ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරු ක්ෆ්ර් බිබාස්, පසුගිය 18 වැනිදා, සිය පළමු උපන් දිනය සැමරූ බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.
ක්ෆ්ර් බිබාස්, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින්නේ මාපියන් සහ සිවු හැවිරිදි වැඩිමල් සොහොයුරා ද සමඟය.
හමාස් සටන්කාමීන් මොවුන් ද පැහැරගත්තේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ඊශ්‍රායලට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය.
ඊශ්‍රායලයේ සිටින ක්ෆ්ර් බිබාස් සහ ඔහුගේ පවුලේ අයගේ ඥාතීන්, ඉතා හැඟීම්බරව, පුංචි ක්ෆ්ර් බිබාස් පුතු වෙනුවෙන්, ඔහු නොමැතිව, විශේෂ උපන් දින සාදයක් පැවැත්වීමට ද කටයුතු කර තිබුණු බව වාර්තා වේ.
(සී.එන්.එන්.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පුංචි ප්‍රාණඇපකරු උපන් දිනය සමරයි