ඇමෙරිකාවේ කොලරාඩෝ ප‍්‍රාන්තයේ බෝල්ඩර්ස් නගරයේ පළ කැරෙන බෝර්ඞ්මන් කැමරා සති අන්ත සඟරාවේ හිමිකරු අවුරුදු 11 ක දරුවෙකි. ඔහුගේ නම එලී බොර්ඞ්මන්ය. පුංචි එලී 2007 වර්ෂයේදී (ඔහුට වයස අවුරුදු හයේදී) ඇරැඹූ සඟරාවේ 200 වැනි කලාපය මේ සති අන්තයේදී නිකුත්වේ. එලී සඟරාවේ කලමනාකරු, ප‍්‍රධාන කතෘ හා වාර්තාකරුය. පිටු සැලසුම් ශිල්පියා ද, බෙදා හැරිම් කලමනාකරු ද ඔහුය. නගරයේ සතිපතා තම සඟරාව මිලදී ගන්නා නිත්‍ය පාඨකයන් හට ලෝකයේ කාලීන සිදුවීම් නගරයේ ආර්ථිකය මෙන්ම ලෝක සංචාරය පිළිබඳව විශේෂ තොරතුරු ඔහු ලියා පළ කරයි. මේ අතර ලෝකය පුරා දහස් ගණනක මිතුරු මිතුරියෝ පිරිසක් ද පුංචි එලිට සිටිති.
www.dailycamera.com ඔහුගේ අනර්තර් ජාල පුවත්පතයි. කාර්ය බහුලත්වය නිසා අඩපණ වී ඇති එම වෙබ් පත්තරය යළි පණ ගන්වන බව ඔහු පවසයි.


1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාල වගේ ළමයි තමයි අපේ රටටත් ඕන..
පුංචි පුතා හැම දරුවකුටම ආදර්ශයක්..
පුංචි උණත් හපන්