‘පුංචි හදට සුවය දෙන්න‘ මනුෂ්‍යත්වයේ පාගමන අද (14) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ විය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ආරාධිත කලාකරුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එම අවස්ථාවට එක්වූ අතර ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ ශ්‍රද්ධා රූපවහානිය එක්ව එය සංවිධානය කළහ.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුබද්ධව ඉදිකිරීමට යෝජිත හෘද සහ දැඩි සත්කාර ඒකක සහිත දස මහල් ගොඩනඅඟිල්ල ඉදිකිරීම සඳහා ආරම්භ කළ ‘ලිට්ල් හාට්ස්‘ ව්‍යාපෘතිය ශක්තිමත් කිරීම පිණිස මෙම අරමුදල් රැස් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් මේ ව්‍යාපෘතිය සඳහා සහාය දක්වනවා (බ)
පරිත්‍යගශීලී ජනතාව හොඳ හිතින් පරිත්‍යාග කරනවා. ඒක තමයි මෙතන යහපත. නමුත් මේක ජනතාවගේ මිනිස් ශ්‍රමය මිනිස් දින ගණනින් ගණනය කළොත් මෙතනත් විශාල පිරිවැයක් තමයි. මහබැංකු බැදුම්කර වලින් ගහපු මුදල් තිබුනා නම් අර සමහර අයගේ බැංකු ගිණුම්වල තියෙනවා කියන ඒවා ටිකත් ගත්තා නම් මේ වගේ රෝහල් 02 ක් හදන්න පුළුවන්. (නි)
දුප්පතාගේ සල්ලි හුරගෙන, ලකුණු දා ගන්න මෝඩ චුන් තමයි. හිඟන්නාගේ පාත්තරේටම තමයි හෙනහුරොත් පාත් වෙන්නේ. (ර)
ජනක කිව්වා වගේ අපිත් පිටරට ඉඳල මහරගමට පෙට් යන්ත්‍රය ගන්න මුදල් එව්වා දැන් අවරුද්දකට වැඩි නමුත් මුදල්වලට උනදෙයක් හෝ යන්ත්‍රය ගැන කිසිම කතාවක් නැහැ. හොරකන්කරන අයට අසරණ රෝගින් ගැන කිසිම අනුකම්පාවක් නැහැ. (ර)
මහී මහත්තය නම් හොඳ දායකයෙක් බව කතාවෙන් පේනවා. අපි නම් ලෙඩකට බෙහෙත් ගන්නේ සල්ලි ගෙවලා. ඉතින් එක එකාට පිනට සල්ලි දීලා මුදලට බෙහෙත් ගන්න අපට සල්ලි නැහැ. (ර)
හොඳ වැඩකට අපි හොඳයි කියමු(අ) .
විශිෂ්ට මානුෂික ක්‍රියාවක් දු දරුවන් වෙනුවෙන් සැමට වේවා.(ම)
මේකේ සමහරු දන්නේ හැම වෙලාවේම බැන බැන ඉන්න ..සතපහක් අනිත් මිනිස්සුන්ගේ (දවසක අපෙත් වෙන්න පුළුවන් ) සුභාසිද්දියට දෙන්නේ නැහැ ..ලොරි ටෝක් නම් තියෙනවා (අ)
රටේ සම්පත් දුෂණයෙන් තොරව පරිහරනය කළා නම් මෙවැනි හිඟාකෑම් කරන්න ඕනෑ නැහැ. දෙවන ලෝක යුද්ධය අවසාන වෙනකොට මහා බ්‍රිතාන්‍යයට ණය දුන්න ලංකාව, ගල්ඔය මහා ව්‍යාපාරයට එකවර මුදල් ගෙවපු අපේ ලංකාව, දැන් දේශපාලුවන්ගේ දුෂණ නිසා කුඩා දරුවන්න්ට වෙද උපකරණ ගන්න පාරේ හිඟාකනවා. (නි)
සාදු..! සාදු..!! සාදු...!!! බොහෝම හොඳ ආදර්ශමත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "සත්ක්රියාවක්" බොහෝදෙනා බොහෝදේ සිදුකරද්දී මෙවන් පරාර්ථකාමි අදහස් පහළවන්නේ ඉතාමත් උතුම් හදවත් ඇති අයටයි. ශරීරයෙන් මිනිසෙක් ලෙස සිටියත් හදවතින් මනුෂ්‍යත්වය ඉක්මවා දේවත්වය පිළිබිඹුකරන එවැන්නෝ මිහිපිට දෙවියන් ලෙස ආන්වර්ථනාම ලබති. මෙන්ම තමන් දිව්‍යලෝකයට මග හෙලිකරගන්නා අතර තවත් බොහෝදෙනෙකුටද ඒ සඳහා අවකාශ සලසාදෙති. එවන් උතුමන් නිසා ලෝකය සුන්දරවෙති.මෙවන් උතුම් ක්රරියාවන් සඳහා නිරන්තර ප්‍රචාරය ලබාදෙමින් බොහෝදෙනාට දැකබලා බොහෝදෙනාට සිතින් හෝ සම්බන්ධවීමට අවකාශ සාලසාදෙන ලංකාදීප කාර්ය්මණ්ඩලය ද ඒ සාත්කාර්යයේ කොටස්කරුවන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කාළා යමෙක් ගිළනුනට උපස්ථාන කරයිද හෙතෙම තමන්වහන්සේට උපස්ථාන කළාවෙනවාය කියලා. ඒකියන්නේ බුද්ධෝපස්ථානයක්..! මේ තරම් උතුම් ක්රියාවකටයි මේ පිනැති සියළුම දෙනා සහභාගීවන්නේ, උතුම් වු නිර්වාණාවබෝධය පිණිසම හේතුවේවා..! (අ)
හොඳ වැඩක්. ජයෙන් ජය වේවා!! (නි)
කොහොමත් හිඟමනේ යන්න අපේ රටේ අය හරිම දක්ෂයි. ආණ්ඩුවේ ලොක්කන්ට සුපිරි කාර් ගන්න ඕන තරම් සල්ලි තියනවා. රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකර ගන්න ජනතාවම හිඟමනේ යනවා. හිඟන්නන් ගෙන් උණු බත් ඉල්ලනවා කියන්නේ ඕවට තමයි. අනේ හැබෑටම මෙහෙමත් රටක් සහ ඒ රටේ වැසියෝ... (ර)
නිමල්,කුමාර්,බමුණු, ඔබලා හරි.අර නත්තල් ගස් ඇමතිට කිවුව නම් ලොකු ගානක් ලැබෙනවා. මොකද එතන තියනවා අපතේ යන මහජන සල්ලි. (නි)
හොඳ වැඩකට අපි හොඳයි කියමු. (නි)
වයස හැත්තෑව පැනපු කට්ටිය දැන් දැන් වැඩිපුර පින් දහම් කළ යුතුයි. (අ)
කෝ ඔය කියන වෛද්‍ය සංගමය මෙතන ඉන්නවද ? නැහැ මොකද මෙතන ඉන්නේ අසරණ රෝගීන්ගේ වේදනාව දුක කදුල හදුනන මිනිසත් කමින් පොහොසත් ගුණ ගරුක පිරිසක් බවත් මෙම සත්කාරයට අපේ අශිර්වාදය. (ර)
ලක්සිරි, රොෂාන් - හිඟාකෑවත් මේ සල්ලිවලින් අසරණ දරුවන් කී දෙනෙක්ගේ ජීවිත බේරෙයිද. ඔබලා වගේ කුහක මිනිසුන් සිටින තාක් කල් මේ රට කවදාවත් ලස්සන රටක් වෙන්නේ නෑ. තම්න්ගේ දරුවෙකුටත් අසනීපයක් වෙලා යන එන මං නැති වෙන දවසට තේරෙයි.(අ)
කුමාර් නිවැරදියි. රටක බුද්ධිමතුන්ව බය කරවලා නිහඬ කෙරෙව්වට පස්සේ, නුගතුන් රටේ පාලනය මෙහෙයවනකොට මෙහෙම වෙනවා. (ර)
අපේ රටේ දේශපාලඥයන් සොරකම් කරන මහජන මුදල් ඒ වගේම බොරු සෝබන වැඩවලට නාස්තිකරන මහජන මුදල් මේවට යොදවන්න බැරි අයි? (නි)
නිමල්ට වලිගෙ පෑගිලා වගේ.... තව ටිකක් හොයල බලලා අදහස් දැම්මනම් නේද හොඳ... (ර)
අර කාට කාටද කාර් ගෙනෙන්න වෙනකරපු සල්ලි මේකට ගත්තනම්. (ර)
පොලිස්පති තුමා පුළු පුළුවන් වෙලාවට පොලිසිය ගැනත් පොඩ්ඩක් හොයා බැලුවා නම් තමයි හොඳ. (ර)
අවංක පාලනයක් රටතුල ස්ථාපිත උන දවසට රට නිසි තනට එවි ! ජාතික දනය නිසි කළමනා කාරණයක් කෙරුවනම් මෙසේ මග තොට සිගමන් යා යුතුද ? (ර)
කවුරු කවුරුත් හිඟා කාලම තම තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න උත්සහ කරමු නේද? අපරාදේ අර මැතිවරණ වලට වියදම් කරපු සල්ලි? (ර)
රොෂාන්, ප්‍රීති, මෙතන බලෙන් සූරාගැනීමක් නැහැ නේද? කැමති නම් දෙනවා මිසක් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. ඉතින් ඇයි ඔබ කියන්නේ මේක පොකට් එකට තට්ටු කිරීමක් කියලා. ජනතාවට රටේ දරුවන් ගැන හිතන්න පොළඹවන අවස්ථාවක් මෙහෙමවත් ඇතිකරන එක නරකද? මේකට රුපියලක් දුන්නොත් තමන් දුප්පත් වෙනවා කියලා හිතන අයට පුළුවන් නොදී ඉන්න. ශ්‍රද්ධා රුපවාහිනිය කියන්නෙත් මහමෙවුනා අසපුවෙන් ධර්ම ප්‍රචාරය සඳහාම ජනතා සම්මාදමෙන් දුවන ආයතනයක්. (නි)
නාස්තිය අඩු කරානම් අද අපේ රටට මෙහෙම වෙන්නවද? (ර)
උතුම් ක්‍රියාවක්. මෙවැනි වටිනා සමාජීය පුවත් පලකරන ලංකාදීප පුවත්පතට අපගේ ස්තුතිය. තෙරුවන් සරණයි.! (ර)
බැලු බැල්මට හොදයි කියලා පේනවා මොකද පොඩි ළමයින්ගේ හදවත් සැත්කමක් සදහා නේ මේක කරන්නේ කියල. නමුත් අපේ රටේ මිනිස්සුන්ගේ සංවේදී හදවත් විකුණගෙන කෑමක් මේක මොකද මම එහෙම කියන්නේ රටේ හැම අපද වෙලාවකදීම රටේ මිනිස්සු ඉස්සරහට ඇවිල්ල උදව් කරනවා. (ර)
කව්රු කව්රුත් නිකන් සද්ද නොදා පුළුවන් විදියට සුළු හෝ මුදල් ආධාරයක් කළොත් එය මේ ආත්මයේදීම සුබඵල ගෙනෙනු නොඅනුමානයි. මෙහි සේවය කරන්නේ දෙවිවරු. රෝහලට ගියොත් බලන්න පුළුවන් දරුවන්ට වෙලා තියන දේ සහ දෙමාපියෝ විදින දුක් කන්දරාව. (නි)
මුදලට එහා ගිය මිනිස්කමක් මම නම් දකින්නේ. මෙහෙම සහයෝගයෙන් වැඩ කළොත් අපේ ලංකාව මොනතරම් ලස්සන රටක්ද (නි)
සාදු සාදු!!!! දක්ෂයා මල් මාලයක් ගෙතීමට මල් එකතු කරන ලෙස පින් දහම් කර මරණින් මතු උතුම් දෙව්ලොව ඉපදේ. අසත්පුරුෂයා පිනට නිගාකර නිරයේ ඉපදේ. සියලු සත්වයෝ මේ පිනට සිතින් හෝ දායක වෙත්වා. සුවපත් වෙත්වා! (නි)
හොද වැඩක් අපිත් මනුෂ්‍යයෝ අස්ථිර ලෝකයේ (ම)
ඉතාමත් වටිනා සද් ක්‍රියාවක්.සංවිදායක කණ්ඩායමට සහ එයට සහභාගී වු සැමට මගේ ප්‍රණාමය!!! (ම)
සාදු...! සාදු...!! සාදු...!!! උතුම් සත්ක්රියාවක්! දැක බලා සතුටු වී පිං අනුමෝදන් කරගමි. මේ සත්පුරුෂ කටයුත්තට ගරහන කුහකයන්ගේ අසරණ දරුවන්ටද මතුයම් දිනක ඉදිවන මේ රෝහලෙන් සුවයක්ම වේවා! (නි)
මේක හිඟා කෑමක් හැටියට දකින අයට නිකමටවත් හිතුනේ නැද්ද, මේකෙන් ජනතාවට දෙන පණිවුඩය? දරුවන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කරමු කියන එක. මේකට රුපියලක් හරි දෙන කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් නේද තමන් දුන් දායකත්වය ගැන? නැතුව තට්ටු 10 ක ගොඩනැගිල්ලක් කැට සල්ලිවලින් කරන්න බැරි බව නොදන්නා කෙනෙක් ඉන්නවද? (ර)
හරගම පිලිකා රෝහලටත් පෙට් ස්කෑන් එකක් ගන්න මහජන ආදාර එකතුකලා. එක් පින්වතෙක් රුපියල් කෝටි 3.50 ක් දුන්නා. ඒත් තාම වෑඩේ උනේ නෑ වගේ. සල්ලි ටිකටත් විද්දා වගේ. (ර)
මහී මහත්තයට තද උනාට, හිඟා කනවට හිඟා කනවා කියන්නේ නැතිව වෙන මොනවා කියන්නද? ඕකත් අහිංසක අසරණ ජනතාවගේ පොකට් එකට තට්ටු කරන එක්තරා සුන්දර ක්‍රමයක් තමයි. (ර)
තොප්පි වලටයි ටී ෂර්ට් වලටයි වියදම් කරපු සල්ලි කන්දරාවත් අරමුදලට දැම්මා නම් කොච්චර හොඳද (නි)