බලශක්තිය සංරක්ෂණය කළ හැකි ප්‍රවාහන මාධ්‍යක් ලෙස ජනතාව අතර පාපැදිය ජනප්‍රිය කරවීමේ වැඩසටහනක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එහි පළමු අදියර ලෙස ප්‍රදර්ශනාත්මක පාපැදි ධාවන තරඟයක් ශ්‍රි ජයවර්ධනපුර කිඹුලාවල මංසන්ධියේ සිට කොළඹ 07 , නිදහස් චතුරස්‍රය දක්වා ලබන ඉරිදා (07) උදැසන 7.00ට පැවැත්වෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ජනතාව අතර පාපැදිය ජනප්‍රිය කරවීම සඳහා නවීන මුහුණුවරකින් යුත් පාපැදි හඳුන්වාදිමට හා පාපැදි මංතීරු ඉදිරිකිරිමට කටයුතු කරන බවද ඇමතිවරයා කීවේය.
පාපැදි භාවිතා කිරිම ශරීර සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට ද හිතකර බව කී අමාත්‍යවරයා ජාතික බලශක්ති සංරක්ෂණ මාසය නිමිත්තෙන් මෙම පාපැදි ධාවන තරඟය පවත්වන බවද ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී අද (4) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හවසට කොටුවේ දුම්රිය පොලට ගොඩවෙලා, ඒ කිට්ටුව දුම්රිය පොළවල් දෙක තුනකට ගිහිල්ල බැලුවොත් මගී ජනතාව බයිසිකල් පදිනවට වඩා හොඳ වියායාම කරන බව ඇමති තුමාට පෙනී යාවි. සමහර විට දුම්රිය මාර්ගයේත් බයිසිකල් පදින එක හොඳා කියල කියාවි. ඒගොල්ලන්ට උඩින් යන වාහන අපිට බයිසිකල්. (ර)
බලල එලියට පැනීම. .මෙගා විහිළු. (ර)
ඔය තියෙන්නේ හොද අදහස්. කාලෝචිතයි. (ර)
මේ සංරක්ෂණ වචනය යටින් ඉන්ධන මිළ වැඩිවීමක් ගැන ඉවක් දැනෙනවා. (ර)
ලෝකයේ ජීවත්වන්න හොදම සාමකාමිම රට ඩෙන්මාර්ක්. අපේ රටටත් වඩා කුඩා රටක්. එහේ සාර්ථකව ක්‍රියාත්මක වන සංකල්පයක් මේක. පාපැදියෙන් වැඩට යන අයට දුම්රියේ වෙනමම පෙට්ටියක් නොමිලේම වෙන්කරලා තියෙන්නේ පා පැදිය අරගෙන යන්න. දුම්රිය හොඳ ප්‍රවාහන සේවයක් සපයනවා. ඒ වගේම තමයි වාහන මිල හරි ඉහලයි. ඒ වගේ වැඩක් අපේ රටේ කරන්න නම් ඉස්සෙල්ලම මිනිස්සුන් සියලු දෙනාගේම ආකල්ප වෙනස් කරලා ඉන්න ඕනේ. මෙහෙ පා පැදියක් වත් ගන්න බැරි මිනිහත් වාහන දිහා බලන් හුල්ලනවා. උත්සහාය නම් හොඳයි හැබැයි තනියම නම් මේ වැඩේ කරනවා බොරු. (ර)
දියුණු රටවල මිනිසුන් පාපැදියෙන් තමයි වැඩට යන්නේ. අපේ රටේත් ශක්තිමත් මාර්ග නීති පද්ධතියක් නැත්නම් පාපැදියෙන් යාම බොරු. විනය කඩන රියදුරෙක් පාපැදිකරුවන්ට මරණ වරෙන්තුව දුන් විට හෝ අබ්බගාත කල විට විද ගන්න වන්නේ තනිවමයි. ඒනිසා නොපදිමි පාපැදි. (ර)
ලංකාවේ බයිසිකල් ප්‍රචලිත කරන්න දෙයක් නැහැ,උතුරුමැද ,නැගෙනහිර පළාත් වල ජිවත් වන දුප්පත් අපගේ ප්‍රදාන වාහනය බයිසිකලයයි. අපි මේවන විට ශක්තිය පිරිමසන්න දායකවෙලා ඉවරයි..කොළඹට බයිසිකල් හදුනවා දෙන්න කලින් ගමේ බයිසිකල් ටික බලන්න,ඊට පස්සේ පදිකයන්ට ගමන් කිරීමට හදපු මංතීරු ටික නිසි ලෙස නඩත්තු කරන්න (කේ)
ජපානය, චීනය වැනි රටවල පාසැල් ළමුන්ගේ සිට කිසිදු තරාතිරමක් නැතුව ලොකු ලොක්කෝ පවා කෙටි දුර යන්නේ තමන්ගේ පාපැදියෙන්. ළමුන් යන්නේ සාක්කුවට හොඳ නිසා. ලොකු අය යන්නේ සෞඛ්‍යයට හොඳ නිසා. මේ දෙකම රටට හොඳයි. බයිසිකලයෙන් වැඩට ආවට පහත් කොට සළකන්නේ නැහැ ඒ රටවල. (නි)
ඉතාම හොඳයි. දියුණු රටවල ඇති ක්‍රමවේදයක්. අපේ රටේ මානසිකත්වය වෙනස් කිරීම පමණයි කළයුත්තේ. ඒකට ලොකු අය ආදර්ශය මුලින් දියයුතුයි. (නි)
අහෝ බණ්ඩාරනායක, ඔයාගේ මෝඩ මොළේ? මෙය හොඳ දෙයක්. ලොව දියුණු රටවල ඇති දෙයක්. අපේ රටෙත් මෙය කරන්න උත්සාහ කරන්න වළ කපන්නේ නැතුව. මුදලුයි, ශරීර සෞඛ්‍යයයි දෙකම රැකෙනවා මේ දෙය කරගන්න හැකි වුණොත්. (නි)
ගමේ අයට බයිසිකල් ඉස්සර තිබුනා.දැන් හැමෝම උජාරුවට බලපත්‍ර නැතත් යන්නේ අජානීය ස්කූටර් තුරඟා පිටින්. ඇමතිතුමාට විතරක් අදහස් නොදා අපි එය ක්‍රියාවට නංවන්න බලමු. (නි)
හොඳම වැඩක්. පාපැදි මංතීරු හැදුවොත් මේ තියෙන අනතුරුත් අඩුවෙනවා. කරන්නම ඕනේ වැඩක්. අනේ ඉක්මනින්ම කරලා දෙන්න ඇමති තුමා.(බ)
විශිෂ්ට දෙයක්. අගය කළ යුතු කාර්යයක් .රටට අවශ්‍යමය වගේ අදහස් තියෙන පුද්ගලයන්. ජයවේවා. (ම)
යටි අරමුණ මොකක් වුණත් කෙරෙන්න යන්නේ හොද වැඩක් .එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.(ම)
ඔබ හොඳ නිර්මාණශීලී පුද්ගලයෙක් බව අපි දන්නවා .බයිසිකල් වැඩේ ඉතාම හොදයි.අඩුම තරමේ පාපැදි මංතීරුවක්වත් හැදුවොත් හොදයි. නැත්නම් මේ බස් කාරයින්ගෙන් සහ ත්‍රීවීල් කාරයින්ගෙන් පරිස්සම් වෙලා යන්න බැහැ.(ම)
මංතීරු හදන ගමන්ම, බස්, ත්‍රී රෝද රත ඒවයේ නොයන පරිදි දැඩි නීති දැමීමකුත් කරන්න වෙනවා. (ර)
පත පොත පළකරපු ඉංජිනේරුවෙක් හිතන දෙයක්. චීනයේ මාඕ සේතුං මැතිතුමා රටේ ජනතාවට නිල ඇඳුමක් හඳුන්වා දෙමින් එම නිල ඇඳුම එතුමා ඇතුළු සමස්ථ රාජ්‍යතන්ත්‍රයම අදිනු ලැබුවා. ජිවිත කාලයම ඒ ඇදුමෙන්මයි එතුමා කටයුතු කළේ. බයිසිකලේ යාමෙන් බලශක්ති සංරක්ෂණය කරගන්ටය කියා දේශනා පවත්වන පාටලී මහත්තයා එදින වැඩසටහනින් පස්සේ පිටව යන්නේත් බයිසිකලයෙන්ද.? වැඩිපුරම ඉන්ධන පාවිච්චිය හෙවත් බලශක්ති නාස්තිය වෙන්නේ මැති ඇමතිවරුන්ගෙනුයි. ඉස්සෙල්ලා මා ඔ සේතුං වගේ ආදර්ශයක් දීලා පෙන්නලා වැඩේ පටන් ගන්නවානම් නේද හොඳ.? (ර)
එතකොට කෝච්චියේ විතරක් නොවෙයි පාරේ බස් එකේ එල්ලිලා යන අපෙන්ද මේ බලශක්ති සංරක්ෂණය කරන්න හදන්නේ.? (ර)
ඉතාම හොද දෙයක්. අපේ රටේ බයිසිකල් සදහා ප්‍රධාන පාරට සමාන්තරව මාවතක් ඉදි කරනවා නම් ඉතාම හොදයි. යුරෝපයේ බොහෝ රටවල මෙන් අපිත් ජනතාවට පහසුකම් සැලසිය යුතුයි. (ර)
බයිසිකල් පදින්න අලුත් මන්තීරු පාරවල් හදන්න කලින් මිනිස්සුන්ට දුවන්න, බයිසිකල් පදින්න දැනට හදල තියෙන මංමාවත් ටික හොඳට නඩත්තු කලොත් නරකද?ඒවා විනාශ වෙන්න දීල බලන් ඉන්නේ නැතුව. (ර)
ඉතා හොද දෙයක්. රථ වාහන අනතුරු අවම කිරීමට පොලිස් නිලධාරීන් වෙනුවට, අනතුරු බහුල ප්‍රදේශ සි සි ටි වී කැමරා පද්දතියකින් පැය 24 පුරාම නිරීක්ෂණය කරලා මාර්ග නීති කඩන රියදුරන්ට දඩුවම්කිරිම පටන් ගත්තොත් අනතුරු අඩු වෙයි. (ර)
ඉන්දන මිල සාර්ථකත්වයට බල පනවා. (ර)
චීනයේ මේ ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිපල ලබල තියනවා. තමාට දෙන ඇමති කමෙන් උපරිම දෙයක් කරන්න හදන මේ වගේ මහත්වරුන්ව තමයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. පක්ෂය නොබලා අපි මේවා අගය කල යුතුමයි. රට උඩට ගෙනියන්න මේ වගේ අදහස් ඇති අය 10ක් පාර්ලිමේන්තුවේ හරියට හිටියොත් ඇති. ඔබට ජයම වේවා. (කේ)
තව මිනිස්සු මැරෙන්න පුළුවන් හරියට මේ දේ නොකොළොත්. (ර)