අන්සතු ගුවන් ගමන් බලපතකට තම ඡායාරූපය අලවාගෙන ඩුබායි හරහා ඉතාලි යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු යාපනයේ වැල්වැටිතුරේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
සැකකරුව පරීක්ෂා කිරීමේදී ඔහු ලඟ තිබී ඔහුගේ වලංගු ගුවන් ගමන් බලපත්‍රයද හමු වී ඇතත් ඔහු ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකි.
එය වෙනත් අයෙකුගේ ගුවන් බලපත්‍රයක් බවත් එහි සැකකරුගේ ඡායාරූපය හා ඉතාලි වීසා ස්ටිකරයක් සුක්ෂම ලෙස අලවා තිබු බවත් අනාවරණය වී තිබේ.
කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ දහයක් ගෙවා මෙම ගුවන් ගමන් බලපත ලබා ගෙන ඇති බවත් හෙළිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි එකත් ළඟ තිබුණා නම් මොකටද බොරු ඒවා පාවිච්චි කරන්නේ? (නි)