(මොහොමඩ් ආසික්)
පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණයේදී පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙකට කඩා අකුරණ සහ හතරලියද්ද කොට්ඨාස දෙකට එක් කිරීමට විරෝධය දක්වා ජනතා විරෝධී පෙත්සමකට අත්සන් තැබීම පුජාපිටිය ඓතිහාසික බෝසමිඳු ඉදිරිපිටදී ඇරැඹිණි.
පූජාපිටිය සුරැකීමේ සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබු අතර මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ මෙම අත්සන් තැබීම සඳහා ප්‍රදේශවාසීහු රැසක්ද එක් වුහ.
ඊයේ(22) මෙය ඇරැඹි අතර දෙවැනි දිනට අද (23) මෙම අත්සන් තැබීම සිදු කෙරෙමින් පවති.
හාරිස්පත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක මෙන්ම මධ්‍යම පළාත් මහාමාර්ග විදුලිබල බල ශක්ති නිවාස සහ ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන , පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ. පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරු වන සුරංජිත් කුමාර වික්‍රමසූරිය(එජාප) අනුර මඩලුස්ස (එජනිස) යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ බලවත් විරෝධය
එකට ඉන්න මින්ස්සුන්ගෙන් වෙන් වෙලා තමන්ගේම ආගම කල්ලියක් හදාගන්න හදන එක මම හිතන්නේ සංහිඳියාව කියල. කොහොමත් අකුරණ හෙල්මට් නැතිවත් මෝටර් සයිකල් පදින්න පුළුවන් නගර කීහිපයෙන් එකක්. නුවර කලබල ඇතිවෙන්න එක හේතුවක් අකුරණ හැසිරීම.