බෝමිරිය මධ්‍ය මහ විදුහලේ සංජු සුබෝධා සෙව්වන්දි (17) සිසුවිය ඇමෙරිකාවේ පැවති නව නිපැයුම් තරඟයට නිර්මාණයක් ඉදිරිපත් කර ජාත්‍යන්තර සම්මානයක් දිනා ගත්තාය.
ආබාධිත හා වයස් ගත අයට පහසුවෙන් පඩිපෙළ නැඟිය හැකි ආධාරක හැඩලයක් ඇය නිර්මාණය කළාය. රටවල් 80 ක් සහභාගි වු මෙම තරඟයට නිපැයුම් 1700ක් ඉදිරිපත් කර තිබිණි.
ඒ නිපැයුම් අතරින් ලෝකයේ හොඳම නිර්මාණ හතර අතරට සෙව්වන්දි සිසුවියගේ ආධාරකය ද එක්විය. මෙරට පැවති නව නිපැයුම් තරඟවලින් ද ඇය ජයගෙන ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කලත් ලංකාවේ නමට ඒ දුවට තුති මල් මිටක්. බුදුසරණයි (ම)
හරිම වටිනවා දුවේ. අපි අගේ කරනවා ඔබේ සොයාගැනීම. (ම)
මිට පෙරත් බෝමිරිය පාසලේ සිසු සිසුවියන් මේ වගේ නිර්මාණ කරලා තිබුනා. සුබපැතුම්!!(හේ)
නියම ළමයෙක්. මීට කලින් හදල තියෙන ඒවා කොපි කරන එක කණ්ඩායමකට වඩා මේ ළමයා උසස් (බ)
විශිෂ්ටයි ! (බ)
තව දියුණු කළ හැකි උසස් නිමුයුමක් (බ)
අගෙනෙයි දොණි සුබ පැතුම් අපේ (ම)
අපි බොහෝ වෙලාවට ලංකාදීපයෙන් මේ වගේ පුවත් දැනගන්නවා.. ඒත් අවසනාවක මහත මේ නිර්මාණ තිබිරිගේම මියයනවා... අපිට තියන විද්‍යා හා තාක්ෂණ අමාත්යංශය අධ්‍යාපන අමාත්යංශය සමග කටුතු කරනවා නම් මේවගේ දිරිය දියණියන්ගේ දැනුම ලෝකෙටම දී විදේශ විනිමය උපද්දන්න එක ලොකුදෙයක් නෙමෙයි. එකට අපේ පාලකයෝ මැදපෙරදිගට කාන්තාවන් යවලd විදේශ විනිමය එනකන් කටබලියන් ඉන්නවා.. (හේ)
ආදරණිය දුවේ..ඔබ වැනි විශිෂ්ඨ නිර්මාණශිලින් අගයන්න රටේ පාලකයන්ට උවමනාවක් දැක්මක් නැහැ..රටක් සමාජයක් ඉදිරියට යන්නේ ඔබවැනි වරුවන් සමාජයට බිහිකිරීමෙන් පමණයි..අපේ සමාජයේ මානව සම්පතෙන් වැඩ ගන්නේ ලෝකයේ වෙනත් රටවල්..ඔබ වැනි අගනා දු පුතුන්ගේ දැනුමට සාධාරණය ඉටු කරන සමාජයක් ගොඩ නැගීමට ජනතාවට ශක්තිය හා බුද්ධිය ලැබේවා. (හේ)
කොහොමද අපේ දරුවන්ගේ මොළ තවතවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා! (හේ)
ආදරණීය දුවේ,දීප්තිමත් අනාගතයකට මගේ සුබ පැතුම්! (නි)
විශිෂ්ටයි දුවේ (නි)
මමත් මේ පාසලේ ඉගෙනගත් ශිෂ්‍යාවක්.යසවර්ධන සමන් කුමාර මහතා අපටත් ඉගැන්වූ දක්ෂ ගුරු පියාණන් කෙනෙක්.දුවේ ඔබට හාදයාංගම සුභ පතමි.තවත් විශ්මිත නව නිපැයුම් කිරීමට දු පුතුන් සියලුදෙනාට ශක්තියක් ලැබේවා (ම)
දියණියනි, තව තවත් නව නිපැයුම් ඉදිරිපත් කිරීමට බුද්ධිය වර්ධනය වේවා! අවශ්‍ය ශක්තිය ලැබේවා! ප්‍රාර්ථනා කරමි. (නි)
මේකට පේටන්ට් බලපත්‍රයක් ගන්න රජයෙන් උදව් කරන්න. නැත්නම් හෙට ඉඳන් චීනෙන් පිටකොටුවට එයි. (ස)
මම ඔබට හදවතින් ම සුබ පතනවා දුවේ ඔබේ අනාගතය සාර්ථක වේවා (ම)
හෘදයාංගම සුබ පැතුම් (ම)
සාර්ථක අනාගතයකට පතමි සුබ පැතුම් දුවණියේ (ම)
මෙම දියණියගේ නව නිපැයුම ඇගයීමකට ලක්කර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්ටෙල් තරගයට යොමුකළ මීගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයතනයේ සියලුම දෙනාටත් ස්තුතියි. (ම)
බුදු සරණයි ඔබට! (නි)
මගේ දුවත් ඉගෙන ගන්නේ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේමයි මේ විදුහල්පති තුමා පාසලේ සංවර්ධනයට, ළමයින්ගේ විනය , ළමයින්ගේ අධ්‍යාපනය පිළිබඳ කටයුතු කරන කෙනෙක්.මේ දියණියත් දක්ෂ දරුවෙක් බව අහල තියෙනවා මේ වගේ නව නිර්මාණ බොහොමයක් කලිනුත් නිර්මාණය කරලා තියෙනවා. මේ පළාතටම තියෙන හොඳම පාසැල මෙම පාසැල මගේ දුවටත් මෙවැනි පසෙලක ඉගෙන ගන්න ලැබීම වාසනාවක් . දුවේ ඔබවැනි දරුවන් මේ රටට වාසනාවන්. ඔබට සුබම සුබ අනාගතයක් . මේ නිර්මාණය අහිංසක වැඩිහිටි අසරණයන්ට පිහිටක් වේවි. (බ)
දියණියට ගොඩක් පිං! (නි)
අනේ වාසනාවන් , ඉගෙනගෙන ලොකු උනාම තවත් වටින දේවල් කරන්න වාසනාව ලැබීවා.(හේ)
සුබ පැතුම්.....! (ම)
හරිම සතුටු හිතෙන දසුන් පෙළක්. ඔබට ජය පුතේ! (නි)
ඇය නිර්මාණයට තෝර ගත්තෙත් අසරණ කෙනෙකුට සරණ විය හැකි දෙයක්. නිර්මාණය අගය කටයුතුසේම ඇගේ ඒ දැක්මද අගේ කලයුතුයි. ඉතින් මේ දියණියට මගෙන් සුබ පැතුම්! (නදී)
පින්වත් දුවේ, උත්සාහය අගය කරමි. මට වැටක් අල්ලාගෙන පඩි කීපයක් නඟින්න පුළුවනි. නමුත් දණහිසට අමාරුයි. පඩි නඟින්න අතට වඩා පයට පහසුවක් ඇතිවෙනවා නම් මා වාගේ දහස් ගාණක් වයසක උදවිය සතුටු වේවි. පුතාට පින් දෙයි. යාළුවො සහ ගුරුවරුන් එක්ක එකතුවෙලා ඒ අදහසත් ක්‍රියාත්මක කරන්න බලන්න. මයේ පුතාට ඒකත් බැරි නැහැ. (නි)