බුලත් කොළයේ සිට බෙලි ගෙඩිය දක්වා සියලු භාණ්ඩ මිල ඉහළ යාම නිසා කතරගම පුජා වට්ටියේ මිල ද ඉහළ ගොස් ඇත.
ඒ අනුව මෙතෙක් රුපියල් සීයට දෙසීයට දුන් පුජා වට්ටියක් අද රුපියල් පන්සීයක් හයසීයක් වෙතියි පුජා වට්ටි වෙළෙන්දෝ කියති.
පුජා භාණ්ඩ මිල මෙසේය.
බුලත් කොළය රු. 4 -5 දක්වා
පැණි කෙමඩු කිලෝව රු. 80- 150 දක්වා
දිවුල් කිලෝව රු. 120-150 දක්වා
බෙලි රු. 50-80 දක්වා
අඹ රු. 100-150 දක්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොකා නොබී හුස්ම පමණක් ගන්න තමයි අපිට අනාගතයේදී වෙන්නේ. (නි)
කමක් නැහැ මල්ලි හැමදාම එකම මිලට දෙන්න බැහැනේ (දී)
දැන් මහජනතාව අවබෝධයෙන් වැඩකරන්න පෙලඹිය යුතුයි. පුජාවට්ටි තැබීම නතර කරන්න. ඒවා දේශපාලකයින්ට පමණක් කිරීමට ඉතිරි කර, ජීවත්වෙන්න ඒ මුදල් වියදම් කරන්න. දෙයියන්ට කළ හැකිදෙයක් නැත. (නි)
හැමතැනින්ම කවුද පිඩාවට පත් වෙන්නේ..... අපි (දී)
දෙවියන්ටත් මේ තත්ත්වය යටතේ ජීවත්වෙන්න අමාරු හැටියකුයි පෙනෙන්නේ. (නි)
ඒ කියන්නේ දෙවියන්ටත් මේ තත්වට යටතේ ජීවත් වෙන්න අපහසුයි කියන එක නේද (ස)
වට්ටියෙ මිළ වැඩි කරලා නැද්ද? (නි)
දෙවියන්ගේම පිහිටයි! (නි)
රජයෙන් එකක් වැඩිකරද්දී වෙළෙන්දෝ දෙකක් වැඩිකරනවා (නි)
අනුන්ගේ දෙවියෝ තමන්ගේ කරගෙන. (නි)
මේක පූජා වට්ටියයට විතරක් නෙමෙයි, දැන් හැමදේටම බලපාලා අවසානයි. (නි)
කතරගම ක්‍රියාත්මක වෙන්නේ පූජා වට්ටි වෙළෙන්දන්ගේ මාෆියාවක්. වාහන නවත්වන තැන කඩේකින් ගත්තේ නැත්නම් එතන වාහනේ නවත්වන්න දෙන්නෙත් නැහැ. මේ වෙළෙන්දන්ගෙන් තොර රථ ගාලකුත් නැහැ. කොච්චර භක්තියෙන් ගියත් අන්තිමට වෙළෙන්දන් බලෙන් විකුණන කුණු වෙච්ච පළතුරු වට්ටියක් තමයි ගන්න වෙන්නේ. (නි)
දෙවියන්ටවත් පෙනෙන්නේ නැද්ද මේවා? (නි)
මම නම් මොකුත් කියන්නේ නැහැ . මොකද ඒ මිනිස්සු 100% සාධාරණයි (දී)
මේක හොද වැඩක්. බෞද්ධයෝ දෙවියන් පස්සෙන් දුවන එක අඩුවෙයි. (නි)
තෙල් මිළත් දැන් වැඩියිනේ. (නි)
මිනිස්සුනේ වෙලදාම් කරන්නේ (දී)
දෙවියන්ට පූජා වට්ටි නොතියා පූජා පවත්වලා දෙවියන්ට කන්නලවු කරමු. (නි)
මෙයාලා එකම පළතුරු වට්ටියත් නැවත නැවතත් විකුණනවා. පුදුමේ කියන්නේ ඒත් පාඩු එකනේ. (නි)