පිළිගත හැකි සාධාරණ සේවා ව්‍යවස්ථාවක් උපාධිධාරීන් සඳහා ද, උසස්වීම් පටිපාටියක් සකසා සාධාරණ වැටුප් වැඩි වීමක් ද, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය සංවිධාන කළ විරෝධතාවක් කොළඹ ටොරින්ටන් හි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී අද පැවැත්විණි.
බොරැල්ල කැම්බල් පිටියේ සිට අමාත්‍යංශය දක්වා ඔවුහු ආහ. අමාත්‍යංශයේ උසස් නිලධාරියකු ඔවුන් සමග සාකච්ඡා කිරීමට නොපැමිණි නිසා ඔවුන් මහා පාරේ වාඩිවීම නිසා ටොරින්ටන්, බෞද්ධාලෝක මාවත ඇතුළු ප්‍රධාන මංසන්ධි කීහිපයක දැඩි රථවාහන තදබදයක් ඇති විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අඳුනන කීපදෙනකුත් තමන් කරමින් සිටි පුද්ගලික අංශයේ හොඳ රැකියා අතහැර දමා මේ පත්වීම් ගන්න ඇවිත් අද පිකටින් කරමින් ඉන්නවා. ඔවුන්ගෙන් මම විමසුවා 'අයි අර තරම් හොඳ රැකියා අවස්ථා අතහැරියේ..' කියලා . හිත යටින් ලජ්ජා වෙමින් ඔවුන් දෙන පොදු පිළිතුර, 'ඒ තැන්වල වැඩ කරද්දී වගේ මැරෙන්න ඕනැ නැහැනේ ආණ්ඩුවේ රස්සාවක් ලැබුනාම...' ඔන්න ඕකයි ඇත්ත හේතුව. කඩා බිඳගෙන ඇවිත් රැකියාව බාරගන්නකොට දන්නේ නැත්ද මේවා දේශපාලන රැවටිලි මිස පවතින වැඩ නොවෙයි කියලා? කිසිදු වග විභාගයක් නැතුව නැතුව මෙහෙම රැවටෙන මොවුන්ගේ උගත් කමේ තරම මෙයින්ම පෙනේ. රටේ මිනිසුන්ගේ මුදලින් නිකන් ඉඳන් පඩිගන්න අයට මෙය හොඳ පාඩමකි. උපාධියේ ලොකුකම හා රටට සේවය කිරීමේ ආසාව ගැන කියන ලොකු කතා බයිලා මිස අනෙකක් නොවේ. (නි)
අතුල කියපු කථාව හරියටම හරි. මිදි ඇඹුල් කියපු නරියා වගේ.(නු)
මාර්තුකාව පච දරු කියලා වෙනස් කරමුද?(නු)
මේවට තමයි කියන්නේ කුහකකම කියලා.උසස් පෙළ කරද්දි හැමෝගෙම හීනේ සරසවිය. ඒක බැරුව ගියාම කුහකකමින් වෛරයෙන් උපාධිධාරියාව පෑගීම තරම් තවත් සැනසීමක් ඒ පුද්ගලයන්ට නැහැ. අනිත් එක තමයි තමයි සියළුම දේවල් දේශපාලනයට ලගු කිරීම. (නි)
මමත් භාග්‍යාට එකගයි. (නි)
අමිල කියන දේවල් හොදයි කොණ්ඩේ බැදපු චීන්නුන්ට. (නි)
මල්ලිලා ඇයි පාරේ විදවන්නේ? ඇයි නැද්ද කා.කා.ස. කෙනෙක්වත්? (නි)
උගත්කමට කුහක විදියට සළකන අය අද රටේ වැඩියි. අසාධාරණය රජ කරන රටක්. උගත් අය (විශ්වවිද්‍යාල ආචාර්යවරු)අද මහමග. උගතුන් අද රට දාලා යනවා. රටේ සල්ලි නාස්ති නොකර විශ්ව විද්‍යාල වහලා දාන්න. (නි)
උපාධධාරීන්ට වඩා අඩු සුදුසුකම් වලින් රාජ්‍ය සේවයට එන අයටත් උසස්වීම් තියෙද්දී අපට විතරක් උසස්විම් නැති එක අසාධාරණ නැද්ද? (නි)
අපිට එදා සිට(1994) අද දක්චා(2012) කිසිම උසස්චිමක් හෝ චෙනන් දෙයක් නැතිව වී ඇති අසාධාරණය ඔයාලා දන්නෙත් නැහැනේ. (නි)
ඉන්ද්‍රජිත්, මේ අයට වඩා රටේ මිනිසුන්ගේ මුදලින් නිකන් ඉඳන් පඩිත් අරන්, රටේ සල්ලිත් නාස්තිකරමින් රට විනාශ කරන කණ්ඩායමක් ඉන්නවා නේද? (නි)
මමත් 1995 උපාධිධාරී බඳවාගැනීම් යටතේ රාජ්‍ය සේවයට එක්වූ නමුත් පසුකාලීනව ඇතිවූ කළකිරීම මා උපාධියට වඩා ඉහළ අධ්‍යාපන සුදුසුකම් මත වෙනත් රැකියාවක නිරතව සිටින කෙනෙක්.ඔය ප්‍රශ්නය එදා මටත් ඔය විදිහටම බලපෑවා.මමත් ඔය විදිහටම කට්ට කෑවා.පිකට් කලා.තාමත් මගේ නියම සුදුසුකමට ගැලපෙන රැකියාවක් නෙවෙයි මම කරන්නේ.මම විශ්වවිද්‍යාල උපාධි, පශ්චාත් උපාධි 6 ක්,දර්ශනපති හා ආචාර්ය උපාධි අත ඇතිව උගත්කමට ගැලපෙන රැකියාවක් නොමැතිව දුක් විඳිනවා.මම ගිය සම්මුඛ පරීක්ෂණවලදී මට වඩා ඉතා පහළ මට්ටමේ වූ කිසිදු සුදුසුකමක් නැති අය රස්සාවලට තෝරා ගත්තා.දේශපාලන හයියක් නැති නිසා මාව එළියට විසි වුණා. (නි)
ඉගෙනගත්තට රස්සා දෙන්න ඕනෑ කියලා නීතියක් කොහේවත් නැහැ. (නි)
මේ අය එළියට දාලා රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දුන්නානම් ඉවරනේ. (නි)
ඉස්සර නම් කෑ ගැහුවෙ රැකියා නැහැ කියලා..!!(නු)
(පට දරු විරෝධයට කිසිවෙක් ඇහුම්කම් නොදෙති) මොකක්ද මේ 'පට දරු' කියන්නේ.........? කරුණාකර අපට පැහැදිලි කරන්න... (නි)
අනේ මොකද්ද 'පට දරු' කියන්නේ කියලා කියන්නකෝ. (නි)
පට දරු.......???? (නි)
ධම්මක ඔය කියන විභාගය මමත් මහ ඉහළින් සමත් වූණා. නමුත් හැකියාවට රැකියාවක් කෙසේ වෙතත්, මහන්සියේ හැටියට ආදායමක් ලබා මම අද ජීවිතය විදිනවා. (නි)
මොකක්ද මේ 'පට දරු' කියන්නේ? සිංහල ශබ්ද කෝෂයක් ඕනෑ වෙයි වගේ අපිට. (නි)
අයියෝ පියුමි.. ඔයා දන්නෙ නැද්ද පට දරු කියන්නෙ මොකද්ද කියලා.. ඒකනෙ කියනනෙ.. මම දන්නෙත් නැහැ....!!(නු)
ඉහත ඒවා ලියපු අය මතුපිටින් බලලා විතරයි ඒවා ලියලා තියෙන්නේ .මෙතන ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා . ඒකයි මේ විරෝධය පැවැත්වූවේ . (නි)
රස්සාවක් දුන්නට කළගුණ සළකන විදිය තමයි මේ. (නි)
මොකද්ද මේ පට දරු?(නු)
අම්ල හා නාරද වෙත, උපාධීධාරීන්ට මේ රටේ වෙන අසාධාරණය ඔයාලා වගේ උගත්කමට කුහක විදියට සලකන අයට තේරුම් ගන්න බැහැ. දක්වන අදහස් වලින්ම ඔය අයගේ හිතේ උගත්අය ගැන තියෙන කුහක ආකල්පය අපට පේනවා. සැබෑ තත්වය නොදැන හැම දේ ගැනම අදහස් දක්වන්න එපා. විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙන්නේ මේ රටේ අමාරුම විභාගයකින් වැඩිම ලකුණු ගන්න අය. ඔයාලට ඒක අමතක එක ගැන ලැජ්ජා වෙන්න. (නි)
මේ ඡායාරූපෙ ඉන්න අයගෙ රැවුල් විලාසිතාවෙන්ම පේනවා මෙහෙයෙව්වෙ කවුද කියලා...!!!(නු)
මේවා මේ විශ්වවිද්‍යාල වලින් පුරුදු වෙච්ච නරක පුරුදු.. හැමදේටම දියව් දියව්.. කොච්චර දුන්නත් මදි....!!(නු)