හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය පතා ගම්පහ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අරඹන බව හිටපු දේශීය වෛද්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා කියයි.
කවුරුන් කොයි පැත්තට ගියත් තමා පක්ෂය සමඟ සිටින බව කී බණ්ඩාරනායක මහතා නව රජයේ දින 100 වැඩසටහනට විවේචනාත්මක සහය දෙන බවද කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද පැරදුනේ නැහැ. රටයි පැරදුනේ.ඔහොම යමුකෝ.පළවෙනි ඉල්ලීම දැනටමත් ලැබිලනේ තියෙන්නේ. මහින්දටත් ලක්ෂ 57 වඩා තිබෙන බව අමතක කරන්න එපා (නි)
බොහොම හොඳ චේතනාවක් (නි)
අනේද කියන්නේ? මේකේ ඉන්න සමහරෙකුගේ වයසටත් වඩා පැරදුන අයත් ඉන්නකොට සුළු ගානකින් එකපාරක් පැරදුන මහින්ද හිටියහම මොකද වෙන්නේ? අමතක නොකරන්න. අපි අද නිදහසේ හුස්ම ගන්නේ ඒ අභීත නායකයා නිසාවෙනි (නි)
දැන් ඕවා වැඩක් නැහැ මහත්තයෝ. පැත්තකට වෙලා ඉන්න (නි)
අජිත් කරුණාරත්න, "විශ්වාසා පරමා ඥාති". (නි)
පියුමි ,හිරබත් කන්න ඕනෑ කවුද කියලා ඔයාට වැඩිකලක් යන්න කලින් වැටහේවි. කොහොම මොනවා කළත් නැවත්ත යු.එන්.පි. පාර්ලිමේන්තුවක් ගෙනෙන්න අමාරුයි කියලයි මම නම් කියන්නේ. පවු තමයි. ඒත් මොනවා කරන්නද? (නි)
අපි බලමුකෝ මෛත්‍රී මහත්තයාගේ වැඩ හෙමිහිට. නමුත එකක් තියනවා කියන්න. මහින්ද මහත්තයා නම් මොනවා කළත් ඒවා කළේ අපිට ඉන්න නිදහස් රටක් දීලා. නමුත් බලය හැමදාම තියන්න බැහැනේ. එනිසා දැන් ඉන්න ජනපතිටත් අවස්ථාවක් දෙමු නේද? (නි)
හොර, බොරු, වංචා, දූෂණ සහ බොරු සෝබන නැති ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් ලංකාවට බිහිවුණේ ශ්‍රී ලංකාවේ සහ මහජනයාගේ පිනට සහ වාසනාවටයි. (නි)
බණ්ඩෝ, ඔයා හරි. ඒකට හේතුව එදා මහින්ද මහත්තයා ළඟට අර අහවලා යන්න කලින් පාර්ලිමේන්තුවේදී හරි පැහැදිලිව කිවුවා (නි)
මහින්ද මෛත්‍රී හොඳ නායකයන්. මේ දෙදෙනාටම සුබ පතනවා. බොදු බල සේනාවට ජාතියේම ප්‍රණාමය පුදකරනවා (නි)
ගරු ඇමතිතුමනි, අපි ඔබ සමඟයි (නි)
පන ඇති මිනිහෙක් . (අ)
මොනවා උනත් අවුරුද්දක් යනකොට තමයි ආණ්ඩුවේ නියම තත්වේ දැනගන්න පුළුවන්.එදාට මෙතුමා කලදේ හරි කියල අනිත් අයත් කියයි (අ)
"මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පවතී. බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති". (අ)
මෙතුමා ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයෙක් බව පේනවා.නමුත් මට තියන ප්‍රශ්නේ මෙතුමා පක්ෂය හැර නොගියාට පක්ෂය මෙතුමාව හැර යයිද කියන එකයි. (බ)
මහින්ද රාජපක්ෂ මැතිතුමනි, නැවත පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න. අපි ඔබ වෙනුවෙන් බලාසිටිනවා. මේ රටට නායකත්වය දිය හැකි එකම නායකයා ඔබයි. අපි පිළිගන්නා නායකයා ඔබම පමණි. (නි)
රටකට ඕනෑ ඔබ වැනි මිනිසුන්ය (නි)
බොහොම හොඳයි (නි)
අපේ ඇමැතිතුමනි අපි ඔබ සමගයි
පක්ෂයේ දෙවන පෙළ නායකත්වයක් නැත්ද ?ජනතාව එපා කියල ගෙදර යවපු කෙනෙක් මහින්ද (බ)
මහින්ද ජනාධිපතිතුමා නිසා තමයි අද බයක් නැතුව පාප්තුමා ලංකාවට ආවේ. කෙසේවෙතත් ඔබ ගත් තීරණය ඉතා නිවැරදියි (නි)
බොහොම හොඳයි ඔබ සැමට ජය පතනවා !හැබැයි මේ ටිකත් කියන්නම ඕන මේ පාරවත් අර මිත්‍යා දෘෂ්ටික " සාත්තර කාරයොයි " හොරු ටිකයි අතාරියේ නැත්නම් ප්‍රතිපලය බින්දුවයි ! (අ)
ඔබ තුමා දිනන පැත්තේ හිටියත් එකයි, පැරදෙන පැත්තේ හිිටියත් එකයි. කිසි වැඩක් කරන මනුස්සයෙක් නෙමෙයිනේ (නදී)
මහින්ද රාජපක්ෂ මහත්තයා වැරදි නෑ .එයා හොද නායකයෙක් (දිල්)
මොන පක්ෂයකට ගියත් අපි ඔබ සමඟයි මහින්ද රාජපක්ෂ මැතිතුමණි (දිල්)
ගොඩක් දේවල් අහිංසක බුද්ධියෙන් තොරවූ ජනතාව දන්නේ නැහැ.ඔවුන්ව රවටලායි තිබුනේ. දැන් බලාපොරොත්තු තබාගත හැකි ක්‍රමයක් ඇති වී තිබෙනවා.එයින් ප්‍රයෝජන ලබාගැනීම ජනතාව සතු අයිතිවාසිකමක්. ඒ සඳහා ඔබ සියලු දෙනාම බුද්ධිමත් වියයුතුයි. (නි)
ලක්ෂ 57 ක් ඔබ සමඟ සිටිනවා. (නි)
මහින්දව ජනතාව එපා කියල තියෙන්නේ එක සැරේනේ බන්ඩෝ. එතකොට 29 වතාවක් ජනතාව එපා කියා ගෙදර යන්න කියපු රනිල් ඔය අගේට ඉන්නේ. මොකද ඒවාට කතා නැත්තේ? (නදී)
චන්ද්‍රා,කටින්ද කතා කරන්නේ? එහෙම නැත්නම් ඊයේ පෙරේදාද ඉපදුනේ? (නි)
අනේ පණ්ඩු හරියනේ නැහැ ඔය ගුණ්ඩු (බ)
හිරබත් අදින්න තමා වෙන්නේ (අ)
රට බේරාගත් මහින්දව ලෙහෙසියෙන් අමතක කරන්න බැහැ. (නදී)
තෝමස් බන්දුල ආවේශ වෙයි. (නදී)
ඔය කියන කාටත් බයක් සැකක් නැතුව පාරේ බැහැල යන්න යුද්දේ ඉවර කල නිසා මේ මහින්ද මහත්තය හිරේ දාන්න එ්ක තමා කරන්න තියෙන්නේ. ඔය ඉන්න අනිත් ජනාධිපති ල බලය පාවිච්චි නොකරද ගියේ කියල මම අහන්න කැමති. (අ)
හොර බොරු වංචා දුෂණ සහ බොරු සෝබන නැති මෛත්‍රී ජනාධිපති තුමා ලංකාවට බිහි වුනේ ශ්‍රී ලංකාවේ වාසනාවකට. (අ)
මෙතන මහින්ද මහතා ගැන ලියපු අය මතක තබාගන්න. අපේ රටේ විධායක බලතල සහිත ජනාධිපති තනතුරේ ඉඳගෙනම ජනාධිපතිවරණයකට තරඟ කරලා පැරදුන එකම නායකයා කවුද කියන එකත් (නි)
වෙනස පෙනුනේ දැනුයි. 29 වතාවක් පැරදුනත් යු.එන්. පී එකේ කවුරුවත් වංචා දුෂණ කරලා පෝළිමේ රට හැරගියේ නැහැ. ඒකට මේ අය? සහෝදරයොත් අත්හැරලා පැනලා යනවා. අදත් පවුලක්ම ගිහින්. මෙච්චරටම රට විනාශ කළ මිනිසුන්ට තවත් ආවඩන අයගේ මොළේ තියෙන්නේ මැටිද? (නි)
කේ.සිරි, "මිතුරු තුමෝ" එහෙම වුණාට සමහරුන්ගේ "සහෝදරතුමෝ" එහෙම නැහැ නේද? (නි)
දිනන වෙලේ ලඟට එන මනුස්සයට වඩා පරදිනකොට ළඟ ඉන්න මිනිස්සු වටිනවා. (නදී)
අනේ තෝමසෝ රනිල් 29 වතාවක් පැරදුනත් ජනතාවගේ දේපල කොල්ල කාලා පවුලේ කට්ටිය එක්ක බෙදා ගත්තේ නෑ. (නදී)
"වංචා දුෂණ තිබුනත් කමක් නැහැ, රට නිදහස් නම්" කියලා තමයි සමහරුන්ට හිතෙන්නේ. බලාගෙන යනකොට මෙතන අනිත් කවුරුවත් කිසිදෙයක් රටේ නිදහස වෙනුවෙන් කරලා නැහැනේ! (නි)