බිමල් ශ්‍යාමන් ජයසිංහ
ගිනි අවි ළඟතබා ගැනීම හා මනුෂ්‍ය ඝාතන සිදුකිරිම සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි පතාල සාමාජික පැටී මංජු නැමැත්තා කලවාන ප්‍රදේශයේ තේ වත්තක බංගලාවක සැඟ සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ටී 56 ගිනි අවියක්,උණ්ඩ 9, පතුරම් දවටනයක් ඔහු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇත.
ඔවුට නවාතැන් පහසුකම් සැපයු පළාත් සභා මන්ත්‍රී අසිත මුහුන්දිරම්ගේ ඥාතී සහෝදරයකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී ගම්පහ සහ මට්ටකුලිය පොලිස් වසම් වලදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිම හා ගම්පහ ප්‍රදේශයේ දී ඔස්මන් ගුණසේකර නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරිමට තැත් කිරිම සහ ඉකුත් ඔක්තෝබර් 2 වැනි දා මෝටර් රථයක් තුළ ටී 56 ගිනි අවි තුනක් උණ්ඩ 168 ක් දමා පලා යාම සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි සැකකරු බව පැලියගොඩ දිසා අපරාධ ඒකකය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙශපාලකයෝ තමා පාතාලය රජ කරවන්නේ. ඒ අයට තමා මුලින්ම දඩුවම් කරන්න ඕන.