ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ළමා කාලයේ සොඳුරු තැන් ඔස්සේ ලියැවුණු ‘පුංචි ඇන්ජලෝ’ ළමා කෘතියේ කවරය කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්විණ.
සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සමාජ සත්කාරයක් ලෙස ළමුන් අතර කියැවීම පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් මෙම කෘතිය සකස් කෙරේ.
ආසියානු සහ අප‍්‍රිකානු රටවල සාක්‍ෂරතාව ප‍්‍රවර්ධනය කිරීමේ සහ අධ්‍යාපනයේදී ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් ක‍්‍රියාකරන ජාත්‍යන්තර රාජ්‍ය නොවන ආයතනයක් වන රූම් ටු රීඞ් ආයතනය සහ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව එක්ව මෙම කෘතිය සම්පාදනය කරයි.
මැතිව්ස් වයස 10 දී තීරණාත්මක ක‍්‍රිකට් තරගයකට මුහුණ දෙන ආකාරය හා එයින් ඔහුගේ ඉදිරි ගමන තීරණය වන ආකාරය පිළිබඳව කියැවෙන මෙම ග‍්‍රන්ථය පළමු සහ දෙවැනි ශ්‍රේණිවල සිටින සිසුන් වෙනුවෙන් නිර්මාණය කර තිබේ.
දයාන් සෙනෙවිරත්න මහතා රචනා කරන ‘පුංචි ඇන්ජලෝ’ කෘතියේ චිත‍්‍ර නිර්මාණය අනුර කීර්ති ගමගේ මහතාගෙනි. කෘතිය මෙම වසර අවසන්වීමට පෙර එළිදැක්වීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ ක්‍රීඩකයෙක්. ඔබට දිගු ගමනක් තිබෙන බව අපට පැහැදිලියි. මගේ හදපිරි සුබපැතුම්.මෙවැනි අයට අපහාස කරන්නෙ තමන්ට තමන්වවත් වටින්නෙ නැති අය.(නු)
මීට වඩා කොච්චර අය ඉන්නවද ළමාකලය ගැන තොරතුරු දැනගන්න..(ස)
ඉතාම හොදයි..!!(නු)
ගොඩක් හොද දෙයක්. (නි)