල්ලන්ගේ ප්‍රශ්නවලට අහිංසකයා පලිද? ජීවිත ගැටළුවලට මේතරම් පහත් පිළිතුරු සොයන අය විවාහ නොවිය යුතුයි.