බලන්ගොඩ මොරහැල  උඩගන්ගොඩතැන්නේ  ළිදක තිබී වයස අවුරුදු හතරයි මාස දහයක් වයසැති පිරිමි දරුවකුගේ  සිරුරක් සොයා ගත් බව  බලන්ගොඩ පොලිසිය කියයි.

පියා පමණක් ගෙදර සිටියදී මේ දරුවා ළිදට වැටෙන්නට ඇතැයි ද ඒ පිළිබදව ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත්  ඔහුගේ පියා  මනෝ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට නියමිතැයිද පොලිසිය පවසයි.