රංජන් කස්තුරි
පළාත් පාලන ආයතනවලට පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණයෙන් කොටසක් රජයේ මුද්‍රණාලය වෙත අද (09) රාත්‍රීයේ යැවූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සංධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන පක්ෂවලින් සමානුපාතික ලැයිස්තුවෙන් පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛණ කිහිපයක් අද පස්වරුව වන තෙක් ලැබී තිබු හෙයින් ඒවා රජයේ මුද්‍රණාලය වෙත යැවූ බවද මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලංකාදීපයට පැවසීය.
පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන්ගේ නාමලේඛණ ඇතුළත් ගැසට් නිවේදනය ලබන සතියේදී නිකුත් කෙරෙනු ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් අතට පළාත් පාලන මැතිවරණ පැවැත්වූයේත් නියමිත කාලයට වඩා අවුරුදු දෙකහමාරකට පසුව බැවින් ප්‍රතිඵල දෙන්නට මාසයක් ගතවීම එච්චර ගණන් ගත යුතු දෙයක්වත් නොවේ යැයි යහපාලන සිවිල් සමාජයේ විද්වතුන් විසින් ඉදිරි දිනක කියන්නට වුණත් බැරි කමක් නැත.
ඡන්දයට පෙර ගම ගොඩ නැගීම සඳහා නිසි වැඩ පිළිවෙලක් ඔබ සතුව ඇති පවසූ නිසාවෙන් ඉක්මනින් එය ඉටු කිරීමට යොමුවන්න. රුපියල් 15000/= දීමනාව පොදු අරමුදලකට බර කර ජනතා සේවය කරන්න. අපි දල්වූ දෑසින් බලා සිටිමු.
එතකොට වාහන ටික කවදද දෙන්නේ