IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පිටස්තරයින් කොමිසමට ආවේ කොහොමදැයි හොයන්න කියයි

(අංජුල මහික වීරරත්න)

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් මහජන උපයෝගීතා කොමිසම පිහිටි ගොඩනැගිල්ලට පිවිසුනේ කෙසේද යන්න හා එම අවස්ථාවේ තමන් එහි සිටින බව ඔවුන් දැන ගත්තේ කෙසේද යන්න සොයා බලන ලෙස කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු මුදල් අමාත්‍යාංශයෙන් හා ආරක්ෂක අංශ වලින්  ඉල්ලීමක් කර ඇත.

මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපති උදේනී වික්‍රමසිංහ මහතා සහ එහි සාමාජික මහාචාර්ය මොහාන් සමරනායක යන මහත්වරුන් මෙම  ඉල්ලීම කර තිබේ. 

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් තමන්ට තර්ජනය කළේ යැයි කියමින් මහජන උපයෝගීතා කොමිසමේ මෙම සාමාජිකයන් දෙදෙනා  කොල්ලුපිටිය පොලිසියට  පැමිණිල්ලක් ඉදිරිපත් කර කර තිබිණි.

කොල්ලුපිටිය ශාන්ත මයිකල් පාරේ පිහිටි මෙම ගොඩනැගිල්ලට කිහිපදෙනෙකු පැමිණ මහජන උපයෝගීතා කොමිසමේදී ගත් තීන්දු තීරණ ගැන ප්‍රශ්න කරමින් තර්ජනය කළ බවත් එම අවස්ථාවේ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු පවා එහි සිටි බවත් ඔවුන් තර්ජනය කරන ආකාරය එම පිරිස පවා දුටු බවත් මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් ප්‍රකාශ කර තිබේ.

එදින තමන් එහි පැමිණි බව දැන සිටියේ කොමිසමේ සභාපති ඇතුළු නිලධාරීන් බැවින් මෙම තොරතුර සිවිල් සමාජ ක්‍රියාකාරීන් යැයි කියන පිරිස දැන ගත්තේ කෙසේද යන්නත් මාධ්‍යයත් රැගෙන ඔවුන් කොමිසමට පැමිණියේ කෙසේද යන්නත් වහාම සොයා බැලිය යුතු බව පැමිණිලිකරුවන් ප්‍රකාශ කර ඇත.

කොමිසමේ ම පිරිසක් ජනතාව කුපිත කොට තමන්ගේ ජිවිත වලට තර්ජනය වන ආකාරයේ වැඩපිළිවෙලක නිරතවන බවට සැකයක් මතු වන බව ද ඔවුන් කියා තිබේ. 

එම නිසා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස සාමාජිකයන් දෙදෙනා පොලිසියෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.



අදහස් (3)

පිටස්තරයින් කොමිසමට ආවේ කොහොමදැයි හොයන්න කියයි

කොම්පියුටර් දූපත් වැසියා Monday, 23 January 2023 03:59 PM

කොමිසමේ ලොක්කා ගේ අතීත පැටිකිරිය දන්න අයට නම් ඔක අමුතුවෙන් හොයන්න දෙයක් නොවෙි.

:       7       8

රංජන් Monday, 23 January 2023 07:13 PM

තල වැපුරූ කල තල ලැබේ.

:       0       0

දිමුත් Tuesday, 24 January 2023 10:15 AM

මොහාන් සමරනායකගේ අතීත පැටිකිරියත් දන්නෝ දනිති!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 774 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site