IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පීටර්සන්ගේ කි‍්‍රකට් අනාගතය අවිනිශ්චිත තත්ත්වයක

දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන් වෙත යවන ලද කෙටි පණිවුඩයක තොරතුරු හෙළිදරව් කිරීමට අපොහොසත් වීම නිසා එංගලන්ත කණ්ඩායමෙන් ඉවත් කරන ලද මැද පෙළ පිතිකරු කෙවින් පීටර්සන්ගේ කි‍්‍රකට් අනාගතය ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. කෙසේ වෙතත් අවසන් මොහොතේදී හෝ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන එංගලන්ත සංචිතයට පීටර්සන් ඇතුළත් කෙරෙනු ඇතැයි ඔහුගේ හිතවත්තු බලාපොරොත්තු වෙති. ලබන මස 18 වැනිදා සිට ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම නම් කළ යුතු අවසන් දිනය වන්නේ මේ මස 18 වැනි සෙනසුරාදාය. එංගලන්ත කණ්ඩායමේ අභ්‍යන්තර තොරතුරු පිටස්තර පුද්ගලයන් වෙත යාම නොහොබිනා බවත්, ඒ හේතුවෙන්ම කණ්ඩායම ඇතුළේ විවධ පාර්ශවයන් බෙදී ඇති බවත් ප‍්‍රකාශ කළ පීටර්සන්, පළමු වැනි ටෙස්ට් තරගය අවසානයේදී ප‍්‍රකාශ කර සිටියේ ඇතැම් විට එංගලන්ත - දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමන් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට ඉඩ ඇති බවයි. මෙම ප‍්‍රකාශයෙන් අනතුරුව, පීටර්සන් සහ එංගලන්ත කණ්ඩාමේ කී‍්‍රඩකයන් අතර පැවැති විරසකය දිගින් දිගටම පුවත් මවා දුන් අතර ‘පීටර්සන් විසින් දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන් කිහිප දෙනකුට යවන ලද කෙටි පණිවුඩ මගින් එංගලන්ත කී‍්‍රඩකයන් හෑල්ලූවට ලක් කර නැත’යි යන්න ඔප්පු කරන ලෙස එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය පීටර්සන්ට දන්වා සිටියේය. එහෙත් එය සනාථ කිරීමට අසමත් වීම නිසා කෙවින් පීටර්සන් තුන්වැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කරන ලදි. එංගලන්තය සහ දකුණු අපි‍්‍රකාව අතර තුන්වැනි ටෙස්ට් තරගය හෙට (16 වැනිදා) ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර දකුණු අප‍්‍රිකානු පිල මේ වන විටත් 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී. තරගාවලිය ආරම්භ වන විට ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 ස්ථානය හිමිකරගෙන සිටි එංගලන්ත කණ්ඩායමට සිය ස්ථානය රැක ගැනීමට නම් ලෝඞ්ස් ටෙස්ට් තරගය ජයගත යුතුමය. ජූලි මස මුල් සතියේදී එක්දින සහ විස්සයි-20 කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට පීටර්සන් තීරණය කළ අතර විස්සයි-20 අන්තර්ජාතික තරග සඳහා ඉදිරිපත් වීමට ඔහුගේ බලාපොරොත්තුවක් තිබුණ නමුත් එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය ඊට එක`ග නොවීය. මෙම කරුණ නිසා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද 30 දෙනකුගෙන් සමන්විත එංගලන්ත සංචිතයට පීටර්සන් ඇතුළත් නොවිණ. මේ අතර පීටර්සන් විසින් තමන් වෙත එවන ලදැයි කියනු ලබන කෙටි පණිවිඩ සමබන්ධයෙන් නිල වශයෙන් කිසිවක් ප‍්‍රකාශ කිරීමට දකුණු අපි‍්‍රකානුවෝ ඉදිරිපත් නොවෙති. - ඕවා කී‍්‍රඩකයන් අතර නිතරම හුවමාරු වන විහිළු තහළු මිසක් වෙන දෙයක් නොවේ” යයි දකුණු අපි‍්‍රකානු කළමණාකරු කියයි.



අදහස් (0)

පීටර්සන්ගේ කි‍්‍රකට් අනාගතය අවිනිශ්චිත තත්ත්වයක

චතුර Wednesday, 15 August 2012 05:16 PM

යොහාන්, ඇත්තටම මෙයා ආඩම්බරකාරයෙක් නම් නෙවෙයි. මට නම් හිතෙන්නෙ මෙයා විහිළුවක් තමයි කරන්න ඇත්තෙ. (නි)

:       0       0

ගාමිණී කුවෙට් Wednesday, 15 August 2012 08:22 PM

ක්‍රීඩාවට දක්ෂතා දැක්වූවාසේම තම රටේ,තම කන්ඩායමේ,සහ ක්‍රිඩාවේ ගරුත්වය ආරක්ෂා කලයුතුයි.තම කන්ඩායමේ තොරතුරු පිටස්තර අයට ලබාදීම තරග පාවාදීමකට සමානයි.

:       0       0

ජිවා Wednesday, 15 August 2012 12:51 PM

ඇත්තම කිවුවොත් මොහු වැදගත් ළකුණු අතර ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්. (නි)

:       0       0

යොහාන් Wednesday, 15 August 2012 02:14 PM

ජීවා ඒ උනා‍ට මෙයා හරි ආඩම්බරයි....(ස)

:       0       0

අජන්ත Wednesday, 15 August 2012 02:20 PM

අයියෝ සල්ලි

:       0       0

අසින්ත Wednesday, 15 August 2012 02:41 PM

අපේ රටේ ක්‍රිකට් වලට වෙච්ච දේමද මන්දා වෙන්න යන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site