ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
අවුරුදු 83 වයසැති පියාට පිහියකින් ඇන ඝාතනය කළේ යැයි කියන 43 පුතා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ මිනුවන්ගොඩ වෑගොව්ව චාමල් මාවතේ පදිංචිව සිටි නිශ්ශංක පතිරණලාගේ ජිනදාස නැමැති සිව් දරු පියෙකි.
මරණ කරුගේ බිරිඳ මිය ගොස් ඇති අතර මිරිස් මෝලක් පවත්වාගෙන යමින් ජීවිකාවගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වසර ගණනාවක සිට කිසියම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින අයකු බව පවුලේ අය පවසන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පියාගේ පිට ප්‍රදේශයට පිහියකින් ඇනීමෙන් පසු ඔහු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුතා පියා ඝාතනය කරයි
උපාසක Sunday, 22 January 2023 11:56 PM
අනේ මිනිසුනේ කොහේ යන්නද මේ අපරාධ කරලා.. දෙමව්පියන්ගෙන් කරදරයි නම් ඉවත්වෙලා පලයල්ලා වෙන තැනකට. පාරේ හිටියත් සැපයි ඔයවගේ ආනන්තරීය පාපකර්ම කරලා අවීචියේ යනවට වඩා... ඉතිරි කාලේ මෙලොවත් දුකෙන්, මරණෙන් පස්සේ අනිවාර්යෙන් අපායේ දුක..... මියගිය පියතුමාට නිවන්සුව පතමු.!
Lalith M Monday, 23 January 2023 07:42 AM
ඕනම මිනිමරුවෙක් මානසික ලෙඩෙක් කියලා උන්ගෙන් ප්‍රතිලාභ ලැබෙන ඥාතීන් කියන තත්ත්වයට ලංකාව පත්වෙලාද?