IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


පීඩනය මැතිව්ස් සහ සගයන්ට

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (8 වැනිදා) ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි. එහෙත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් කිහිප දෙනකුගේම සේවය නොමැතිව ටෙස්ට් පිටියට පිවිසෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙවීමේ අභියෝගය කරපින්නාගත් ඇන්ජලෝ මැතිව්ස් සහ ඔහුගේ නවක කණ්ඩායම හමුවේ ඇත්තේ සුළුපටු පීඩනයක් නොවේ.

වසර 13 ක් තිස්සේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩා කරන නමුත් අන්තර්ජාතික ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ තවමත් ප‍්‍රසාද ලකුණක් දිනා ගැනීමට අපොහොසත්ව සිටින බංග්ලාදේශ පිල සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර මෙතෙක් පැවැති ටෙස්ට් තරග 12 දීම ජය හිමිකරගැනීමට ශී‍්‍ර ලංකා කණඩායම සමත් වී සිටී.

එබැවින් බංග්ලාදේශ පිල හමුවේ මෙම තරග දෙකම ජයගැනීම විශේෂ දස්කමකට වඩා තමන්ගේ තත්ත්වය ආරක්‍ෂා කරගැනීමක් තරම් වූ පීඩනයක් ඇන්ජලෝ මැතිව්ස් හමුවේ පවතී.

මැතිව්ස් මෙම අභියෝගයට මුහුණ දෙන්නේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනකු සහ පන්දු යවන්නන් දෙදෙනකු සමගිනි.

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනා තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර වන නමුත් මෙල්බර්න් ටෙස්ට් තරගයේදී තුවාල ලද සංගක්කාර පිටියට පිවිසෙන්නේ මාස දෙක හමාරකට පසුවය.

වසර 12 කට පසුව මහේල ජයවර්ධනගේ සේවය ශී‍්‍ර ලංකා පිලට අහිමිව තිබේ. අන්තර් කී‍්‍රඩා සමාජ තරගයකදී උඩපන්දුවක් රැකගැනීමට යාමේදී මහේලගේ ඇගිල්ලක අස්ථිය පුපුරා ගියේය.

ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් අතරේද ශී‍්‍ර ලංකා පිල සතුව සිටින්නේ රංගන හේරත් සහ නුවන් කුලසේකර පමණි.  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති එක්දින තරගාවලියේදී මෙන්ම එක්දින සහ විස්සයි/20 තරග වලදීත් විශිෂ්ට දස්කම් පෙන්වා ඇති නමුත් කුලසේකර තවමත් ටෙස්ට් ඉනිමකදී කඩුලූ 5 ක් දවාගැනීමට සමත්ව නැත. කුලසේකරගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම වන්නේ වසර 2009 දී පාකිස්තානු පිලට එරෙහිව ලකුණු 21 කට කඩුලූ4 ක් දවාගැනීමයි.

කෙසේ වෙතත් රංගන හේරත් සහ අජන්ත මෙන්ඩිස් ශී‍්‍ර ලංකා නායකයා සතුු ප‍්‍රබලතම අවි වශයෙන් සැලකිය හැකිය.

මෙම තරගය පැවැත්වෙන ගාල්ල කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකා පිල අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග 8 න් 6 ක්ම ජයගැනීමට සමත් වූ අතර තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් විය. එම බොහෝ ජයග‍්‍රහණයන්ට මූලික වූයේ දග පන්දු විශේෂඥයන් වන රංගන හේරත් සහ අජන්ත මෙන්ඩිස් දෙදෙනාය.

අජන්ත මෙන්ඩිස්ද ටෙස්ට් තරගකට කී‍්‍රඩා කිරීමට සූදානම් වන්නේ වසර එක හමාරකට පමණ පසුව වන අතර ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට කී‍්‍රඩා කළේ 2011 මැයි මාසයේදී ගාල්ල කී‍්‍රඩාංගණයේදීමය.

බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම් පවසා සිටියේ ශී‍්‍ර ලංකාවේදී ටෙස්ට් තරගයක නායකත්වය දැරීම අසීරු අභියෝගයක් නමුත් තමන් ඊට සූදානම්ව සිටින බවකි.
”අතීතයේදී මොකක් වුණත් ඒක දැන් වැදගත් නෑ. අපේ කණ්ඩායම අලූත් එකක්...ශී‍්‍ර ලංකා පිල සිටින්නේත් සංක‍්‍රාන්ති සමයකයි.”

”එබැවින් මෙය හොඳ ආරම්භයක් වේවි” යයිද රහීම් පැවසීය.
නායකත්වය බාරගත් සැණෙකින්ම අසීරු අභියෝග රැසකට මුහුණ දුන් ඇන්ජලෝ මැතිව්ස් ඊයේ පැවසුවේ මෙම තරගයේදී බංග්ලාදේශ පිල කිසිදු ආකාරයකින් අවතක්සේරු නොකරන බවයි.

ශී‍්‍ර ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, කිත්රුවන් විතානගේ, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් (නායක), ජීවන් මෙන්ඩිස්, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, චානක වෙළගෙදර සමින්ද එරංග, කුසල් ජනිත් පෙරේරා, සුරංග ලක්මාල්, සහ තරිඳු කෞෂාල්

බංග්ලාදේශ සංචිතය
මුෂ්ෆිකුර් රහීම් (නායක), මහමුදුල්ලා, අබුල් හසන්, එනැමුල් හක්, එලියස් සනී, ජහුරුල් ඉස්ලාම්, මාෂල් අයුබ්, මොහොමඞ් අෂ්රාෆුල්, මොමිනුල් හක්, නසීර් හොසේන්, රොබිවුල් ඉස්ලාම්, රුබෙල් හොසේන්, සදාත් හොසේන්, සොහාග් ගාසි සහ ටමීම් ඉක්බාල්,

විනිසුරුවරු
රිචඞ් ඉලිංවර්ත් සහ නයිජල් ලොන්ග්

තරග තීරක
ඬේවිඞ් බූන්

ඡයාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

පීඩනය මැතිව්ස් සහ සගයන්ට

පෙරේරා Friday, 08 March 2013 08:46 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සල්ලි ගත්තු අය අගමැති හෙළිකරයි
2024 මැයි මස 13 257 0

ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ අයටත් විමධ්‍යගත අරමුදල් ව්‍යාපෘති ලබාදී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.


පාසල් චෙස් ශූරයෝ ලංකාවට
2024 මැයි මස 13 206 1

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද(13) ශ්‍රී ලංකා


සරසවි අනධ්‍යන උද්ඝෝෂණයට ජල ප්‍රහාරයක්
2024 මැයි මස 13 343 0

බත්තරමුල්ල, පොල්දූව හන්දියේ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවත්වමින් සිටි උද්ඝෝෂණය විසුරුහැරීම පොලීසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාරයක් එල්ල කළේ


සොබාදහම මට යළි අවස්ථාව දුන්නා
2024 මැයි මස 13 306 6

අවංක අභියෝගයක් බාරගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම නිසා සොබා දහම විසින් නැවත තමාට අවස්ථාවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබ


කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට
2024 මැයි මස 13 1112 1

කුලියාපිටියේ සුසිත් ජයවංස නමැති තිස් හැවිරිදි තරුණයා අතුරුදන් කර ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අතුරුදන්ව සිටි මෙම ඝාතන සිද්ධියේ සැකකරුවකු වන සිඟිති


අලි බූතෝගේ රුව මුදල් නෝට්ටුවලට
2024 මැයි මස 13 383 1

පාකිස්තානයේ ප්‍රජානත්ත්‍රවාදී විරුවකු ලෙස සැලකෙන, පාකිස්තාන ජනතා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා ද වූ සුල්ෆිකාර් අලි බූතෝගේ රුව එරට මුදල් නෝට්ටුවලට යො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 652 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2159 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1874 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site