ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ මුල්වරට ජ්‍යෙෂ්ඨතම නාවිකයා තෝරා ඔහු නාවික පාලක ප්‍රධාන සුළු නිලධරයා ලෙස පත්කරනු ලැබ සිටී.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ අදහසක් අනුව ටී.ජී.එල්.නීල් කරු මෙම තනතුරට පත් කර ඇත. ජ්‍යෙෂ්ඨ පාලක ප්‍රධාන සුළු නිලධරයා ලෙස ඔහු මීට පෙර කටයුතු කළේය.
නාවිකයින්ගේ සුබ සාධනය, පුහුණුවීම් හා පරිපාලන කටයුතු තවදුරටත් කාර්යක්ෂමව කරගෙන යාමට මෙම නව තනතුර පිහිටවූ බවත් අධ්‍යක්ෂ ජනරාල් (පුහුණු) මගින් ඍජුවම නාවික හමුදාපති වෙත නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීමේ වගකීම ඔහුට හිමිවන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා පැවසීය.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)



COMMENTS
ඉතාම අගනා වගකීමක් මේ නිල පුත්‍රයාට පිරිනමලා තියෙන්නේ ඔහුට සුබ අනාගතයක් පතමි සහ අනෙකුත් නිලධාරීන්ට අපගේ උත්තමාචාරය .. (හේ)
සර්, ඔබට අපගේ සුබ පැතුම්! නාවික හමුදාව වෙනුවෙන් ඔබට විශාල සේවයක් කිරීමට හැකියාවක් ලැබේවා! (නි)
මහත්මයාණෙනි, ඔබට උණුසුම් සුබ පැතුම් සමඟ ජයෙන් ජය පතමි! (නි)
මහත්මයාණනි ඔබට උණුසුම් සුබ පැතුම් ඔබට ජයෙන් ජය පතමි (බ)
මේ වගේ දේවල් වෙන්නම ඕනි හමුදාවක පැවැත්ම උදෙසා. යුද්දයක් නැති නිසා පොඩි සෙබල අමාරුවේ වැටෙනවා ඒ අය වෙනුවෙන් මේ වගේ කෙනෙක් ඔනිමි. සුබ පැතුම් (අ)
නියම සුදුස්සා තෝරාපත් කරගත් බුද්ධිමත් නිළධාරීතුමන්ලාට අපගේ උත්තමාචාරය පිරිනමනු ලබන අතර තනතුරට පත්වු ඔබතුමාට අපගේ හද පිරි සුබ පැතුම්! (නි)
නාවික හමුදාපතිතුමනි, ඔබගේ මෙි සුවිශේෂි සේවය අපි අගය කරමු. තවතවත් මෙවන් දෑ කිරීමට ඔබට ශක්තිය ධෙෙර්ය ලැබේවා! (නි)
එතකොට ලාබාලම නිලධාරියෙක් වුණ යෝෂිත? ඒ කාගේ නියමයටද? (නි)
ඔබ දිවි පරදුවට තබා රටත් රටේ ජනතාවත් ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් ගලවාගත් එම එඩිතරභාවයට අදත් අපි පින් දෙනවා. අපිට ඒවා දිවි තිබෙනතුරු අමතක වෙන්නේ නැහැ
නාවික හමුදාපතිතුමනි, ඔබතුමා ගැන මට ආඩම්බරයි (නි)