( තිළිණි ද සිල්වා )
පිටිකළ අලිගැට පේර සහ පිටිකළ වට්ටක්කා වැනි ශ්‍රී ලංකාවේ නව සුපිරි ආහාර නිෂ්පාදන, ජෝර්දානනය වෙත අපනයනය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කර ඇතැයි ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුනා ගනු ලැබ ඇති ටීටොක් සමාගම මෙම අපනයනය සදහා හවුල් වී සිටින බවද එම තානාපති කාර්යාලය කියා සිටී.
. ප්‍රධාන වශයෙන් ලංකා තේ අපනයනය කිරීමෙන් අනතුරුව විවිධාංගීකරණය වූ ටීටෝක් සමාගම දැන් නව්‍ය අගය එකතු කළ ශ්‍රී ලාංකික නිපැයුම් නිෂ්පාදනය කරන අතර, වැනිලා කරල් ආකාරයෙන් ජෝර්දාන් වෙළඳපොළට අපනයනය කිරීම ද ආරම්භ කොට ඇත.
මෙතෙක් ජෝර්දානයට ඇතුළු නොවූ ශ්‍රි ලංකා නිෂ්පාදන රැසක් ටිටොක් සමාගම හරහා ජෝර්දානයට යැවිමට අපේක්ෂිතය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සක්‍රීය ලෙස ශ්‍රී ලංකා අපනයන ජෝර්දානයට ගෙන යාම සඳහා වන ඔවුන්ගේ ක්‍රියාකාරී වාණිජ කටයුතුවල කොටසක් ලෙස, මීට පෙර ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ සාම්ප්‍රදායික වෙළඳපොළක් ලෙස සලකනු නොලැබූ ජෝර්දානයෙ වෙත තවත් නව නිෂ්පාදන ගෙන ඒමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ සාර්ථක පියවරක්.බොහෝවිට මේ රටේ අලිගැටපේර විකුණාගැනීමට නිසා ක්‍රමවේදයක් නැහැ.ඒ නිසා ඒවා නැති නාස්තිවී යනවා.සත්‍යවශයෙන්ම,මෙය අගය කල යුතූ ක්‍රියාවක්.වට්ටක්කා වලටත් මෙරටේ ගොවියාට හොඳ මිලක් ලබාගැනීමට හැකිවේවි.ස්තූතියි.
අපිට කන්නත් නැති වෙයි වගේ
අලිගැට පේර බටර් හෝ මාජරීන් විදියට හැදුවා නම් හොඳ වෙළඳපොළක් තිබේවි.
වට්ටක්කා කෙසේවෙතත් අලිගැටපේර නම් රට පටවන්න එපා. ලංකවේ අලිපේර ඇතුළු පලතුරුවල මිල අධිකයි.