පනස්හයේ ආණ්ඩුව බිහි කිරීමට කැපවූ පංච මහා බලවේගයම අද මහ පාරේ. අපිත් බලාගෙන ඉන්නවා මේවා අද විසදෙයි හෙට විසදෙයි කියලා. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමි එසේ පැවැසුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සම්මේලනයේ නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේදීය. රටේ සිදුවන වැඩ නිසා පෞද්ගලික විශ්වවිද්‍යල ආරම්භ කරීමේ බලාපොරොත්තුව සම්පූර්ණ වනබව පෙනේ යැයිද අද රටේ හැම අංශයකින්ම පිරිහී ඇතැයිද මහා නාහිමියෝ කීහ. උසස් අධ්‍යාපනයට එල්ල වී ඇති බාධක හා ප‍්‍රශ්න ඇතුලත් සංදේශයක්ද මහා නාහිමියනට පිරිනැමිණි. පේරාදෙණි සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න බණ්ඩා මහාචාර්ය එම්.එම්.ආර්.ඞී.හේරත්, ආචාර්ය ආනන්ද ජයවික‍්‍රම, ආචාර්ය මාධව මීගස්කුඹුර, ආචාර්ය ප‍්‍රසන්න පෙරේරා, ආචාර්ය සනත් රාජපක්‍ෂ හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලක්‍ෂ්මන් නුගපිටිය මහත්වරුද පැමිණි සිටි අය අතර වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල් වල බන්කර් ඉදි කරගෙන සතර අගතියේ ගිලී සිටිනා සමහර නායක හාමුදුරුවරුන් ගැන බලද්දී, හාමුදුරුවරුන් කියනා දේවල් ගැන මිනිසුන් එතරම් තැකීමක් නොකරන එක පුදුමයක් නොවෙයි. (නි)
මුලිකම හේතුව විපක්ෂයේ දුර්වලකමයි රජයේ ගසාකෑමක්යි නම් විපක්ෂ මන්ත්‍රින් ඇයි මේ ගැන පාර්ලිමේන්තුවෙ කතා නොකරන්නෙ? (නි)
මුලු සමාජයම පිරිහිලා. පන්සල ගමෙන් ඈත් වෙලා. බණ කියන්න හරිහමන් හාමුදුරුවරුන් නැහැ. බණ කිවුවත් අහන්න මිනිසුන් නැහැ.
සංඝයා වහන්සේලා එඩිතරව යුක්තිය ප්‍රකාශ කරනවා නම් පාලකයන් බයයි වැරදි කරන්න. (නි)
එහෙනම් කිවුවේ ලෝකයේ සාමකාමීම රට ලංකාව කියලා?මම හිතන්නෙ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (නි)
ප්‍රභාකරනුත් හිටියා නම් ශෝක් නේද? එයා නැති නිසයි මේ ඔක්කොම. ඒ අහිංසකයට කරපු එක තමයි මේ පළ දෙන්නෙ. (නි)
මම අහන්නේ කවුද මේවට වග කියන්නෙ...??(නු)
අවසර අපේ හාමුදුරුවනේ, ඔය කියන්නේ වෙන ලංකාවක් ගැන වෙන්න ඇති. අපේ ලංකාවෙ නම් මෙහෙම දේවල් වෙන්න බැහැ. (නි)
හේරත් සහ සුමනා මානවඩු කියන කතාව සහතික ඇත්ත. හෙට ආණ්ඩුවේ කවුරුහරි ඔතනට ගියාම "බුදු දහම මේ තරම් බැබලුන කාලයක් කවදාවත් තිබුනේ නැහැ, විරුද්ධ පක්ෂ වල හැමෝම මේ රජයේ හොඳ වැඩපිළිවෙලට සහය දිය යුතුයි..." ඔන්න ඔහොම වදාරනවා නිසැකයි. ඉස්සර කාලවල හාමුදුරුවරු රට වනසන පාලකයින්ට 'පත්ත නික්ඛුන්ජන කම්ම' කියලා දණ්ඩනයක් පැනෙවුවා. එහිදී ඔවුන්ව සංඝ සමාජයෙන් පිළිකෙවූ කෙරෙනවා. මෙය සිදුවෙනවාට ඕනෑම අධිරාජයෙක් බිය වුණා. දැන් අපේ මහා සඟරුවන කරන්නේ අදාළ අය පළාතෙවත් නැති තැනකදී ඔහොම එකක් කියන එක විතරයි. ආපුවාම පිරිත් නූල් බඳිනවා . ඉතින් මොකටද පිළිපදින්නේ..? (නි)
මේ අයගේ ඉල්ලීම් සියල්ල එකට කැටි කරලා බලන්න. එතකොට තේරෙයි මේ අය ආදරේ රටටද? තමන්ටද? කියලා. (නි)
මේවට වග කියන්න ඕනෑ ඡන්දය දීපු මහජනතාවමයි. මම සහය දුන්නේ ආණ්ඩුවට. නමුත් දැන් හිතෙනවා විපක්ෂය දුර්වල වීම රටට අපරාධයක් විදිහට. ප්‍රභල විපක්ෂයක් නැති වුණහම ඕනෑම රටක ආණ්ඩුවට බලය ගැන අභියෝග නැහැ. එතකොට ඒගොල්ල හිතේ හැටියට වැඩ කරනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුවට 60 ක් සහ විපක්ෂයට 50 ක් තිබුණොත් තමයි රටේ බල තුලනයක් වෙන්නේ. දැන් ආණ්ඩුව විපක්ෂයවත්, ජනතාවවත් මායිම් කරන්නේ නැහැ. මේ වගේ අවස්ථා අපේ රටේ රජ කාලේ පවා සිදු වුණා. මම හිතන්නේ ඊළග ඡන්දෙන් ආණ්ඩුවට ලොකු අනතුරු හැගවීමක් කරන්න වෙයි වගේ. වැඩේ කියන්න අනෙක් පැත්තේ කවුද ඉන්නේ වගකීමක් ගන්න පුළුවන්? මෙන්න මේ වගේ වෙලාවකට තමයි තුන් වෙනි පැත්තක් වටින්නේ. මට හිතෙන්නේ 'ජාතික හෙළ උරුමය' වගේ ජාතිමාමක පෙරමුණක් නැවත ඇති වුණොත් නැවත බල තුලනයක් වෙයි. ආණ්ඩුව පෙරළන්න නොවෙයි , මට්ටු කරලා ටොක්කක් දෙන්න ඕනෑ නිසා. (නි)
පවත්නා හෝ පැවති රජයන් පමණක් මීට වගකිව යුතුයයි යමෙකු පවසන්නේ නම් එය මුසාවකි. භික්ෂු සමාජයද ඇතුළුව සමාජයේ සියළුම ස්ථරයන්හි ඇති සාරධර්ම හා ගුණගරුක භාවයේ පිරිහීමත්, රටට වඩා ස්වකීය දේශපාලන පක්ෂ පෙරට තබා උගත් හා වැඩකරන පරපුර කටයුතු කිරීමත්, සමාජය තුළ බලහත්කාරයෙන් පිපිරීමක් නිර්මාණය කිරීමට වාමාංශිකයයි තමාම හඳුන්වා ගන්නා දේශපාලන පක්ෂ කටයුතු කිරීමත් මෙයට හේතුව බව ස්වාධීනව මේ දෙස බලා සිටිනා ජනතාව තේරුම් ගෙන ඇති බව කියමි. (නි)
පවත්නා හෝ පැවති රජයක් පමණක් මීට වගකිව යුතුයයි කිසිවෙක් පවසයිනම් ඒ දේශපාලන කණ්ණාඩියකින් ප්‍රශ්නය දෙස බැලීමෙනි. සමාජයේ සියළුම ස්ථරයන් (භික්ෂු සමාජයද ඇතුළුව) තුළ ඇති වී ඇති පිරිහීමත් ඒ ඒ දේශපාලන ධාරාවන් වැළද සිටින උගත් හා වැඩකරන ජනතාව රටට වඩා දේශපාලන දෘෂ්ඨින් පෙරට තැබීමත් මෙම පරිහානියට හේතුව බව මම සිතමි. (නි)
ඒ ගමන මොනවා ඕනෑ වෙලාද දන්නේ නැහැ. (නි)
ඇයි ජනපතිතුමනි මේ ගැන සොයා නොබලන්නේ? (නි)
රටේ හැම ක්ෂේත්‍රයකම පූශ්ණ; කම්කරුවාගේ සිට රජයේ සේවකයා ව්‍යාපාරිකයා දක්වා ජිවත් වෙන්නේ නොයෙකුත් ප්‍රශ්ණ මැද්දේ. මේ නිසාම මිනිසුන්ගේ මනසත් විකෘති වෙලා. කෙසේ හෝ ජීවත් විමට මිනිසුන් උත්සාහ කිරිමේදි පස් පවම ඔවුන් අතින් කෙරෙනවා. රටේ පවතින මේ භීෂණ රැල්ලට මේ මිනිසුන්ගේ මුලික ප්‍රශ්ණ මූලික හේතුවයි. (නි)
සම්පූර්ණ ඇත්ත. නමුත් උගත්, නූගත් දෙකොට්ඨාශයම කතා කරන්නේ ඵලය ගැන මිස හේතුව ගැන නොවෙයි. (නි)
ඔබවහන්සේලා දේශපාලනීකරනය නොවී ජනතාව ආගම අතින් පෝෂණය කළා නම් නේද හොද? (නි)
ඇයි මේ? එස්.එල්.පි එල්, රගර් මැච්, කාර් රේස් තියෙන්නේ. ඇයි ළඟදීම 20-20 ත් තියනවානේ. තව මොනවද අඩු? අපරාදේ පන්ච මහා බලවේගය මෙහෙම පාරට බහින්නේ. (නි)
පාලන තන්ත්‍රයේ ක්‍රමවේදය වැරදි නිසයි මිනිසුන් මේ විදියට පක්ෂ,පාට වලට බෙදී ගහමරා ගන්නේ. (නි)
එහෙයි නායක හාමුදුරුවනේ, මෙහෙම දේවල් රටට වෙලා තියෙන්නේ පෙරමුණ ගතයුතු ඔබවහන්සේලා නැතුව පංච මහා බලවේගය පාරට බැස්ස නිසයි. (නි)
ඇයි හාමුදුරුවනේ අද එයි හෙට එයි කිය කියා බල බලා ඉන්නේ? හාමුදුරුවො කියලා තියෙන්නේ අද කරන්න ඕනෑ වැඩේ අදම කරන්න කියලා නේද? (නි)
රංජිත්, ප්‍රභාකරන් අහිංසක මිනිසුන් නොමරා හිටියා නම් ඔහු ශ්‍රේෂ්ඨ නායකයෙක්. (නි)
කෙනත්ගේ කතාව හරියට හරි. එහෙත් තවමත් අපි පරක්කු නැහැ. මේවා කාටවත් තේරෙන්නේ නැද්ද, නැත්නම් තේරිලා අපිව ගොනාට අන්දනවද කියල අපිට තේරෙන්නේ නැහැ.කොහොම වුණත් මේ යන රටාව එතරම් හොද නැහැ.අපේ නායක ස්වාමින්වහන්සේලා ගැන කියල වැඩක් නැහැ.අද එකක් හෙට එකක්. අපි දැන් අසරණවෙලා. සමාවෙන්න අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේලාට බැරිද ඔක්කොම එකතුවෙලා අපේ රට හදන්න අනුශාසනා කරන්න. දේශපාලනය නොවෙයි. ඉස්සර රජ කාලේ වගේ, දසරාජ ධර්මය ගැන අපේ රට කරවන්නන්ට කියා දෙන්න,නැතිනම් අපේ හාමුදුරුවනේ අපේ රට ඉක්මණින්ම විනාශ වෙනවා.ඇත්තටම ඔබවහන්සේලගේ වගකීම එය නොවේද. මම දකින්නේ අපේ හාමුදුරුවනේ අයෙමත් ධර්ම සංගායනාවකට කාලේ හරි වගෙයි.මොකද මුලින්ම ඔබවහන්සේලා එක මතයක පිහිටන්න ඕනෑ.වරදක් කියවුණානම් සමාවෙන්න අපේ හාමුදුරුවනේ. (නි)
සමන්, කියපු කතාව තිත්ත නිසා වෙන්න ඇති හාමුදුරුවෝ නරක් වුනේ ..(ස)
රට කොතැනකටද ?.(ස)
ඔබ වහන්සේලා කොහොමත් අවසානෙට එලියට බහින අයනේ....(ස)
ශෝක් අස්චර්යය (දී)
කුල වශයෙන් සිංහලයන් භේද කරන නිකාය භේදය තවදුරටත් පවත්වාගෙන යන බුදුන් වදාල දහමට පිටින් යන මේ සංඝයා ගිහි සමාජයේ ප්‍රශ්න ගැන කථා කිරීම විහිලුවක් .(ස)
දේශපාලන බලවතුන් ඉදිරියේ ඔබවහන්සේලා අසරණයි කියලා අපට හිතෙනවා. (නි)
අපේ හාමුදුරුවනේ, අපි හැමෝම කැමතියි බුදුදහම අනුව ඔබවහන්සේලා කටයුතු කරනවානම්. (නි)
ඔබ වහන්සේලා ප්‍රමාධ වැඩියි....(ස)
අයියෝ සල්ලි
විකාර
අපි දන්න විදියට කෙලින් කතා කරන එකම ස්වාමින් වහන්සේ මල්වතු අස්ගිරි ස්වාමින් වහන්සේයි. (නි)
ජයවේවා
පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ? ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1400 අතරට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් එක් වී නැත. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් වලට අනුව ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන සිම්බාබ්වේ , උගන්ඩා , ඉතියෝපියා වැනි රටවල විශ්ව විද්‍යාල වලට වඩා ගුණාත්මක භාවයෙන් පහළින් සිටිති.පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහෙනු ඇති බවට සමහරු මත පළ කරති. නමුත් දැනටමත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහී ඇත. ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින දරුණු නවක වදය , මානව හිමිකම් උල්ලංඝනය සහ සංවර්ධිත විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව සිසුන් අතර ඇති අඩු සංස්කෘතික පිරිහීම වැනි හේතු කාරණා නිසා ඉහළ මධ්‍යම පන්තික දරුවන් ලංකාවේ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලැබුවද දෙමාපියන් බිය නිසා තම දරුවන්ව ලංකාවේ විශ්ව විද්‍යාල වලට නොඑවති. මෙම දරුවන් බොහෝවිට උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාව, එංගලන්තය ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රට වලට යති. උසස් අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට විශාල මුල්‍ය ශක්තියක් නොමැති මධ්‍යම පන්තික දෙමාපියන් ඉඩම් විකුණා හෝ ළමුන් පිටරට යවා උගන්වති. මේ නිසා වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් පිටරටට ඇදී යයි. පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ඇති කිරීම මගින් වාර්ෂිකව පිටරට ඇදී යන මේ මුදල් මෙරට ඉතිරි කර ගැනීමට හැකි වෙනු ඇත. (නි)
මෙහි ප්‍රතිචාර කියවීමට ඉතාම සතුටුයි. (නි)
හාමුදුරුවනේ, අටපිරිකරක් අරන් එන ඕනෑම කෙනෙක් පිරිත් නූලක් බදින්න සුදුසු නැහැ නේද? (නි)
ඒකනම් සහතික ඇත්ත.....(නු)
සහතික ඇත්ත. (නි)
දේශපාලනය යුක්‌තිය ඉෂ්ට කරන්න දෙන්නේ නෑ. රටේ අධිකරණය අතට ගුලි කරගෙන ඉන්නේ. 18 ව්‍යවස්‌ථාවෙන් පසු තමයි මේ දේ වුණේ. නඩුකාරයන් පත් කරනවා. උසස් වීම් දෙනවා. ඊට පස්‌සේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු පවරනවා. දඬුවම් දෙන්නෙත් එහෙමයි. (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව ..... (නු)
හාමුදුරුවන්ටත් මොනවා හිතිලා මේවා කියනවද මන්දා? (නි)
ඔබ වහන්සේලාත් නිකන් සුළග වගෙයි. (නි)
හිනා කටයි - බත් දෙකටයි. (ස)
ඔබවහන්සේලාගේ කතාව නම් ඇත්ත තමයි. ඒත්? (නි)
දැන්වත් මේ දේවල් මෙහෙම කට ඇරලා කතා කරන එක කොච්චර හොදයිද? (නි)
සහතික ඇත්ත..!!(නු)
මහ නායක හාමුදුරුවො කියන එකනම් සහතික ඇත්ත. සේරම අමු කාලා වගේ. හැම දේකටම දෙන්න ඇමතිවරුන්ට උත්තර තියෙන එකයි හොද. (නි)
කුරේ ඕවා කියන්න ගිහින් අන්තිමට කුරේ බනිස් එක්ක වෙලා නවතියිද දන්නේ නැහැ. (නි)
නියම රජයක්. (නි)
_"අපිත් බලාගෙන ඉන්නවා මේවා අද විසදෙයි හෙට විසදෙයි කියලා". අපිටත් පුලුවන් බලාගෙන ඉන්න නම්. (නි)
මේ ඊයේ පෙරෙයිදා කිවුවා නේද ලෝකයේ සාමකාමීම රට ලංකාවයි කියලා? (නි)
අපේ නායක මහ නාහිමිවරුන් දැන්වත් මේ විනාශයෙන් රට බේරාගන්න ඉදිරිපත් වෙන්න. (නි)
අපේ රටට මොකටද පෞද්ගලික විශ්ව විද්‍යාල? අනවශ්‍ය දේ අනවශ්‍යමයි. (නි)
සහතික ඇත්ත නායක හාමුදුරුවනේ වංචාව, දුෂණය, අල්ලස්, ළමා අපරාද, හොරකම්, අද්දියාපනය බිදවැටීම්,බාල තෙල්, බාල බෙහෙත්,කිසිම සැලැස්මක් නැති පාලනය,රුපියල බිදවැටීම ,මේවා සේරටම පවතින රජය වගකියන්න ඕනා...(නු)
ඔබ වහන්සේලා දිගටම ඔහොම කරගෙන යන්න..!!(නු)
මේ තත්ත්වයට පත් වුණාට මේ අයත් එක පැත්තකින් වග කියන්න ඕනෑ. (නි)
ලංකාදීපයට ස්තූතියි රටේ වෙන ඇත්ත මිනිස්සුන්ට ප්‍රචාරය කරනවට. (නි)
හෙට ජනාධිපතිතුමා ඇවිත් වඳිනකොට මේ කියන බණ වෙනස් වෙයිද අපෙ හාමුදුරුවනේ...... ?(නු)
ගරුතර මහා නායක ස්වාමීන්වහන්ස, රටේ නායකයා පැමිණි වෙලාවට ඔබවහන්සේ ඔය අනුශාසනාව කරන්න තිබුණා නේද?(නු)
ඒ වුණාට දස රාජ ධර්මයෙන් රට පාලනය කරන එකම ආණ්ඩුව මෙයයි. (නි)
හාමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත. (නි)
මේක රජයේ මාධ්‍යවලත් පළ කළානම් හරි..!!(නු)
රජය වගකියන්න ඕනි තමයි... නමුත් මිනිස්සුත් වග කියන්න ඕන.. තමන්ගෙ හැදියාව නැති කරගෙන තියෙන්නෙ තමන් විසින්මයි.. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඔව්වා ඔක්කොම අඩුවෙනවා.. පළමුව දඩුවමට ක්‍රියාත්මක කරන්න ඕන.. (නු)
කාටද ආඩම්බර
මේ පුවත් පළ කරන ලංකාදීපයට ස්තුතියි.. රට මහා විනාශයක..!!(නු)
ඔබ වහන්සේලාට දැංවත් තේරුණ එක ලොකු දෙයක්..!(නු)
නායක හාමුදුරුවනේ පොඩ්ඩක් කියමුද බලන්න එහෙනම් මෙච්චර විනාශයක් වෙනකම් ඔබ වහන්සේලා මොනවාද කළේ.. මම නම් දැකලා නැහැ මේ හාමුදුරුවරු සමාජයේ වැඩක් කරනවා...!! (නු)
අපේ රටේ ආණ්ඩුවක් තියෙනවද මන්දා? (නි)
අනේ හාමුදුරුවනේ, ඕක ඔය අර කෙනා මේ කෙනා එක්ක කියන්නේ නැතුව අදාල අය බැහැදකින්න ආවහම කෙලින්ම වදාරන්නකෝ. වැඩේ ඉවරයිනේ. (නු)
හාමුදුරුවනේ, ඔබවහන්සේලාට මේක තේරුම් ගිය එක හොදයි. (නි)
අපේ ජනපිතතුමාට බැරිද මේ තත්ත්වය වෙනස් කරලා දෙන්න? (නි)
අපේ හාමුදුරුවනේ. මට හිතෙන්නේ ඔබවහන්සේලාට පුලුවන් වෙයි මේවා වෙනස් කරන්න. (නි)