පට්ටිපොළ ඔහිය රක්ෂිතයේ හටගත් ගින්න හොර්ටන් තැන්න රක්ෂිතය දෙසට පැතිරීමත් සමග යුද, ගුවන්, පොලිස් හා වනසංරක්ෂණ සාමාජිකයෝ එක්ව ගින්න මැඩ පැවැත්වීමට මහත් වෙහෙසක් දරති. අද සවස්වන විට ගින්න පැතිරෙමින් තිබිණි. දුම්රිය ගමනා ගමනය යථා තත්ත්වයට පත් වී ඇත. පට්ටිපොළ දී මේ ගින්න හටගත්තේ දින තුනකට කලිනි. හෝර්ටන් තැන්නට ගින්න පැතිරුණහොත් විශාල පරිසර හානියක් ඇතිවී ගෝනුන් හා දුර්ලභ වන සතුන්ටත් තර්ජනයක් වන බව නිලධරයෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරඅහරි ගිනිතිබ්බද කියලා දැං දැං සැකයක් තියෙනවා..!!(නු)
කැලෑ විනාශ කිරීමේ ප්‍රතිඵල නොබෝකලකින් බලාගන්න පුළුවං වෙයි..!(නු)
අනේ දෙවියනි, ඔබ කොහිද? (නි)
මේක නං නිකං ඇතිවුණු ගින්නක් වෙන්න බැහැ.. ඉඩම් අල්ලන්න බලාගෙන කරපු දෙයක් වෙන්න ඕන..!!(නු)
කවුරු හරි ගිනි තිබ්බනම් පරම්පරාවටම පළ දෙයි. (ත)
බොහෝදුරට ඉඩම් අල්ලගන්න කරපු දෙයක්. අවුරුද්දක් ඇතුලත දැනගන්න පුළුවන්වෙයි සහසුද්දෙන්ම. (ත)
සමන්ත,ඔබ හරියටම හරි. (නි)
මේ ගින්න වගේම ඇතිවුණු අනෙක් සියළු ගිනි පිටුපස සිටින්නේ දේශපාලක කැළෑ පාළුවන්ය. (නි)
මේ දවස්වල හොදටම පායනවා. ඒ වගේම සුළඟ. කවුරු හරි ඕන කමින් කරපු දෙයක්. ඒවා කරපු අයටමයි ඕවා විදවන්න වෙන්නේ. (ත)
අපරාදෙ ලංකාවෙ සුන්දරම රක්ෂිතය. පට්ටිපොල, ඔහිට අතරේ දුම්රියමග කොයි තරම් ලස්සනද? (ත)
තමාටම ගිනි තියා ගැනීමක්. මතු පරපුරට රටේ මොනවද ඉතිරි වෙන්නෙ? (ත)
රටේ සුන්දරත්වය විනාශ කරන්නේ ඇයි ගිනි තිවිවනම් නොබෝ කලකින් පරිසරයෙන්ම දඩුවම් ලැබෙයි. (ත)
වහාම මේකට පියවරක් ගන්න. කැළෑ කියක් නම් දැන් ගිනි ගත්තද? අනාගතේ කෙසේ වෙතත් වර්තමානය ගැනවත් තැකීමක් නැති මිනිස්සු. (ත)
මේ ගින්න ඇතිවෙන්නේ ඔයාලා කියනවා වගේ දේශපාලන දෙයකටවත්, ඉඩම් අල්ලන්නවත්, ගස් කපන්නවත් නෙමෙයි. මම මේ පැත්ත හොදටම දන්නවා. ගින්දර ඉබේ ඇතිවෙන්නේ නැහැ. යමෙක් ගිණි තියනවා. එක්තරා මෝඩයන් කීප දෙනකු විශ්වාස කරනවා කැළේ ගිනිගත්තම වැස්ස ඉක්මනින් එනවා කියලා. එහෙම හිතන අය වැස්ස නැති හැම අවුරුද්දකම මේ කාලෙට ඔය දේ කරනවා. මට ඒ පිලිබද අවුරුදු 15 ක විතර අත්දැකීම් තිබෙනවා. අවුරුදු 2කට කලිනුත් මේ දේම වුණා. වැරැද්ද විදිහට මම දකින්නේ ඉහළ ඌව ජල පෝෂක ප්‍රදේශවල ටර්පන්ටයින් සහ ෆයිනස් ශාකය වගාකිරීම. මෙමගින් පසෙහි සාරය නැතිවීම, දිය උල්පත් සිදී යාම, යටි රෝපන විනාශ වීම සිදුවේ. මෙම ශාක පත්‍රවල තෙල් සහිත ස්වභාවය නිසා ඉක්මනින් ගිණි ගනී. මේ ස්ථානයේම පවතින හග්ගල රක්ෂිතයට අයත් ස්වභාවික කැළය ගිනි තැබුවත් ගිනි නොගනී. සිදුකළ යුත්තේ නැවත මෙම ආක්‍රමනශිලී ශාකයම ගිනි ගැනීම වෙනුවට වගා නොකොට කොස් වැනි ශාකයක් වගා කිරීමයි. එවිට බොහෝ වාසි ලැබේ. දැවයක් ලෙස කොස් හි වටිනාකම වැඩිය. කොස් ශාකයේ යටි රෝපණ පවතී. ගිණි ගැනීම් විරලය. ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා වේ. සතුනට ආහාර පවතී. ඌරන් වැනි සතුන් වගා විනාශයට ගම් වැදීම අවම වේ. යම් හෙයකින් වශාල ආහාර අර්බුදයක් පැමිණියහොත් විකල්පයක් ලෙස භාවිතා කළ හැක. (නි)