ඓතිහාසික වටිනාකමකින් යුත් යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා විනාශ කිරීම දෙමළ සංස්කෘතිය විනාශ කිරීමක් ලෙසට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් මහතා කීවේය. යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා විනාශ කොට ඉරිදාට (31) දිනට වසර 34ක් ගෙවෙන අවස්ථාවේදි ඒ පිළිබඳව එදා පුස්තකාලයට ගිනි තැබීමේ සිදුවීම කාලවකවානුවේදී සිටි නිලධාරියෙකු වශයෙන් අත්දැකීම් පිළිබඳව විමසීමේදී පළාත් සභා සභාපතිවරයා මේ බව පැවසීය.
1981 මැයි මස 31 වනදා රාත‍්‍රියේ යාපනය මහජන පුස්තකාලයට ගිනි තැබුණු අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවේ වෙනත් මහජන පුස්තකාලවලට මෙන්ම ලොව කිසිදු පුස්තකාලයක දක්නට නොලැබෙන ඉතා වටිනා ග‍්‍රන්ථ සමූහයක් එහි තිබූ බවත් ලක් ඉතිහාසය විදහා දැක්වෙන හා දෙමළ ජනතාවගේ සම්පූර්ණ වංශ කතාවන් විදහා දැක්වූ ග‍්‍රන්ථ වලින්ද යුක්ත වූ යාපනය පුස්තකාලය එදා ගිනි තැබීමෙන් සිදු වූ හානිය කියා නිම කළ නොහැකි බවත් ඔහු කීවේය.
පසුගියදා ඉන්දීය අගමැති මෝදි යාපනයේ සංචාරයේදී මහජන පුස්තකාලයට පැමිණ එදා යාපනය පුස්තකාලයට ගිනි තැබීමෙන් දෙමළ ජනතාවගේ සංස්කෘතිය වැලලී ගිය බව පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුස්තකාලයකට ගිනිතැබීම කිසිසේත් අනුමත කළ නොහැක.(ම)
දෙමල නිජ බිම ගැන ගොතපු දේවලුත් තිබුනලු නේද (බ)
ඔව්. මේ ගිනිතැබීම නිසා දෙමළ නිජ බිම් සංකල්පය තහවුරු කර ගන්න ඊළාම් වාදීන්ට හැකියාව ලැබුණා. ද්‍රවිඩ ජනතාව මේ රටට දකුණු ඉන්දියාවෙන් පැමිණි කාල වකවානු සඳහන් වෙලා තිබුණු ඓතිහාසික ලේඛන සියල්ලම මේ ගිනි තැබීමෙන් විනාශ වුණා.(ම)
අපිත් දැන් කොටි දළදා මාළිගාවට බෝම්බ ගහපුවා , ශ්‍රී මහා බෝධියට වෙඩි තියපුවා සමරන්න පටන් ගන්න ඕනෑ. හැබැයි අපි කළොත් ඒක ජාතිවාදි කියයි. (නි)
වකෝ මහතා හරි කිසිසේත් අනුමත කළ නොහැක . කවුද මේක කළේඇත්තටම ? 1983 කළු ජුලියද ශ්‍රී ලංකාවේ වැදගත් බාවයට බලපෑම් අතර අවි ගත් ත්‍රස්ත වාදයට වේගවත් ආරම්භයක් ලබා දුන්නේය .(ම)
ඉතාම ජාතිවාදී අදහස් තිබුණ ප්‍රබල ඇමති කෙනෙකුත්, එයාගේ මැර ගෝලයන් සහ එකල ප්‍රබලව තිබුණ වෘත්තීය සමිතියකට සම්බන්ධ මැරයන් පිරිසකුත් කොළඹ සිට ගිහිල්ලා තමා මේ අපරාධය සිදුකළේ (ම)
මේ පුස්තකාලය ගිනි තිබ්බේ කවුද කියල දෙමල ජනතාවත් අපිත් දන්නවා. (ස)
මේක කාගේ හපන්කමක්ද කියලා අපි දන්නවා (නි)
මෙයා දැන් මොකාටද මේ එන්න හදන්නේ. ඇයි මේ මොකද පරණ දේවල් ආයෙත් අවුස්සගෙන එන්නේ ? ත්‍රස්තවාදීන් අරන්තලාවේ පිළිවෙත් පුරන භික්ෂුන් ඝාතනය කළා, ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක සිල් ඇත්තන් ඝාතනය කළා, දළදා මාලිගාවට බෝම්බ තිබ්බ, යාල් දෙවි දුම්රිය පිපිරෙවුවා, මහ බැංකුව පිපිරෙව්වා, පාඩුව පිරිමහින්න පුළුවන් ඇති. මේ පුස්තකාලය තමයි පාඩුව පිරිමහින්න බැරි. අනේ නිකන් පව් දෙන්නේ නැතිව ඉන්නවා. (ම)
පුස්තකාලය ගිනි තිබ්බේ දකුණෙන් ගිය දේශපාලන මැරයෝ.. ඒක දකුණේ අය නිහතමානීව පිලිගත යුතුයි...(ම)
යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා විනාශ කලේ කොටි. ඕක ගිනි ගත්තට නැති උනේ පොත් විතරයි. කොටි බෝම්බ ගහල වෙඩි තියල විනාස කරපු අහිසක ජීවිත වලට කවුද වන්දි ගෙවුවේ? ගෙවන්නේ? (ස)
ඕකට ගිනිතිබ්බේ කොටි .දැන් එ්කත් අපිටද? ඉන්දියාවෙන් දෙන උපදෙස් මත. (ස)
අනේ අපි නොදන්නා මෝදිලා. දැන් ආයෙත් කොටවන්න හිතාගෙන සංස්කෘතිය වැළලුනු එක ගැන කියවනවා. එයාල පොහොර දාලා ඇතිකරවපු යුද්ධය නිසා වැළලුනු සිංහල දෙමළ ජීවිත ගැන කතාවක්වත් නැහැ. මේපාරත් ලංකාව එයාලව පසුකරගෙන යයි කියලා බයේ තව පාරක් අවුලුවන්න බිජ වපුරනවා. මට නම් ඔය බූවල්ලෝ පෙන්නන්න බැහැ. දැන්වත් ඔය මෝදිලව බෝධිසත්වයෝ කියලා කරතියාගෙන නටන එක නතර කරගත්තේ නැත්නම් එයාලා ආයෙත් වාරයක් අපිව තවත් තිස් අවුරුදු යුද්ධයකට තල්ලුකරයි . (නි)
මේක කාගේ වැඩක්ද දන්නෙ නැහැ.? (ර)
යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ කවුද කියලා මුළු රටම දන්නවා. නිකන් බොරුවට කාවවත් සුද්ද කරන්න හෝ කාවවත් අල්ලන්න යන්න එපා.මොකද එතකොට ඔයා ලා කියන අනෙක් දේවලුත් මිනිස්සු පිළිගන්න එකක් නැහැ (නි)
අපේ ජීවිත කොපමණ ඒගොල්ලෝ නැතිකළාද? (නි)
ඇත්තටම මෙය සිදුකිරීමේ වගකීම දැරිය යුත්තේ කවුරුන් වුවත් මේවාට එල්ලකරන චෝදනා සිංහල ජාතියට එල්ලකිරීමයි සිදුවනුයේ. (නි)
මේ විනාශය කළේ කවුද කියලා දැන දැන දැන් මේ ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දික්කරන්න එපා. කොටි නායකයා ඔලුව උඩ තියාගෙන හිටියේ කවුද කියලා අපි දන්නවා. ඒ කාලේ කරන්න තිබුනේ වටින ලියකියවිලි ආරක්ෂා සහිතව වෙන ස්ථානයකට රැගෙනයාම. ඒ කාලේ කොහෙද හිටියේ? දැන්ද මතක්වුණේ? (නි)
ඵෙතිහාසික දළදා මන්දිරය විනාශ කිරීමෙන් අපි එය නැවත ගොඩ නඟාගත්තත් තිබුන පෞරාණික බව නැහැ. අපි මේ වැරදි හදාගනිමු (නි)
නොදන්නා දේවල් කතාකරන්න එපා (නි)
ඓතිහාසික වටිනාකම් තිබුණ කොච්චර නම් දේවල් පහුගිය වකවානුවේදී විනාශ වුණාද? විනාශ කරලා දැම්මද? මින් මතුවටත් මෙවැනි දේවල් නොවන්නට ශ්‍රී ලාංකිකයන් හැටියට ජාතිභේද නොසළකා කටයුතු කරන්න බලමු! (නි)
අතීතයේ අඳුරු සේයා අමතක කරමු. සැම දෙනෙකුගේම අතීත ඓතිහාසික වටිනාකම් තිබුණ කොච්චර නම් දේවල් පහුගිය වකවානුවේදී විනාශ වුණාද? (නි)
වටිනා පොත් පත් තියෙන්න ඇති ඒවා මෙන්ම දෙමල දරුවන් නොමග යැවීම සදහා ගෙතු බොරු නිජ බිම් සංකල්ප පොතුත් තියෙන්න ඇති ,ගිනිගෙන විනාශ වෙන්න ඇති. නමුත් ඈත අතීතයේ සිටම මේගොල්ල සිංහලයන්ට ගැසූ මරු පහර වල් නිසා සිංහලයාට සිදු වූ හානිය කෙතරම්ද?(බ)
ඉසුරන්දි,සමන්ති, එයාලගේ නැතිවූ හැමදේම ටිකින් ටික හරි දකුණින් එකතුකරලා දෙනවා.ඒත් කොච්චර කලත් කවදාවත් හොඳක් අහන්න බැහැ.නාමල්,මහානාම,මීටවඩා වටිනා මිනිස් ජීවිත පවුල් පිටින්, බුරුතු පිටින් මව්කුසින් එළියට එන්නත් පෙර කැති පාරවල් වලින් එළියට ඇදලා දැම්මා. දළදා මාළිගාව,ශ්‍රී මහා බෝධිය අසළ වූ දේවල්..? ඒවාට කමක් නැද්ද? (නි)
මේවා කළේ යු එන් පි,මර කල්ලියයි. මේ මැරයින් කරන දේවලට පහර වදින්නේ සිංහලයාටයි.නමුත් මේ එ. ජා ප ය උදව් කරන්නෙත් දෙමල කොටි ත්‍රස්තවාදයටයි.නිවටයින්ට මෙය නොතේරේ. (බ)