දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ රෝගීනට අවශ්‍ය වෛද්‍ය උපකරණ එකතු කිරීම සඳහා භික්ෂූහු සිය නමක් අද උදේ දඹුල්ල නගරයේ පිණ්ඩපාත චාරිකාවක යෙදුනාහ. ඇඳ ඇතිරිලි, රෙක්සින්, ළදරු හා රෝගී ඇඳුම්, ශල්‍ය අත්වැසුම්, මදුරු දැල්, පැදුරු, පයිල්කවර, බල්බ් ඇතුළු උපකරණ ඇතැතිව විශාල පිරිසක් මග දෙපස රැස්ව සිටියහ. අලුත්ගම උපනන්ද හිමියන්ගේ උපදෙස් මත පිණ්ඩපාත චාරිකාව සංවිධානය කෙළේය. රුපියල් ලක්ෂ දහයකට අධික උපකරණ රෝහලට දීමට හිමිවරු සමත් වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහ සිවුරට මාගේ ප්‍රණාමය! (නි)
හැමදේම ආණ්ඩුවෙන් දෙනකල් බලාගෙන නොසිට මෙවන් ජාතික මෙහෙවරකට උරදීම කොතරම් අගනේද? (නි)
ඉදිරියේදී කොහොමත් පිණ්ඩපාතයෙන් තමයි යැපෙන්න වෙන්නේ (නි)
සසුන බැබළෙන්නේ මෙවන් හිමිවරුන් නිසයි. ඔබවහන්සේලා චිරාත් කාලයක් වැජඹේවා! (නි)
හොද වැඩක්. ඒත් මේ දේවල් රජයෙන් ලබා දෙන්න ඕනෑ නේද? (නි)
ඔබ සියළු දෙනාටම පින්! (නි)
හාමුදුරුවරු සමහර දෙනෙක් දැන් දේශපාලනයත් කරන එකේ බැරිද එයාලගෙන් උදවුවක් ගන්න? (නි)
සාදු කියා පින් අනුමෝදන් වෙමු. බොරු සෝබන වැඩට කෝටි ගණන් මුදල් නිදහසේ වියදම් කරන මේ රටේ, අත්‍යාවශ්‍ය සේවයක් වෙනුවෙන් බලධාරීන්ගේ නො ඇරෙන ඇස් ඇරීමට මේ මහඟු සත්ක්‍රියාව පිටුවහලක් වේවා ! මෙය නම් එලොවට මෙන්ම මෙලොවටද එකසේ සෙත් සාදන ක්‍රියාවකි. 'බණ කියන්නට පෙර කන්න දෙන්න'යි වදාළ බුදුහිමියන්ගේ වදන් එලෙසින්ම පිළිපැදීමක් ද වේ. (නි)
බලාගෙන. ඕවා අපේ දේශපාලඥයන්ට අහුවෙන්න එහෙම තියන්න එපා. (නි)
අර දර්ම රාජ්‍යයේ කට්ටියට මෙය හොඳ ආදර්ශයක් ...මෙන්න සැබෑ හිමිවරු ..... (දී)
මතු ආත්මෙක නිවන් දකින්න ඇති ඔය පින (දී)
උපකාර කළ සැමට පින් (දී)
සල්ලි වලට බන කියන ලොකු ලොකු හාමුදුරුවන්ට හොද ආදර්ශයක් ,මේ සත් කාර්යයට දායක වූ ඔබ වහන්සේලා බුදුන් දැක නිවන් දකිත්වා (දී)
ලංකාවේ සෞඛ්‍ය ඇමති කෙනෙක් නැද්ද ? (දී)
ආණ්ඩුවෙන් සපයන්න ඕනෑ පහසුකම් ඇයි ස්වාමින් වහන්සේලාට සපයලා දෙන්න වෙලා තියෙන්නේ? (නි)
තමන් අතට තම අතමය සෙවණැල්ල අනුන් බලා සිටියොත් වෙයි වැනසිල්ල.... (නි)
රටක් ජාතියක් රැකීම රජයට වඩා හාමුදුරුවන් සංගරත්නය අත්‍යාවශයයි..!!(නු)
බලන්න කොයි තරම් හොඳ වදක්කද . සියලු දෙනාටම පින් (දී)
ඔබවහන්සේ අනෙක් භික්ෂූන් වහන්සේලාටත් ආදර්ශයක්. (නි)
උතුම් වැඩක්..!!(නු)
පේන විදියටනම් පිණ්ඩපාතෙට ආදාර කරලා තියෙන්නෙත් දුප්පත් මිනිස්සු වගේ ...දනවත්තු උදවු කලානම් කෝටියක් වත් ලැබෙන්න එපාය ..දඹුල්ල නගරයේ කඩ කියක් නම් තියෙනවද .... නමුත් පින්තුර වල හැටියට අහිංසක දුප්පත් අයයි උදවු කලේ කියල හිතෙනවා ... (දී)
අනෙකුත් භික්ෂූන්වහන්සේලාට සහ බලධාරීන්ට හොද ආදර්ශයක්..!!(නු)
වගකිවයුත්තෝ නිහඩ නම් සගරුවන හරි මේකට අතගහපු එක හොදයි (නි)
මේක බෞද්ධයන් වශයෙන් අපි ආඩම්බර වියයුතු අවස්ථාවක් (නි)
දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්නේ දුප්පත් මිනිස්සුමයි. මේ වගේ දේවල් දකිනකොට හරියට දුක හිතෙනවා, අපේ රට සහ මිනිස්සු ගැන. මේකටද ආශ්චර්යය කියන්නේ? අපේ රටේ අදාල බලධාරීන්, ඇමතිලා නැද්ද? (නි)
අපේ අනිකුත් ස්වාමීන්වහන්සේලාට හොද ආදර්ශයක්.. බුදුන්වහන්සේගේ ධර්මය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීමක්.. මේ පිනම ඇති නිවන් දකින්නට.. ඔබවහන්සේට සියලු ආරක්ෂාව ලැබෙන්න ඕන.. හරිම සතුටුයි.. ස්තුති කරන්න වචන මදි..!!(නු)
මේවා සියලුදෙනාටම හොද පාඩම්..!!(නු)
මේ ඡායාරූප දුටුවිට පෙනෙන දෙයක් තමයි දුප්පත් මිනිසුන් ඕනෑ වෙලාවක පිනට යමක් දෙන්නට නොපැකිළව ඉදිරිපත් වෙන බව (නි)