ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිප මූලස්ථානයෙන් එවා තිබෙන සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපි පිළි නොගන්නා බව කියමින් අද (3) කුරුණෑගලට රැස්වූ ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පළාත් පාලන නියෝජිත පිරිසක් එම ලිපි ඉරා දමා ගිනි තැබූහ.
තමන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පමණක් බවද ඔවුහු කීහ. කුරුණෑගල දඹුල්ල පාරේ උත්සව ශාලාවකට එක්වී මොවුහු එසේ විරෝධය පළ කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද මිනිසුන් මේ ගහමරාගන්නේ... (ර)
මූලස්ථානෙට හූ කිව්වෙ මේ කට්ටිය තමයි (බ)
මහින්දගේ පක්ෂයකට මිසක් මහින්ද කිව්වත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට ඡන්දෙ දෙන්නේ නැහැ (ම)
නායකයෝ දැන ගන්න ඕනි පක්ෂය කියන්නේ පාක්ෂිකයන් මිසක් , ඡන්දය ඉල්ලලා පැරදුන මිනිසුන් නොවන වග, (බ)
අම්මා වැනි පක්ෂය විකුණන් කාපු එවුන්ට ජනතාව හු කිව්වේ. උන් ලජ්ජා නෙතුව රෙදි ඇඳගෙන මාධ්‍ය සාකච්ඡා තියනවා. (බ)
මහින්දගේ පක්ෂයෙන් මහින්දම ආවත් අපි ඡන්දෙ දෙන්නෙ නැහැ. අපට රට කාපු හොරුන්ව ආයෙත් බලයට පත්කර ගන්න උවමනා නැහැ. (නි)
කළ දේ පළ දේ. රාජපක්ෂවරු පහුගිය කාලේ දේශපාලන පක්ෂවල් කිහිපයක් කැඩුවා නේද. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොනවා වෙලා තියන්නේ? (බ)
මෝඩ මිනිස්සු...මේ අයට වෑඩ නැද්ද? අනික් මිනිස්සු පණ දාගෙන වැඩ කරන්නෙ මුන් වගේ නිකමුන්ට කන්න දෙන්න තමයි. (බ)
මෙහෙම ලංකාවේ ඉන්නවාද කියා සිතා ගත නොහැකිය? (බ)
ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩ වුනොත් එ්කෙන් වාසිය කාටද කියල හිතල නේද වැඩ කරන්න ඕනෑ...(බ)
හැම කෙනෙකුටම තමන්ගේ අදහස කියන්න පුළුවන්..දැන්වත් මිනිස්සු ඉල්ලන දේ ගැන ශ්‍රී ල නි ප නායකයෝ දැන ගත්තොත් හොදයි.. නැත්තම් ඡන්දෙදි යන එන මං නැතිවෙනවා..(බ)
අනේ මන්දා වැදගත් කියන කට්ටිය හැසිරෙන හැටි? (නි)