IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පඬි නඟින්න බැරි අයට අත්වැලක් : බෝමිරිය දැරිගේ විස්කම් වැඩක්

බෝමිරිය මධ්‍ය මහ විදුහලේ සංජු සුබෝධා සෙව්වන්දි  (17) සිසුවිය ඇමෙරිකාවේ  පැවති නව නිපැයුම් තරඟයට  නිර්මාණයක්  ඉදිරිපත්  කර  ජාත්‍යන්තර  සම්මානයක්  දිනා  ගත්තාය.

ආබාධිත හා  වයස්  ගත  අයට  පහසුවෙන්  පඩිපෙළ නැඟිය හැකි ආධාරක හැඩලයක්  ඇය නිර්මාණය කළාය.  රටවල්  80 ක්  සහභාගි වු  මෙම තරඟයට  නිපැයුම්  1700ක්  ඉදිරිපත්  කර  තිබිණි.

ඒ නිපැයුම්  අතරින් ලෝකයේ  හොඳම නිර්මාණ හතර  අතරට  සෙව්වන්දි  සිසුවියගේ ආධාරකය ද එක්විය. මෙරට පැවති  නව නිපැයුම්  තරඟවලින් ද ඇය ජයගෙන ඇත.

DSC00050 DSC00053 DSC00054 DSC00057 DSC00059 DSC00061



අදහස් (0)

පඬි නඟින්න බැරි අයට අත්වැලක් : බෝමිරිය දැරිගේ විස්කම් වැඩක්

නිශාන්ත Tuesday, 09 June 2015 09:09 AM

කවුරු කලත් ලංකාවේ නමට ඒ දුවට තුති මල් මිටක්. බුදුසරණයි (ම)

:       0       0

සුනිල් Tuesday, 09 June 2015 09:23 AM

හරිම වටිනවා දුවේ. අපි අගේ කරනවා ඔබේ සොයාගැනීම. (ම)

:       0       0

ඩිලාන් ද සිල්වා Tuesday, 09 June 2015 09:31 AM

මිට පෙරත් බෝමිරිය පාසලේ සිසු සිසුවියන් මේ වගේ නිර්මාණ කරලා තිබුනා. සුබපැතුම්!!(හේ)

:       0       0

චමල් Tuesday, 09 June 2015 09:51 AM

නියම ළමයෙක්. මීට කලින් හදල තියෙන ඒවා කොපි කරන එක කණ්ඩායමකට වඩා මේ ළමයා උසස් (බ)

:       0       0

සෙලෙන්සියස් Tuesday, 09 June 2015 09:56 AM

විශිෂ්ටයි ! (බ)

:       0       0

දයා Tuesday, 09 June 2015 10:16 AM

තව දියුණු කළ හැකි උසස් නිමුයුමක් (බ)

:       0       0

ධම්මික Tuesday, 09 June 2015 10:26 AM

අගෙනෙයි දොණි සුබ පැතුම් අපේ (ම)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 09 June 2015 10:26 AM

අපි බොහෝ වෙලාවට ලංකාදීපයෙන් මේ වගේ පුවත් දැනගන්නවා.. ඒත් අවසනාවක මහත මේ නිර්මාණ තිබිරිගේම මියයනවා... අපිට තියන විද්‍යා හා තාක්ෂණ අමාත්යංශය අධ්‍යාපන අමාත්යංශය සමග කටුතු කරනවා නම් මේවගේ දිරිය දියණියන්ගේ දැනුම ලෝකෙටම දී විදේශ විනිමය උපද්දන්න එක ලොකුදෙයක් නෙමෙයි. එකට අපේ පාලකයෝ මැදපෙරදිගට කාන්තාවන් යවලd විදේශ විනිමය එනකන් කටබලියන් ඉන්නවා.. (හේ)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 09 June 2015 10:30 AM

ආදරණිය දුවේ..ඔබ වැනි විශිෂ්ඨ නිර්මාණශිලින් අගයන්න රටේ පාලකයන්ට උවමනාවක් දැක්මක් නැහැ..රටක් සමාජයක් ඉදිරියට යන්නේ ඔබවැනි වරුවන් සමාජයට බිහිකිරීමෙන් පමණයි..අපේ සමාජයේ මානව සම්පතෙන් වැඩ ගන්නේ ලෝකයේ වෙනත් රටවල්..ඔබ වැනි අගනා දු පුතුන්ගේ දැනුමට සාධාරණය ඉටු කරන සමාජයක් ගොඩ නැගීමට ජනතාවට ශක්තිය හා බුද්ධිය ලැබේවා. (හේ)

:       0       0

ටිරෝන් Tuesday, 09 June 2015 10:30 AM

කොහොමද අපේ දරුවන්ගේ මොළ තවතවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා! (හේ)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 10 June 2015 01:01 AM

ආදරණීය දුවේ,දීප්තිමත් අනාගතයකට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 10 June 2015 01:25 AM

විශිෂ්ටයි දුවේ (නි)

:       0       0

සමන්තිකා Perera Tuesday, 09 June 2015 11:05 AM

මමත් මේ පාසලේ ඉගෙනගත් ශිෂ්‍යාවක්.යසවර්ධන සමන් කුමාර මහතා අපටත් ඉගැන්වූ දක්ෂ ගුරු පියාණන් කෙනෙක්.දුවේ ඔබට හාදයාංගම සුභ පතමි.තවත් විශ්මිත නව නිපැයුම් කිරීමට දු පුතුන් සියලුදෙනාට ශක්තියක් ලැබේවා (ම)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 10 June 2015 02:09 AM

දියණියනි, තව තවත් නව නිපැයුම් ඉදිරිපත් කිරීමට බුද්ධිය වර්ධනය වේවා! අවශ්‍ය ශක්තිය ලැබේවා! ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

රංග Tuesday, 09 June 2015 11:08 AM

මේකට පේටන්ට් බලපත්‍රයක් ගන්න රජයෙන් උදව් කරන්න. නැත්නම් හෙට ඉඳන් චීනෙන් පිටකොටුවට එයි. (ස)

:       0       0

මනෝජ් ප්‍රියන්ත Wednesday, 10 June 2015 03:18 AM

මම ඔබට හදවතින් ම සුබ පතනවා දුවේ ඔබේ අනාගතය සාර්ථක වේවා (ම)

:       0       0

විජේරත්න Wednesday, 10 June 2015 03:19 AM

හෘදයාංගම සුබ පැතුම් (ම)

:       0       0

නලින් Wednesday, 10 June 2015 03:57 AM

සාර්ථක අනාගතයකට පතමි සුබ පැතුම් දුවණියේ (ම)

:       0       0

ජයා Tuesday, 09 June 2015 11:49 AM

මෙම දියණියගේ නව නිපැයුම ඇගයීමකට ලක්කර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්ටෙල් තරගයට යොමුකළ මීගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයතනයේ සියලුම දෙනාටත් ස්තුතියි. (ම)

:       0       0

ලලිත් Tuesday, 09 June 2015 11:57 AM

බුදු සරණයි ඔබට! (නි)

:       0       0

මල්ලිකා සමරවික්‍රම Wednesday, 10 June 2015 04:43 AM

මගේ දුවත් ඉගෙන ගන්නේ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේමයි මේ විදුහල්පති තුමා පාසලේ සංවර්ධනයට, ළමයින්ගේ විනය , ළමයින්ගේ අධ්‍යාපනය පිළිබඳ කටයුතු කරන කෙනෙක්.මේ දියණියත් දක්ෂ දරුවෙක් බව අහල තියෙනවා මේ වගේ නව නිර්මාණ බොහොමයක් කලිනුත් නිර්මාණය කරලා තියෙනවා. මේ පළාතටම තියෙන හොඳම පාසැල මෙම පාසැල මගේ දුවටත් මෙවැනි පසෙලක ඉගෙන ගන්න ලැබීම වාසනාවක් . දුවේ ඔබවැනි දරුවන් මේ රටට වාසනාවන්. ඔබට සුබම සුබ අනාගතයක් . මේ නිර්මාණය අහිංසක වැඩිහිටි අසරණයන්ට පිහිටක් වේවි. (බ)

:       0       0

සෙනෙවි Tuesday, 09 June 2015 12:14 PM

දියණියට ගොඩක් පිං! (නි)

:       0       0

නීල් Tuesday, 09 June 2015 12:15 PM

අනේ වාසනාවන් , ඉගෙනගෙන ලොකු උනාම තවත් වටින දේවල් කරන්න වාසනාව ලැබීවා.(හේ)

:       0       0

දිනේෂා Wednesday, 10 June 2015 05:24 AM

සුබ පැතුම්.....! (ම)

:       0       0

සුදෙල්මි Tuesday, 09 June 2015 12:59 PM

හරිම සතුටු හිතෙන දසුන් පෙළක්. ඔබට ජය පුතේ! (නි)

:       0       0

නුවන්සර Tuesday, 09 June 2015 01:05 PM

ඇය නිර්මාණයට තෝර ගත්තෙත් අසරණ කෙනෙකුට සරණ විය හැකි දෙයක්. නිර්මාණය අගය කටයුතුසේම ඇගේ ඒ දැක්මද අගේ කලයුතුයි. ඉතින් මේ දියණියට මගෙන් සුබ පැතුම්! (නදී)

:       0       0

ගීගනගේ Tuesday, 09 June 2015 01:52 PM

පින්වත් දුවේ, උත්සාහය අගය කරමි. මට වැටක් අල්ලාගෙන පඩි කීපයක් නඟින්න පුළුවනි. නමුත් දණහිසට අමාරුයි. පඩි නඟින්න අතට වඩා පයට පහසුවක් ඇතිවෙනවා නම් මා වාගේ දහස් ගාණක් වයසක උදවිය සතුටු වේවි. පුතාට පින් දෙයි. යාළුවො සහ ගුරුවරුන් එක්ක එකතුවෙලා ඒ අදහසත් ක්‍රියාත්මක කරන්න බලන්න. මයේ පුතාට ඒකත් බැරි නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site